Saturday, February 6, 2021

Time of Death මියගිය වෙලාව - 2

 










Time of Death මියගිය වෙලාව - 02

 

පශ්චාත් මරණ වියෝජනය හෙවත් පුතිභවනය

පශ්චාත් මරණ වියෝජනය හෙවත් පුතිභවනය සිරුරේ මුදු පටක විනාශයට පත් කරන අතර එය ආරම්භ වන්නේ අභ්යන්තරයෙනි. ක්රියාවලියට ආහාර මාර්ගය නාසා ග්රසනික මාර්ගයේ සිටින බැක්ටීරියා දායක වෙනවා.. සිරුර මතුපිට තුවාල ඇත්නම් ඒවායින් බැක්ටීරියා පරිසරයේ සිට සිරුර තුළට ඇතුල් වෙනවා.  ශරීරයේ ස්ථුල බව, තිබුණු ආසාදක තත්වයන්, නිදන්ගතව පැවති හෘද අකරණිය,  ශරීරය මරණයට පෙර ඉදිමි තිබුණාද යන සාධක පූතිභවනය වේගවත් කරනවා. මරණය වේලාවේ අධික රුධිර වහනය හෝ  අධික ලෙස සිරුර විජලනය වී තිබුණාද යන සාධක මත පූතිභවනය පමා වෙනවා. කලින් දැක්වූ පරිදි උෂ්ණත්වය අඩු වැඩි වීම මතත් පුතිභවනය වන වේගය වෙනස් වෙනවා. පුතිභවන ක්රියාවලියේදී පිටවන වායු එකතුකර මරණය සිදුවූ වෙලාව තීරණය කිරීමට යොදාගන්නවා. එය Brouardel method ලෙස හඳුන්වනවා. අනුව මරණයෙන් මුල් පැය 24 දී පිටවන වායු දහනය වන සුළු නැහැ. උදාර වායු දහනය වන සුළු නැහැ. දෙවැනි තෙවැනි දිනවල පිටවන වායු දහනය වෙනවා. පස්වැනි දිනයේ සිට නැවත දහනය වන සුළු නැහැ.

මේ අතර  පුතිභවන වර්ණ වෙනස්වීම සෞම් කලාපයේදී මරණයෙන් පැය 24 - 36 අතරත් නිවර්තන කලාපයේ මරණයෙන් පැය 12 - 24 අතරත් ආරම්භ වෙනවා. එයට හේතු මේවයි.

1. හිමොග්ලොබින් බිඳ වැටීම

2. රුධිර වාහිනී හා පටක තුළ ආහාර මාර්ග බැක්ටීරියා නිසා හයිඩ්රජන් සල්ෆයිඩ් වායුව සෑදී එම වායුව හිමොග්ලොබින් ඇතුළු වෙනත් හීම් අඩංගු ප්රෝටීන සමග ප්රතික්රියා කිරීම.

 

එය මුලින්ම සිදුවන්නේ උදරයේ පහළ කොටසේ.  එයට බලපාන හේතුව නම් උන්ඩුකයේ අධික බැක්ටීරියා ගහනයක්  සිටීම. ස්ඵටික පතුරු වගේ රටාවකට සිරුරේ මේවා ඇතිවෙනවා. මේකට කියනවා Marbeling Effect කියලා. මේ ස්ඵටික ඇතිවීම තුන්වෙනි දවසේ ආරම්භ වී ශරීර අභ්යන්තරයේ රුධිරය තිබේ නම් දින 35ක් පමණ තියෙන්න පුළුවන්. මේ රුධිර ස්ඵටික මරණය සිදුවූ වෙලාව සොයාගන්න යොදා ගන්නවා. ඒකට කියනවා Westernhoffer-Rocha-Valverde ක්රමය කියලා.

ස්වයං ජීර්ණය ( Autolysis)

මුලින්ම සිදුවන  ප්රථම පශ්චාත් මරණ විපර්යාසය ස්වයං ජීර්ණය ( Autolysis)නමින් හඳුන්වනවා .  එහිදී සිදු වෙන්නේ  බැක්ටීරියා වල බලපෑමක් නැතුව මල සිරුරේ සෛල වලම තියෙන එන්සයිම වලින් පටක ස්වයංවිනාශයට පත් වීම.  ස්වයං ජීර්ණයේ අතුරු ඵලයක් ලෙස ඇතිවන එක අතුරු ඵලයක්  හැටියට ඇසේ කාචරසයේ පොටෑසියම් එක්රැස් වීමක් { Vitreous Humor Potassium (VHP) }  වෙනවා, පළමු පැය 20 ඇතුලත. අනිකුත් සාධක සමග මේ VHP  වල මිනුම් ද  මරණය සිදුවූ වෙලාව සොයාගන්න යොදා ගන්නවා.

පශ්චාත් මරණ පටක පැවැත්මේ වේගයත් ( Postmotum Tissue Survival Rate)  එම PMI සඳහා යොදා ගන්නවා. මරණයෙන් පස්සේ සිරුරේ පටක මිය යන්නේ විවිධ කාල ප්රන්ත්රවලයි. උදාහරණයක් වශයෙන් ශුක්රාණු සෛල මරණය සුදුවී  පැය 36කට පමණ පසුවත්  චාලක භාවය පෙන්වනවා. පැය හයකට පසුවත් පේශි විද්යුත් හෝ යාන්ත්රික උත්තෙජයකට ප්රතිචාර දක්වනවා. මරණයෙන් පැය හතරක් යනකම් ඇසේ තාරා මණ්ඩලය අට්රොපින් මගින් විස්තාරණය කරන්න පුළුවන්. සුදු රුධිරාණු වර්ග මිය යන්නේ පහත PMI වේග පරිදියි. පළමු පැය 5 = 8%, පැය 30ක් ඇතුළත 58%, පැය 70 ඇතුළත 95% වශයෙන්.

  එළිමහනේ ඇති මළ සිරුරු වලට විවිධ චර්යා රටා හා ජීවන චක් ඇති කෘමීන් ආකර්ෂණය වෙනවා.මේ  අධිකරණ  කෘමි විද්යාව ( Forensic Entomology)nමරණය සිදුවූ වෙලාව දැනගන්න යොදාගන්නවා. එය මීළඟ ලිපියෙන්.

(Ref. Encylopedia.com)(Thanks to Ann Danilina for the image on Unsplash)

No comments:

Post a Comment