අසිරිමත් මිනිස් සිරුර - 1
අපි අපේ සිරුර හැදිලා තියෙන්නේ කොහොමද,එහි කෘත්‍යයන්
මොනවාද කියල සාකච්ඡා කලොත් හොදයි කියල හිතුනා. ඉතින් මොකක්ද එහෙම කතා කිරීමේ
වැදගත් කම කියල ඔබට හිතෙන්න පුළුවන්. ජීවිතයක් ලැබීම උතුම් දෙයක් කියල මං විශ්වාස
කරනවා. ඒ ලැබුණු ජීවිතය ඵලදායී විදියට උපරිම කාලයක් ජීවත් කරවන්න ඕනෑ. ඒ සඳහා
සිරුර සෑදී ඇති විදිය දැන ගැනීම වැදගත් වනු ඇති.
හුගක් මිනිස්සු සිරුර යන්ත්‍රයකට සමාන කරනවා මට ඇහිලා
තියෙනවා. 'දැන් අපේ යන්ත්‍රය පරණයි,වෙනද වගේ වැඩ
කරන්න බැහැ' කියල වැඩිහිටියෝ කියනවා. අපි ලේසියට අපි
කවුරුත් දන්න මහන යන්ත්‍රය ගැන හිතමු. එය කොටස් ගණනාවකින් සමන්විත වෙනවා. එක එක
කොටස යම් සුවිශේෂී කාර්යක් කරනවා. යන්ත්‍රය
නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න සෑම කොටසක්ම එක්ව ක්‍රියාත්මක විය යුතු වෙනවා.
ඔව්, මේ හැම අතින්ම
මිනිස් සිරුර යන්ත්‍රයකට සමාන තමයි. ඇත්තෙන්ම එය මිහිමත ඇති අපුර්වතම යන්ත්‍රය කියා
කිව්වොත් ඒක නිවැරදියි.
ඉතින් මේ මිනිස් යන්ත්‍රය මට්ටම් ගණනාවකින් යුක්ත ඉතාමත්
අනගි සංවිධාන රටාවක් පෙන්වනවා. එය සෛලයෙන්
ආරම්භ වී සම්පුර්ණ මිනිස් සිරුරෙන් අවසන් වන විදියට තමයි සකස් වී තියෙන්නේ. ඉහළ
සංවිධාන මට්ටම් වල විශාල සංකීර්ණත්වයක් තියෙනවා. රූපයෙන් මේ මට්ටම් තේරුම් ගන්න
බලන්න.
ඉතින් අපි මුලින්ම බලමු සෛලීය මට්ටම, පහලම මට්ටම. වැඩිහිටි
පුද්ගලයෙකුගේ සිරුරක සෛල ට්‍රිලියන 100ක් තියෙනවා
කිව්වොත් ඔබ පුදුම වේවි නේද ?අනිකුත් ඔනෑම
සජීවියකුගේ වගේම මිනිස් සිරුරෙත් මුලික තැනුම් ඒකකය හා කෘත්‍යමය ඒකකය සෛලය. සෑම
සෛලයක්ම සිරුරේ ජීවිතය පවත්වා ගැනීම සදහා තමාට අදාළ මුලික කෘත්‍යයේ යෙදෙනවා. බොහෝ
මිනිස් සෛල යම් යම් කෘත්‍ය සඳහා විශේෂයෙන් හැඩ ගැහිලයි තියෙන්නේ. උදාහරණ විදියට
ස්නායු සෛල ස්නායු ආවේග ගෙනයන්න පුළුවන් විදියට දිගු ප්‍රසර දරනවා. පේශී සෛල දිග
හැරීමට (ඉහිල් වීම ) හා කෙටිවීමට (සංකෝචනය ) හැඩගැහී තියෙනවා.
මේ එක එක සුවිශේෂී සෛල ගැන කතා කරන්න කලින් අපි සෛලයක් කියන එක
ගැන අවබෝධ කරගෙන ඉන්න ඕන.
එක සජීවී සෛලයක් වුණත් හරිම සංකීර්ණ දෙයක්. ඔබට රුපයේ
පෙන්වල තියෙන්නේ සෛලයක් ඉතාම විශාල කරලා,ඉලෙක්ට්‍රොන
අන්වීක්ෂය කියල උපකරණයකින් පේන විදියට. බොහෝ සෛල පියවි ඇසට කොහොමත් පෙන්නේ නැහැ.
සෛලයේ පිටතින්ම සෛල පටලය කියල සියුම් පටලයක් තියෙනවා. ඊට ඇතුළෙන්
තියෙන්නේ දියරයක්. ඒක සෛල න්‍යෂ්ටියත් එක්ක ගත්විට ප්‍රාක්ප්ලස්මය නමින්
හැඳින්වෙනවා. න්‍යෂ්ටිය හැර ගත් විට සෛලප්ලස්මය කියා කියනවා. ඒකෙ ගිලිලා නොයෙක්
පුංචි මඩි වගේ (ඉන්ද්‍රයිකා )දේවල් රාශියක් තියෙනවා. ඒවත් අර වගේ පටල වලින් වටවෙලා
තියෙනවා.
මේවා හරියට අපේ ගෙවල් වල තියෙන කාමර වගේ. එක එක කාමරයේ කෙරෙන්නේ එක එක
වැඩ. හැබැයි ඔක්කොම හොඳ සම්බන්ධීකරණයකින් තමයි වෙන්නේ. සෛලයේ ප්‍රධාන මෙහෙයුම්
කාමරය තමයි න්‍යෂ්ටිය. ඒකෙ වර්ණ දේහ කියල සියුම් නුල් වගේ දේවල් තියෙනවා. මිනිස්
සෛලයක වර්ණ දේහ 46ක් තියෙනවා.
මේවායේ තියෙනවා DNA කියලා හඳුන්
වන රසායනික ද්‍රව්‍යයක්. එය තමයි පාලන යන්ත්‍රයේ දත්ත ගබඩාව.
මේ වගේ mitochondria කියල හඳුන්වන
කුඩා කාමර රාශියක තමයි ශක්තිය නිපදවන්නේ.
ඒ ශක්තිය සෛලයේ කෘත්‍ය සඳහා යොදා ගන්නවා. රයිබොසෝම කියා හඳුන්වන පටල රහිත කුඩා
ඉන්ද්‍රයිකාවල ප්‍රෝටීන නිපදවෙනවා. ලයිසොසෝම කියන ඉන්ද්‍රයිකාවේ තමයි සෛලයේ වයසට
ගිය කොටස් ජීර්ණය වෙන්නේ. මේ හැම එකක් ගැනම කියන්න ගියොත් මේ ලිපිය දිග වැඩි වෙනවා
වගේම ඔබේ මනසටත් කරදරයක් වේවි කියා හිතනවා. දැන් හිතා ගන්න පුළුවන් නේ මිනිස් සිරුර කෙතරම් අසිරිමත් දෙයක් ද කියලා. ඒ
ගැන හැදෑරීම ඒ තුළින් චාරිකාවක් යනවා වගේ වැඩක්. එන්න අපි ඒ සුන්දර චාරිකාව යමු.
හැබැයි දින ගණනාවක් ගත වේවි. ඔබ කැමතියි නේද ?