Sunday, May 10, 2020

බෝනිකි ගෙවල් 2 - බෝනිකි පවුල් හඳුන්වා දීම



බෝනිකි පවුලක් 


බෝනිකි ගෙවල් 1 කොටසේ මං කියල තියෙන්නේ 70 දශකයේ මේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, ප්‍රධාන නගරයට ආසන්න ගමක මධ්‍යම පන්තික පවුලක දරුවන් කිහිප දෙනෙකුගේ  ළමා කාලය ගෙවී ගිය හැටි ගැනත්  ඔවුන් යෙදුණු අපුරු සුවිශේෂී සෙල්ලමක් ගැනත්. ඒ සෙල්ලමේ නම 'බෝනිකි ගෙවල්' කියල මතකනෙ.

ඉතින් ඒ කතාවේ  කිව්ව ළමයි හතර දෙනාගෙ බෝනිකි ගෙවල් හතරේ හිටිය සාමාජික සාමාජිකාවෝ දැන අඳුන ගත්තොත් හොඳයි නේද ? මොකද අපේ ඉස්සරහ කතන්දර වලදී මේ ගොල්ලො තමයි ප්‍රධාන චරිත  වෙන්නෙ. මෙන්න මේ විදියට තමයි ඒ පවුල් හැදිලා තිබුණෙ .

1. සුදු නෝනගේ පවුල :  විජයවර්ධන පවුල 

                                      තාත්තා - චන්දන විජයවර්ධන ( නීතිඥයෙක් )
                                      අම්මා   - සුජාතා      ( ගෘහිණියක් )
                                      පුතා     - නාමල් (   Nick name ගෝරිං )
                                      දුව       - සඳුනි

2. හිච්චි නෝනගේ පවුල:   ඉද්දමල්ගොඩ පවුල 

                                       තාත්තා - නදුන් ඉද්දමල්ගොඩ  ( DRO )
                                       අම්මා  -  විශාඛා ( ගුරුවරියක් )
                                       ලොකු පුතා - උදන් සම්පත්
                                       ලොකු දුව - උදයංගනී පිනිබිඳු (පිණී )
                                       චුටි දුව     - ආශා නිශාමනි (ආශික්කි )
                                       චූටි පුතා - සුමුදු චින්තක

3. උන්නාගේ පවුල   :    පරණවිතාන පවුල   

                                       තාත්තා - සුගත් පරණවිතාන  (ඉංජිනේරු )
                                       අම්මා - චම්පිකා (දොස්තර වරියක් )
                                       ලොකු පුතා - දමිත්
                                       දුව - නිල්මිණි
                                       චූටි පුතා - සනත්

4. මල්ලි (වජිර )ගෙ පවුල :   වික්‍රමසිංහ  පවුල 

                                         තාත්තා - නීල් වික්‍රමසිංහ (IP)
                                         අම්මා  - රෝස් විජයවර්ධන (ගෘහිණියක් )
                                         පුතා  - අතුල
                                         දුව - තුල්සි

ඉතින් මේ පවුල් හතරට වෙනම ගෙවල්, ගෘහ භාණ්ඩ,ඇඳුම් පැළඳුම්, ආභරණ ,පොත්පත් හා  වාහන තිබුණා. ඒ ගොල්ලෝ සමාජයේ උසස් යයි සම්මත ජීවන පිළිවෙතක් ගෙන ගියා. මොකද හැමෝම හොඳට උගත්, හොඳ රැකියාවල නියුතු වූ අයනේ. වෛද්‍ය, ඉංජිනේරු, ගුරු, පොලිස් ඉන්ස්පෙක්ට හා නීතිඥ වගේ ඉහළ වෘත්තීන් වල තමයි යෙදිලා හිටියේ. ඉතින් මේ අයගේ ඇතැම් දරුවෝ ටිකක් ලොකුයි. උදාහරණයක් විදියට විජේවර්ධන පවුලෙ ලොකු පුතා නාමල් ටිකක් ලොකු නාහෙට අහන්නේ නැති කොල්ලෙක්. ඒකයි ගෝරිං කියල නමක් පටබැඳුනේ .


                                          පරණවිතාන පවුලේ ඇඳුම් පැළදුම් කිහිපයක්  

මේ පවුල්වල එදිනෙදා ජීවිතය ගත වෙනවා වගේම නොයෙකුත් උත්සව, චාරිකා වගේ දේවල් නිතරම යෙදුණා. ඉතින් ඒ ඒ අවස්ථාවලට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම අක්කල තුන් දෙනාටයි මල්ලිටයි තමයි පැවරුණේ. අද නම් මෙන්න මේවට තමයි කියන්නේ "Event Planning" කියලා. මේ ළමයි Event planning වල කප්පිත්තෝ. අද නම් මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත්වෙන්නත් තිබුණා. මේ වගේ ගරු ගාම්භීර විදියට කරපු උත්සව කිහිපයක් ඊළඟ 'බෝනිකි ගෙවල්' කොටස් වලින් ඔබ හමුවට ඒවි .

2 comments:

  1. තුල්සි කිව්වම මතක් උනේ සිරසෙ ගිය මහගෙදර... මට මතකයි වෙඩි තියෙන සීන් එකක් සතියක් ඇද්දුවා... මොකට බැලුවද මොකට පෙන්නුවද මන්දා ඒ කතා නන්... අනික ප්‍රවීණා, ඊට පස්සෙ ඉන්දියාවෙ ලංකන් වර්ෂන් එක වසූදා... ටෙලිනාට්‍ය එපා උනා ඒව බලලා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිථිල, ඔය ඉන්දියන් ටෙලි නාට්‍ය වලින් මං බලල තියෙන්නේ ශාන්ති කියන එක විතරයි. ඒක නම් මුලදී ආසාවෙන් බැලුව. පස්සේ ඒක ඇදෙන්න ගත්තා . දැන් TV බැලීම අතෑරලා අවුරුදු ගණනාවක් ගිහින්. මං ඔය තුල්සි ගැන කියන කාලේ තිබුණේ රේඩියෝ විතරයි. රුපවාහිනී ගැන ඒ ළමයි අහල වත් නැහැ.

      Delete