පරණ ගෙදර මතක
(ලන්ඩන් කවි 2026 ජූලි මස කලාපයේ පළවූ මගේ කවිය)
කණු මත රැඳුණ වහලේ විය ඉදිරි පස
ගල් පඩි මතින් ආලින්දය මුල් කොටස
ටීපෝවක් හා පුටු කීපයකි අබියස
දිග බංකුවක් තිබුණා එහි අනික් පස
මිදුලේ ඉදිරිපස වැවු තණකොළ බිස්සේ
මිනුම්දෝරුවන් හැංඟී සිට ඉස්සේ
සද්ද නැතුව ඇලුණොත් පයැඟිලි අස්සේ
ලේ සලකුණුය ගෙට ගොඩවුණු අවුඅස්සේ
ඉහළට අකුළලා යට ලීයේ රැඳුණූ
හිරිකඩ වෙලාවට පහළට දිග ඇරුණූ
පැළලි දෙකකි බට පොතුවලින් වියවුණූ
මතකය අවුළුවයි තව තව මග හැරුණු
ආලින්දයෙන් සාලයට ඇතුළුවෙන දොර
ගෙතූ තිරයකින් වෙන්වුණා හැඩකර
සාලය මදක් අඳුරුයි ජනෙල් අඩුකර
බිත්ති පුරා මඟුල් පින්තූර විය බර
බෝක්කුව කියූ ලොකු පිවිසුම ඔස්සේ
බරාඳය නැමැති කොටසකි අග්ගිස්සේ
කෑම මේසෙ හා පුටු එහි නොවලස්සේ
දෙපස නිදන කාමර තිර රෙදි අස්සේ
වැහි පීල්ලකින් එකිනෙකට යාවුණූ
ගෙවල් දෙකක් විය වහලයෙන් හාවුණූ
පළල් දිගු පිළකි දෙපසින් නොවැහුණූ
ඊළඟ ගබඩාව හා කුස්සියයි ඉඳිවුණූ
කිසිතැන කිසි දිනක දැක නැති පිඟන් ඇඳ
ගබඩාවේ පැත්තක පිඟන් එහි මැද
ඉපැරණි බූලි හැඳි හා අනෙක් දේ ඉඳ
තිබුණේ අපේ ගෙදරද කොහෙද විතරද
ගැඹුරු ළිඳෙන් ඇදගෙන විත් තාලයක
වතුර කළ පසෙක පිළ මත පේළියක
සෝදා වළං වේලන එක තට්ටුවක
වළං මැස්ස මිදුලේ විය තීරුවක
නිතරම දැලි බැඳුණු කේතලය රත් කළ
කුස්සියෙ බිම ගල් වලින් බැඳුණු ළිප්වල
දුම් වැද උඩින් දුම්මැස්සක මුට්ටිවල
අටුකොස්, ගොරක ආදී දේය රැස් කළ
දුම්මැස්සට උඩින් උණ කඳන් අතුරලා
හදපු තට්ටුවේ වී ගෝනි පුරවලා
මීයන් හැංඟිමුත්තන් කෙළපු හැංඟිලා
අපි පොඩි එවුන් උන් අප සැවොම බය කළා
දහවල පිළේ තේ දළු අතුරා තිබුණී
මැලවුණු දළු හවස ගෝනිවල පැටවුණි
අත් ට්රැක්ටරයකින් ෆැක්ටරියට යැවුණි
තේ කොළ අපට ඒ ෆැක්ටරියෙන් ලැබුණී
ලස්සන කවි ටික. ඉස්සර ගමේ ගෙයක් මතක් වුනා.👌💐🙏
ReplyDeleteAI පිංතූරෙ ලස්සනට ඇවිත්. ඒත් වයසක ජෝඩුව එලියට දාලා, ගෙදර දොර,ජනෙල් වහල.😮🤣
ස්තූතියි බස්සා අගය කිරීමට. පින්තූරය ලන්ඩන් කවිය මගින් තමයි හදලා තිබුණේ. අපේ ගෙදර නම් ටිකක් මාටින් වික්රමසිංහයන් ගේ කොග්ගල ගෙදර වගේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සන කවි පෙළක්. අතීතයේ ගම වල ලස්සන මතකයන් හිතේ ඇඳුනා.
ReplyDeleteD.G.M බසුරාළ තමා මට පාර පෙන්නුවේ. බොහොම ස්තුතියි. බසු රාලේ.
නිවාඩුවක් ලැබුනොත් මගේ නිවහනටත් ගොඩ වෙන්නකෝ.
https://sithiwilimanpetha.blogspot.com/
ස්තූතියි ලියෝනි මගේ කවිය අගය කිරීම ගැන. මේ කවියෙන් කියවෙන්නේ උනන්විටිය නමැති ගමේ මගේ පියාගේ නිවස ගැන. අද ඒ ගෙදර නැත. ඒ වෙනුවට නවීන නිවසක් එතන ඇත.
Deleteඔයා කැමති නම් අපේ srilancan.ca සඟරාවට ඔයාගේ කවි උපුටා ගන්න මම කැමතියි. වැඩි විස්තර සඳහා මැසෙන්ජර් හරහා මට පණිවිඩයක් තබන්න. මම ලියෝනි අමරතුංග.
Delete++++++++++++++++++++
ReplyDeleteThank you
Deleteහරිම ලස්සන කවිපෙළ. මට අපේ අම්මගේ මහගෙදර මතක් වුනා. ඒක තාම තියෙනවා. ඒත් දැන් නිකම්ම ගබඩාවක් විතරයි. දෙවියනේ ඒකෙ මතක සටහන්...............
ReplyDeleteස්තුතියි කුමුදු ....මට මහ ගෙවල් දෙකක් තිබුණා . මේ තාත්තා ගේ ගෙදර ගැන විස්තර....ඔව් මතක ගොඩක්
Delete