Saturday, July 11, 2020

අහස නිවසයි ..ලොකු පුංචි හැමෝටම




පවස නිවන සිහිල් දිය පොද, 
බිඳෙන් බිඳ, බිඳ එකතුකර කර,  
අහස කොතෙකුත් ගෙන ආවත් වැස්ස,
පවස නිවෙන තෙක් පමණක්මය,  
අහසට පිදෙන්නේ ආදරය. 

අහස ගෙනෙන සැඩ හිරු කිරණ 
බිඳෙන් බිඳ, බිඳ  එකතුකර කර,   
සුරුවමින් සැදෙයි වී ඇටයෙන් ඇටය,  
කුස පිරෙන තෙක් පමණක්මය, 
අහසට පිදෙන්නේ ආදරය. 

අහස ගෙනෙන සීතල සුළං පොද 
බිඳෙන් බිඳ, බිඳ එකතුකර කර,
ගතසතපවන මද පවන් රැල්ල 
දාහය නිවෙන තෙක් පමණක්මය, 
අහසට පිදෙන්නේ ආදරය. 

අහස දොස් ඇසුවත් සැම දිනම 
රහස කීම ඒත් සතට සෙත සාදන 
දවස ගෙවුණත් ඔහේ එක ලෙසම
නිවස එයමය ලොකු පුංචි හැමෝටම  

© 2020 Malini Ganewatta

Thanks to Simon Hattinga Verschure for the photo on Unsplash.



No comments:

Post a Comment