Thursday, October 25, 2018

රෝස මල් වලටත් වඩා සුන්දර පුංචි දරුවෝ ......


රෝස මල් වලටත් වඩා සුන්දර පුංචි  දරුවෝ ......

මං 'රෝස මලේ නටුවේ කටු' පොස්ට් එකේ කිව්වා මගේ ලස්සන baby රෝස පැළය ගැන. ඒක මැරුනනේ. සුදු දෝනිට රෝස පැළයක් හදන්න පුදුම ආසාවක් තිබුනේ.

 ....'අනේ ආච්චී අම්මේ අපි අර මල් පැල වෑන් එකෙන් හරි රෝස පැළයක් ගනිමු' කියලා සුදු දෝණි කිව්වා.

ඉතින් මං ළගදි දවසක වැන් එකෙන් කහපාට baby රෝස පැලයකුයි තව රෝස පැලයකුයි මිලදී ගත්ත.
ඒවා පෝච්චි වල පැල කරෙත් සුදු දෝණි හා සනු එක්ක. කෙසෙල් ලෙලි පොඩියට කපල ඒවාට වතුර දාල දින කීපයක් වහළ තියල ඒ වතුර හා බිත්තර කටු පැල වලට පොහොර විදියට දැම්ම. ඉතින් ටික දවසක් ගෙවිල ගිය. පසු ගිය දාක මං ගමනක් ගිහින් එනකොටම දරුවො දෙන්න එක හඬින් කෑ ගහනවා .

'ආච්චි අම්මේ, ආච්චි අම්මේ එන්නකෝ ඉක්මනට බඩුවක් පෙන්නන්න.'

ඉතින් මං හනි හනික උඩට ගිහින් බැලුවා.

 රෝස පැල දෙකේම මල් පිපිලා.

'බලන්න ආච්චි අම්මා ...ඒ මල් අයිස් ක්‍රීම් සුවඳයි ....'  ඉතින් මං මල්වල සුවඳත්  බැලුවා.
මල්වල පින්තුරත් ගත්ත. දරුවෝ ප්‍රීතියෙන් ඉපිලෙනවා.
'මේ මල් හැදුනෙ කොහොමද ආච්චි අම්මා?'
'අපි පොහොර දැම්මනේ ...'
'ඒවා කොහොමද ගහට යන්නේ ? '
'ගහේ මුල් තියෙනවා ...ඒවායින් පොහොර උරාගෙන ගහ ලොකු වෙලා හැදෙනවා.මල් පිපෙනවා.'
'අපි කෑම කෑවහම අපිත් ලොකු වෙනවා නේද?'
'ඔවු  අපි කෑම කෑවහම බඩේ දී ඒවා දිරවලා ඇඟට උරාගන්නවා. එතකොට පොඩි ළමයි ලොකු වෙනවා.'
ප්‍රශ්න වැලයි ....

පුංචි දරුවන්ගේ ලෝකය හරිම විචිත්‍රයි .....කුතුහලයෙන් පිරිලා. පරිසරයත් එක්ක ඔවුන්ට හරියට ගනු දෙනු තියෙනවා. ඒවාට අපි ඉඩ දෙන්න ඕන. ඒත් එක්කම ඔවුන්ගෙ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන.



2 comments:

  1. මම අදමයි මාලිනීගේ Blog post එක ගැන දැනගත්තේ. පොඩි දරුවන්ට විනෝදයත් සමග පරිසරය ගැන පුංචි පාඩම් කියාදිමටත් එක්ක ඔබ මේ මාධ්‍යය හැසිරවීම හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ස්තුතියි sir , ඔබේ ධෛර්යමත් කිරීම ගැන. ඔබම තමයි මේ අදහස මගේ හිතට ඇතුල් කලේ.

      Delete