පාරෙ කාණුවකට වැටී
කකා ළමයින්ගෙන් ගුටී
මතක් වෙයි නුඹ හිටි හැටි
අනේ අපෙ පැංචි පැටී
ගේට්ටුව ළඟ ගුලි වෙලා
ඇඟේ ලොම් ටික අඩු වෙලා
සිටිය නුඹ ගෙන නා වලා
දෝණි නුඹගේ මව් වෙලා
සතෙක් දැක්කොත් කලබලේ
එන්න නොම දී රැකවලේ
බුරා ගෙන යයි සැමකලේ
පැංචි නුඹ හරි හුරතලේ
ගෙව්වෙ අපි ළඟ නිරතුරු
සෙව්වෙ සෙනෙහස පිවිතුරු
කෝ පැංචි අද පිළිතුරු
නුඹේ හඬ අද ගොළුවෙලා
හදේ ගින්නක් ඇවිලිලා
නෙතේ කඳුලක් මතුවෙලා
පැංචි අපගෙන් වෙන්වෙලා
අගේ ඇති කවි පෙළක්.
ReplyDeleteමටත් මේ සිද්ධියටම මුහුණ දෙන්නට සිදු උනා දැනට වසර දොළහකට පමණ ඉහතදී. එදා මෙවැනි කවිපෙලක් ඉංග්‍රීසියෙන් ලියා එවැනිම සිද්ධියකට මුහුණ පෑ මගේ මිතුරෙකුට ලියා යැව්වා. එය සොයාගත හැකිවුවහොත් ඔබටත් කියවීම සඳහා e mail කරන්නම්.
ස්තුතියි ඔබට .....මතක ඇති කාලයේ සිටම සුරතල් සතුන් සමග ජීවත් වුණා . මුලින්ම මතකයේ තිබෙන බව්වා ටාසන් ගැන මම blog සටහනක් තබා ඇති. මෑත කාලයේ බලු සුරතලුන් 5ක් හිටියා. එයින් 3න් දෙනෙක් නැති වුණා. වයස 14,15 හා පැංචි 14ක් වෙලා.
DeletePaw ane
ReplyDeleteඔව් පුතා, හරිම දුකයි ...ගෙදර මොකද්දෝ අඩුවක් දැනෙනවා.
Delete