Sunday, October 21, 2018

ආදරේ කතන්දරේ






ආදරේ කතන්දරේ

රන් ඉරක් නැගී වළා                          කුළින්   කුළේ

නිල්වළා හැපී ගිරී                                කුළින්   කුළේ

වැහි බිඳු ගලා ගලා                         පෙළින්  පෙළේ

මහා ගඟක් වුණා                       අපේ කතන්දරේ


හමු වෙවී වෙන් වෙවී                          නිරන්තරේ

ලං වෙවී තුරුල් වෙවී                           වරින් වරේ

මල් සිනා සලා සලා                 තොලින් තොලේ

මිමිණුවා ආදරේ                                කතන්දරේ


මල් පිපී දිලී දිලී                                 තුරින්  තුරේ

රොන් සුනු සුවඳ දී                            මලින් මලේ

මී මැසී ගායනා                             පෙළින් පෙලේ

සුන්දරයි ඒ කියූ                                 කතන්දරේ



විහඟ ගී ගායනා                             සරින් සරේ

ද  පවන් හමා ගෙනේ                   රළින් රළේ

ගී හඬක් නැගී කොවුල්              තුඩින් තුඩේ

ඒ ගයන්නෙ                       ආදරේ කතන්දරේ 

© 2020 Malini Ganewatta


Photo by Bruno Sousa on Unsplash





No comments:

Post a Comment