Thursday, July 2, 2020

බස කියන්නෙම විසක් ....

















බස කියන්නෙම විසක් 
වෙලාවකට විස කැවූ ඊතල හිසක් 
වැඩි දුරක් නොසිතාම 
සිදුරු කර වනසාවී
මොළකැටි සමනල හිසක් 

හීනෙකින් වත් හිතේ නැති  
'මං ඔයාට පණටත් වැඩිය 
ආදරෙයි' වගේ දෙයක් ...
කියන්නට යොදන්නෙත් බසක්..

රැවටෙන්නම සැරසුණු සිතක්
සොයන්නෙම බසෙන් සැනසුමක් 
බස මවයි  සුන්දර ලොවක් 
ඇහැරී බලද්දී එය හීනයක්.... 

බස අයිසිං තැවරුමක් 
රස යයි පෙන්වන්නට 
ලස්සනට සරසපු 
මෙලෝ රහක් නැති 
පිටි ගොඩක්.......

බස කරකවයි ලොවක් 
ලොව නොදනියි කිසි බසක් 
වචන නැති ඇඟ බසක් 
ගෙනෙයි කුසගින්නට බතක්...

බස විසිර යයි ඔන්න තව වරක් 
දේශ ප්‍රේමයට එහි  ලොකු බරක් 
සංගීතය ගෙනෙයි  බසට තල්ලුවක් 
හිනැහෙන මුහුණු එයි පේළියක්......  

බස දෙයි පොරොන්දුම කප්පරක් 
දුහුනන්  කණට මී පැණි බින්දුවක් 
රැවටේවී රැවටෙන්නො කප්පරක්
ඒකයි කියන්නෙම බස විසක්.......

© 2020 Malini Ganewatta 

Thanks for Stefany Andrade for the photo on Unsplash.



2 comments:

  1. බස හොඳයි මට සිලුටුයි
    වහර වැරදියට යොදා
    අයුතු පල ලබන අය
    ගැරහීම නම් වටී.

    ReplyDelete
  2. ස්තුතියි සර් කොමෙන්ටුවට
    හිත මට සිළුටු නම්
    බස වුවත් කීකරුව
    එනු ඇත පසු පසින්.....

    ReplyDelete