කන්‍යා භාවය Virginity
කන්‍යා භාවය පිලිබඳ
බොහෝ ගැටළු පවුල් වල ඇති බව
මුහුණු පොත් කාන්තා සමුහ
යන්හි පළවූ පෝස්ට් වල
තිබූ නිසා ඒ ගැන
යම් පැහැදිළි කිරීමක් කිරීමට හිතුවා. බොහෝ දෙනා හිතන්නේ
කන්යා පටලය ආරක්ෂිතව
පිහිටීම කන්යා භාවයේ
සලකුණ කියලා.
කන්යාවක් කියන එකේ තේරුම ගත්තොත් පෙර ලිංගික සම්බන්ධතා/හැසිරීම් නොතිබූ ( woman not having sex) කෙනෙක්
යන අර්ථය නේ තියෙන්නේ. නමුත්
මෙය ඉතාම සංකීර්ණ දෙයක්.
තේරුම් කරන්න අමාරුයි. Sex නැහැ කියන එක
මානසිකව නම් වෙන්න බැහැ.
ඕනෑම සාමාන්‍ය ස්ත්රියකට
එම හැඟීම් එනවා. එමෙන්ම සමහර ස්ත්රීන්
ස්වයං ලිංගික තෘප්තිය ලබනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම තම
පෙම්වතුන් සමග යෝනි මාර්ග
ප්රවිෂ්ටය නැති වෙන විදියේ
ලිංගික හැසිරීම්වල ( oral and anal
sex) යෙදෙන්නත් පුළුවන්. එහෙම අයගේ කන්යා පටලය තිබූ
පමණින් ඔවුන් ‘කන්යා’ යන
අර්ථ කථනයට ගැලපෙනවා ද? විවාහ වූ
පසුවත් යම් යම් හේතු
මත යෝනි මාර්ග ප්රවිෂ්ටය නැතිව වෙන විදියේ ලිංගික
හැසිරීම් දක්වන අයත් ඉන්න පුළුවන්.
එතකොට ඒ ස්ත්රීන්
හැමදාම කන්යාවන් ද?
ස්ත්රී දුෂණයකදී
sex කරනවා කියල දෙයක් වෙන්නේ
නැහැ. sex කරනවා කියන්නේ දෙදෙනාගේම කැමැත්ත මත සිදුවෙන දෙයක්
නිසා. නමුත් දුෂණය කදී කන්යා
පටලය ඉරී යන්න පුළුවන්.
ප්රථම ලිංගික යෝනි
මාර්ග ප්රවිෂ්ටයේදී කන්යා පටලය ඉරි
යාම නිසා වේදනාවක් සමග
රුධිර පිටවීමක් වෙන්න පුළුවන්. නමුත් හැමෝටම එහෙම වෙන්නේ නැහැ.
එහෙම නොවීම නිසා මධුසමයේ දීම
විවාහය දෙදරා යාම සිදුවෙන බව
පෙනී යන අවස්ථා හමුවෙනවා.
නැත්නම් එදා ඉඳලම පවුල්
ප්රශ්න ඇතිවෙලා ජීවිත
කාලෙම දුකෙන් ගත කරන අය
ඉන්නවා. මෙය මහා ඛේදවාචකයක්.
පුරුෂයින් විවාහයට පෙර කිසිම ලිංගික
හැසිරීමක් බින්දුවක් වත් නොවූ ස්ත්රීන් පතන්නේ ඇයි
? ඉදිරි සාර්ථක විවාහයකට එයින් ඇති පලය කුමක්
ද ? හොඳ කන්යා
පටලයක් තිබීම තහවුරු වීම ඉදිරි ජීවිතය
සාර්ථක වීමට වඩාම වැදගත්
සාධකයද? එහෙම තිබුණු ස්ත්රීන් පසුව වෙනත්
සම්බන්ධතා ඇති කර ගන්න
බැරිද? කන්යා පටලය
නොතිබීම ඉදිරි සාර්ථක පවුල් ජීවිතයකට හානියක් කරනවා කියල සොයාගෙන තියෙනවද?
අනික් මතක් කළ යුතු කරුණ තමයි අද කන්යා පටලය අලුත්වැඩියා කරන්න පුළුවන් කමක් ද තියෙන බව. මුදල් තියෙන අයට මේ ප්ලාස්ටික් සැත්කම කරවාගෙන ආයෙමත් වතාවක් 'කන්‍යාවක් ' බව පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අද සමාජයේ කන්‍යා භාවයත් මිළදී ගන්න පුළුවන්. මේ නිසා විවාහ අපේක්ෂිත තරුණයන් තව දුරටත් මේ දේවල් කර පින්නාගෙන යාම ගැන හිතන්න වෙනවා. ඒ තරුණයන් ද තමාගේ ද විවාහයට පෙර සම්බන්ධතා තිබුණා නම් තමන් ඔය කියන කුමර බඹසර නොරැක්කා නම් තම සහකාරියගෙන් පමණක් විවාහයට පෙර කිසියම් හෝ ලිංගික නිදහසක් භුක්ති විඳීම මහා අපරාධය සේ සිතීම හා සුපිරිසිදු පවිත්‍රත්වයක් ඇයගෙන් බලාපොරොත්තු වීම සාධාරණ ද යන්නත් සිතා බැලිය යුතුය. සෑම පුරුෂයෙක්ම වාගේ ස්වයං ලිංගික තෘප්තිය ලබති. එසේ නම් ස්ත්රී පාර්ශ්වයට පමණක් ලිංගික නිදහසක් භුක්ති විඳීම නුසුදුසු වන්නේ කෙසේද? මගේ පුද්ගලික අදහස නම් දැරියන් තමන් යම් පරිණත අවධියකට එනතෙක් ලිංගික හැසිරීම් පාලනය කරගැනීම මානසික මෙන්ම සෞඛ්‍යමය වශයෙන් වාසිදායක වන බවයි.
කාන්තාවනි! කෙසේ වුවත් තව දුරටත් හණමිටි වලට ආදරය කරන ආදරයෙන් හණමිටි කරපින්නාගෙන යන පිරිස් බහුල බැවින් අවසාන වශයෙන් එවැනි පුරුෂයන්ට ඔබ මේ යෝජනාව කරන්න කියල මම කියනවා. ඒ තමයි ඔහු තදින්ම කන්‍යාභාවය යනු කන්‍යා පටලයේ පිහිටීම යයි සිතනවා නම් විවාහයට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී ඔබේ (විවාහ අපේක්ෂිත තරුණියගේ) එය තිබේදැයි ඔහුට නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලස්වන ලෙස කියන්න. එවිට ඔහුගේ කුතුහලය සංසිඳී අවසානයේ ඔබට සිදුවන අසාධාරණය වළක්වා ගන්න පුළුවන් වේවි. හැබැයි කිසිම විටක ඔබේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමට කියා විවාහ අපේක්ෂිත පුද්ගලයාට ලිංගිකව ඔබ සමග හැසිරීමට ඉඩ දෙන්න එපා. එසේ ඉඩදීමෙන් පසු කාන්තාවන් අත්හැර දැමූ පෙම්වතුන් ගැනත් මා කියවල තියෙනවා. දෙදෙනාගේ ආදරය මත එක්වීම යනු කුමක්ද කපටි අදහසකින් එක්වීම යනු කුමක් ද යන්න තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබේ කල්පනාකාරී වීම හුඟක් වැදගත් වෙනවා. අද ලෝකය රැවටීම් හා රැවටවීම් වලින් පිරිලයි තියෙන්නේ.
(Thanks to Dainis Graveris for the image on Unsplash)
මෙතැනින් නොනවත්වා තවත් blog වල සහ රට වටේ පලකල යුතු වටිනා ලිපියක් මහත්මිය ! . අපේ මිනිස්සු වලෙන් ගොඩ එන කාලයක් හිතාගන්න බැහැ
ReplyDeleteThank you for the positive comment
Deleteඒ වගෙම ක්‍රීඩා කරන සමහර තරුණියන්ගෙත් මේ පටලය කැඩීම වෙනව කියල අහල තියෙනව.
ReplyDeleteසුපිරිසිඳු බව හොයනවනං ඉතින් ඒක දෙපාර්ශවයටම අදාළ වෙන්න ඕන.
සැක සංකා තියෙන අයට අර කිව්ව විදිහට, කලින් වෛද්‍යපරීක්ෂනයක් කරල පෙන්වන එක හොඳයි 😄
Thank you for the positive comment
Deleteවැඩි දෙනෙක් කතා නොකරන, වැදගත් තොරතුරු සහිත හොඳ ලිපියක්.
ReplyDelete+++++++++++++👌🙏
Thank you for the positive comment
Delete