Green burial - හරිත මිහිදන්
කිරීම
Green burial හරිත මිහිදන්
කිරීම කියන්නේ මොකද්ද කියල බලමු.
මෙහිදී මල සිරුර කොන්ක්‍රීට් වලින් බැඳපු වලවල් වල
තැන්පත් කරන්නේවත්,ආදාහනය කරන්නේ
වත්, විවධ රසායනික
ද්‍රව්‍ය යොදා සංරක්ෂණය (embalm ) කරන්නේවත් නැහැ. සිරුර පහසුවෙන් දිරා යන පෙට්ටියක හෝ
රෙදි කඩකින් ඔතා හෝ ස්වභාවයට එක් වෙන්න පහසු විදියට වළලනවා. මෙහි අරමුණ
සම්පුර්ණයෙන් සිරුර දිරාපත් වී පරිසරයට එකතු වීම.
මෙය අලුත්
සංකල්පයක් නොවන බව ඔබ දන්නවා. 19වන සිය වසට
පෙර මල සිරුරුවල අවසන් කටයුතු බොහෝ විට කෙරුනේ මේ විදියට. යුදෙව්
හා මුස්ලිම් ආගමනුකුලාව
අදත් සිදුකරන්නේ ඒ විදියට. බුදු දහමේ සඳහන් වෙනවා,පාංශුකුල චීවරය ගැන. එනම් මල සිරුර එතු
රෙදිකඩ සෝදා ගෙන සිවුරු පිළියෙළ කල හැකි බව.
අද නැවත
පරිසරය ගැන සිතීම මත Green burial සංකල්පය ජනප්‍රිය වෙමින් තියෙන්නේ හේතු ගණනාවක් මත.
මොනවාද ඒ හේතු කියල අපි බලමු.
1. සරල බව - රෙදි
කඩක ඔතා හෝ පහසුවෙන් දිරා පත් වන පෙට්ටියක බහා මල සිරුර මිහිදන් කිරීම කෙතරම් සරලද?
2. අඩු වියදම -
එම්බාම් කිරීම, අධික මිලෙන්
යුත් මිනී පෙට්ටි, කොන්ක්‍රීට්
වලවල්, චිතක මේ
කිසිවකට වියදම් වෙන්නේ නැහැ.
3. ස්වභාවික
සම්පත් සංරක්ෂණය - මිනී පෙට්ටි සැදීමට දැව, කොන්ක්‍රීට් වලට වානේ, සිමෙන්ති, වැලි, චිතක වලට රෙදි,දැව, ගෑස් වැනි පොසිල
ඉන්දන ආදී කිසිවක් නාස්ති වන්නේ නැහැ.
4. අහිතකර රසායන
ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීම - එම්බාම් කිරීමට යොදා ගන්නා ෆෝමලීන් (formaldehyde)
ශ්වසන පද්ධතියට හානිකර
ද්‍රව්‍යයක් වන අතර,පිළිකා
කාරකයක් ද වෙනවා. මල් ශාලා වල එම්බාම් වැඩ කරන පුද්ගලයන් මේ රසායනික ද්‍රව්‍ය වලට
නිරාවරණය වීම වැඩිය. ඔවුන් අතර leukemia නම් පිළිකා තත්වය ඇතිවන බව සොයාගෙන තිබෙනවා. Green burial සංකල්පය මේ අහිතර තත්වයට මුහුණ දීම නැති කර තිබෙනවා. අද ෆෝමලීන්
නොවන වෙනත් විෂ රහිත එම්බාම් කාරක සොයාගෙන ඇති නමුත් Green burial හිදී කිසිම
රසායනිකයක් භාවිත වන්නේ නැහැ
5. ස්වභාවික
සුන්දරත්වයෙන් යුත් ප්‍රදේශ ආරක්ෂා වීම - හරිත මිහිදන් කිරීමට කැමති අය පරිසරයට
ඇලුම් කරන්නන් වීම නිසා මෙවැනි සුසාන භුමි පිහිටුවන්නේ, ගහකොළ,වනමල්, පඳුරු, ආදිය බහුල භුමි අලංකරණය කල තණබිම් ,කැලෑබද ප්‍රදේශ ආශ්‍රිතව.
මෙවැනි තැන් වල පක්ෂීන්, සමනලුන් ආදී
වන ජීවීන් ද බහුලව ජීවත් වෙනවා. මේ තැන්වල, රසායනික පොහොර,කෘමිනාශක, වල් නාශක ආදිය යොදා ගන්නෙත් නැහැ. ඉතින් හොඳ
ස්වභාවික වාසස්ථාන වෙනවා.
එක්සත් ජනපදයේ
ප්‍රථම හරිත සොහොන් බිම 1998 දී ආරම්භ වී
ඇති අතර අද වන විට එම සංඛ්‍යාව 60 දක්වා වැඩිවී තිබෙනවා. මේවායේ ස්මාරකය වශයෙන්
තබන්නෙත් ස්වභාවික ගලක් පමණයි. සොහොන් GPS තාක්ෂණයෙන්
සලකුණු කෙරෙනවා. ස්වාභාවිකත්වය
ආරක්ෂා කිරීමට පුද්ගලික මතක සටහන්,
මල්,කොඩි වැනි දේ තැන්පත් කිරීම ද බොහෝ දුරට
සීමා කර තිබෙනවා.
මේ ඔබට සිතන්න කරුණු කීපයක්……….
- අපි අද වනවිට ලංකාවේ අවමගුලක් සඳහා දරන්න බැරි වියදමක් කරනවා නේද?
- වැඩි දෙනෙක් අදහන බුදු දහම අනුවත් මෙවැනි සංකීර්ණ අවමගුල් උත්සව අනුමත කරන්න බැහැ නේද?
- මල සිරුරු දින ගණනක් තබා ගන්නේ ඇයි?
- අපේ මුතුන් මිත්තන් ද අනුගමනය කළ හරිත මිහිදන් කිරීම අපට වඩාත් ගැලපෙනවා නේද?
පරිසර හිතකාමී අඩු වියදම් සහිත අගනා සංකල්පයක්. ගතානුගතික සිරිත් නිසා මේවාට යොමු වීමට තව කලක් ගතවිය හැකියි.
ReplyDeleteඕස්ට්‍රේලියාවේ මේ සංකල්පය පැහැදිලිව දකින්නට ලැබෙනවා. අපට ආසන්න නගරයක් වන Springvale හි සොහොන්බිම නම්කර තිබෙන්නේ Springvale Botanical Garden Cemetery යනුවෙන්. මෙය විවිධ මල් වර්ග වගාකර තිබෙන මනරම් උද්‍යානයක්. කෙනෙකු මියගිය විගසම දේහය පෙට්ටියක බහා ඒ සඳහා ඇති විශේෂ ශාලාවක (Parlour) තබනවා. දින කිහිපයක් තබාගැනීම අවශ්‍ය නම් පමණක් රසායන ද්‍රව්‍ය ගල්වනවා.
ස්තුතියි ඔබට. අපේ අවමගුල් දැන් මගුල් ගෙවල් වගේ වෙලා. කෑම බීම (මත්පැන් ද ඇතුළුව ), බැනර්, තොරණ පොලිතින් සැරසිලි... මේ දේවල් දැකලා එපා වෙලා තියෙන්නේ. මාත් අන්තිම කැමැත්තේ ලියුවා සරල අවසන් කටයුත්තක් කරන්න කියලා.
Delete