මේ තරම් බත් කන්න ඕනද?
අද ලංකාවේ හාල් මිල ගැන ලොකු කතාබහ යනවා පේනවා. අපි ඉස්සර පුරුදු වෙලා හිටියේ බත් ගොඩක් කන්න. පිඟාන මැද බත් හා මාළු කෑල්ලක්, එළවළු දෙක තුනක් වටේට දාගෙන තමයි කන්නේ. කොච්චර බත් කනවද කිව්වොත් සමහර රස දෙයක් තිබුණොත් බත් මරන්න පුළුවන් කියලා කතාවකුත් තියෙනවා. උදාහරණයක් විදිහට "ෂා නියම අඹ මාළුව. බත් මරන්න පුළුවන්".
අමුත්තෙක් ආවත් අපේ අම්මලා ආත්තම්මා ඒ අමුත්තගේ පිඟානට එපා කියද්දි තව බත් මාළු එළවළු බෙදනවා. ඒ ඔවුන්ගේ ආගන්තුක සත්කාර විදිය.
මං ඒ ක්‍රමය කළේ නෑ. තව ඕන නම් කන්න කියලා ආරාධනා කළා. ඒත් බෙදන්න ගියේ නෑ. ඒක මගේ ආගන්තුක සත්කාරයේ අඩුවක් කියලා හිතපු අයත් ඇති.
ඇත්තටම උස්මුරුත්තාවට එනකම් කන එක සෞඛ්‍ය සම්පන්න නෑ. ආහාර වෙලේ කාබෝහයිඩ්රේට් ප්‍රමාණය අඩු කිරීම ක්‍රමයෙන් කරගන්න පුළුවන්. එක පාරට බෑ. එහෙම කරලා දැන් මං බත් හැන්දකට වඩා කන්නේ නෑ. මස් කැබැල්ලක්, මාළු හෝ ඉස්සෝ වගේ ප්‍රෝටීන දෙයක් එළවළු සලාද පළතූරු තියේ නම් ඒවා එක්ක තමයි දැන් මං කන්නේ. එයින් ලැබෙන සැහැල්ලු බව සිතට වගේම ගතට සහනයක්.
සමහරු හිතන්නේ සීනි විතරයි නරක කියලා. සීනි ලුණු පිටි (sugar, salt, starch) තුනම නරකයි. අපි කන අලබතල බත් ඇට වර්ග සේරගෙම තියෙන පිටි ඇඟේ දී අන්තිමට සීනි වෙනවා. සීනි ඇඟෙන් ඉවත් කරන්න ඉන්සියුලින් වලට ලොකු බරක් එනවා. ඒක අන්තිමට දරන්නට බැරි වෙනවා. තරබාරු වීම දියවැඩියාව ඊළඟ පෝලිමේ එනවා.
සමබර ආහාර පිඟානක් ඉල්ලුවම මට Meta AI දුන්න එක රූපයේ පෙන්වා තිබෙනවා. නමුත් මට නම් මෙයින් බාගයක් වත් කන්න බෑ. මේ වගේ පිඟානක් ලැස්ති කරන්න ලංකාවේ වැඩිමනත් ජනතාවකට බෑ. නමුත් තියෙන සම්පත් එක්ක රටට ප්‍රදේශයට ගැළපෙන විදියට කර ගන්න උනන්දුව ඇති නම් බැරි කමකුත් නැතැයි හිතනවා.
වරක් ජේ. ආර්ගෙන් පුවත්පත් කළාවේදියෙක් ඔහුගේ දීර්ඝායුෂ ලැබීමේ රහස ඇහුවා. ඔහු දුන්න උත්තරේ තමයි, කෑම වේලක් කාලා ඉවරවෙලා ඉන්නකොට තව කවුරුහරි හදිසියේ කෑම කන්න ආරාධනයක් කළොත් කන්න පුළුවන් තරම් බඩේ ඉඩ තියගැනීම කියන එක.
ReplyDeleteමගෙ යාලුවෙක් කිව්ව පිගාන ඉමැජිනරි විදිහට කොටස් හතරක බෙදලා..එක කොටසක බතුත් අනෙක් කොටස් වල පිලිවෙලින් මස්, එලවලු , කොල, දාගෙන කන්න කියලා
ReplyDelete