Friday, February 26, 2021

හිසරදය

 












හිසරදය 


දැන් කොහොමද ඔයාට ?

තාම ඔළුව රිදෙනවද ?

දැන් දැන් අහවි කියල 

මංබලාගෙන හිටියා,  



ඒත් ඒ සොඳුරු බලාපොරොත්තුව 

බිඳලා සුනුවිසුණු  කරලා 

ඔබ මගෙන් සමුගෙන 

වෙන්වෙලා නොපෙනී ගියා, 



දුරකතනයෙන් අද 

කෑවද ? බිව්වද? දොය්ය ගත්තද ?

අහන එකත් වදයක් වුණාට 

ඒ කාලෙ කොයි දුරකථන?



ඇත්තටම එහෙම ඇහුව නම් ඔබ 

සේරම රිදිලි හොඳ වෙන්න

හිනා මල් විකසිත වෙන්න  

ඕන තරම් ඉඩකඩ  තිබුණා .



ඒත් ඒ වෙලාවේ මගෙ ඔළුව 

හත්කඩකට  පුපුරන්න තරම් 

රිදුම් දුන්නා, ඒත් මොනව කරන්නද ? 

මම කොට්ටය බදාගෙන 

අඬ අඬා හිටියා. 

©2021maliniganewatta

(Thanks to Luis Galvez for the photo on Unsplash)

Friday, February 12, 2021

ඒ සීනු නාදය

 














සීනු නාදය

 

නූතන පරපුර නොහඳුනන,

සීනු නාදය,

වැඩිකළා හද ගැස්ම,

දකිනු රිසියෙන් මුතු අකුරු,

මග බලා සිටියා නිරතුරු ,

ඈත වංගු පාරේ දුර සිට,

එනවිට පා පැදිය ,

හිත වංගු දහසක්  හැරි හැරී ,

මහා දිග ගමනක් ගිය හැටි,

ඔබට මතක ?

අදටත් සීනු හඬ ,

වැඩි වෙනසක් නොමැති වූව ,

ටිකක් විතරක් වැඩි කළත්

හද ගැස්ම , නැවුම් කිතියක්

දැනෙන්නේ නැතිවම වුව ,

බලාපොරොත්තුවේ පාපැදිය,

පුරුද්දකට වගේ ගෙනෙයි,

කියාගන්න බැරි හැඟීමක්,

මේ පාළු තනිකඩ හිතට ,

ඒත් අද පා පැදිය මට,

කිසිත් ඉඟියක් නොකරම,

කඩුල්ල ළඟ නවතින්නේ නැතිවම,

යනවා දකින විට වංගු පාරේ දුරට ,

කඳුලක් හොර රහසේම

නැඟෙන්නේ ඇයි තාම දෙනෙතට ?

සීනු හඬ ගැන නිනව්වක්,

නැතිව ඇති නේද දැන් ඔබට?

නිතර නැගෙන කිචි බිචිය මැද ,

සොඳුරු කුරුළු කැදැල්ලක. 


( Thanks to Mak fpr the photo on Unsplash)

Wednesday, February 10, 2021

එක්වීම

 










එක්වීම

 

 කුමරුවන් මිලියන  සිය ගාණක්

ආගන්තුක පරිසරයක

ඒත් කදිමට සුසර වුණු

ලස්සනට ගැලපුණු තැනක්

වලිග ගස්සා , ඔළුව උස්සා

පෙරටම ඔව් පෙරටම.....

විසල් ගේට්ටුවක්ද පසුකරන්  

ගමනේ යා;  කොහෙටද?  

කොහෙද ගමනාන්තය ?

ඒත් මේ තාවකාලික නැවතුම් පොළ

හැමෝටම නොගැලපෙයි.

සමහරු තැලෙති ,සමහරු පොඩි වෙති.

සමහරු කැඩෙති, අවසන මියෙති.

ටික දෙනෙක් ඉතිරි වෙති.

ඉන් ඔබ්බෙහි යහන්ගැබෙන්

නැඟී අවදිව පෙරදින

පැලෝපීය නාලයේ ඉහළ  සිට

පහළට බැස එන කුමරිය

පිළිගන්න මේ කුමරුවන් සැරසෙති.

කුමරියගේ  කොරෝනා සළුපිලි,

පෑදි කලාප යටගවුම්;

 ලිහිල් කරගන්න ඔවුන'තර  මහ පොරයකි.

ෆස්ට් කම් ෆස්ට් කම් ෆස්ට් සර්ව්

කුමරියට නැත වගේ වගක්,

එක්කෙනයි කවුරුහරි,

ගෙවල් දොරවල්, යාන වාහන

හොඳ රස්සාවක්, මිළ මුදල්

ඕන නැත කිසිදෙයක් ,

මෙහි බින්න බැසිය හැක.

තිබේ සුව පහසුවට

මාසම දහයකට.

එක්කෙනක් කවුරුහරි

දැන් ඉතින් ඇතුල්වේ.

ඔහු වැළඳ ගත් කුමරි

දොර අගුල් වසා ලයි.

අනික් හැම දෙනාටම

පරාජය නියත වෙයි.

(Thanks to Deon Black for the image on Unsplash)


Sunday, February 7, 2021

මා ලියු මගෙ කවිය

 














මා  ලියු මගෙ කවිය


අකුරෙන් අකුර ගලපමි,එක පදයක් ලියමි,

කුස්සියේ වැඩ කරමි,කවි පදයක් මවමි,

 

කාමරයට දුවමි, එය කවියට අමුණමි.

නැවත කවි පද ගයමි,නොගැලපෙතැයි කපමි,

 

රොස්  ගඳක් දැනෙනවා, කුස්සියට දුවනවා,

ලිප හනික නිවනවා, කවි සිතත් දුවනවා.

 

දැන් කවි පද නොඑයි, සිත එක තැන නොවෙයි,

රෑ නින්ද ඈතකයි ,නැවත කවි පද උනයි.

 

පහන් දල්වන සැණින්, පත් ඉරුව ඉඟි මරයි,

පන්හිඳද පැත්තකින් කට කොනින් සිනාසෙයි.

 

ලියපු කවි පද කැපෙයි, අලුත් ඒවා ඇඳෙයි,

දින ගණන් සති ගණන් කවියෙ කළලය වැඩෙයි.

 

කළල රුපයේ රුව ටිකෙන් ටික හැඩ ගැහෙයි,

ඒ පුංචි කවි කැකුළ ඔන්න මේ ලොව දකියි.

 

මේ තරම් වෙහෙස වුණු , මේ තරම් දුක දුන්නු,

කවිය කියවන්න නම් කවුරුවත් නැති හැඩයි.

 

වචනයෙන් වචනයට  මගේ සිත පිරිමදින,

මා  ලියු මගෙ කවිය මම ම කියවමි ඉතින!


(Thanks to Kinga Cichewicz for the image on Unsplash)


Saturday, February 6, 2021

Time of Death මියගිය වෙලාව - 2

 










Time of Death මියගිය වෙලාව - 02

 

පශ්චාත් මරණ වියෝජනය හෙවත් පුතිභවනය

පශ්චාත් මරණ වියෝජනය හෙවත් පුතිභවනය සිරුරේ මුදු පටක විනාශයට පත් කරන අතර එය ආරම්භ වන්නේ අභ්යන්තරයෙනි. ක්රියාවලියට ආහාර මාර්ගය නාසා ග්රසනික මාර්ගයේ සිටින බැක්ටීරියා දායක වෙනවා.. සිරුර මතුපිට තුවාල ඇත්නම් ඒවායින් බැක්ටීරියා පරිසරයේ සිට සිරුර තුළට ඇතුල් වෙනවා.  ශරීරයේ ස්ථුල බව, තිබුණු ආසාදක තත්වයන්, නිදන්ගතව පැවති හෘද අකරණිය,  ශරීරය මරණයට පෙර ඉදිමි තිබුණාද යන සාධක පූතිභවනය වේගවත් කරනවා. මරණය වේලාවේ අධික රුධිර වහනය හෝ  අධික ලෙස සිරුර විජලනය වී තිබුණාද යන සාධක මත පූතිභවනය පමා වෙනවා. කලින් දැක්වූ පරිදි උෂ්ණත්වය අඩු වැඩි වීම මතත් පුතිභවනය වන වේගය වෙනස් වෙනවා. පුතිභවන ක්රියාවලියේදී පිටවන වායු එකතුකර මරණය සිදුවූ වෙලාව තීරණය කිරීමට යොදාගන්නවා. එය Brouardel method ලෙස හඳුන්වනවා. අනුව මරණයෙන් මුල් පැය 24 දී පිටවන වායු දහනය වන සුළු නැහැ. උදාර වායු දහනය වන සුළු නැහැ. දෙවැනි තෙවැනි දිනවල පිටවන වායු දහනය වෙනවා. පස්වැනි දිනයේ සිට නැවත දහනය වන සුළු නැහැ.

මේ අතර  පුතිභවන වර්ණ වෙනස්වීම සෞම් කලාපයේදී මරණයෙන් පැය 24 - 36 අතරත් නිවර්තන කලාපයේ මරණයෙන් පැය 12 - 24 අතරත් ආරම්භ වෙනවා. එයට හේතු මේවයි.

1. හිමොග්ලොබින් බිඳ වැටීම

2. රුධිර වාහිනී හා පටක තුළ ආහාර මාර්ග බැක්ටීරියා නිසා හයිඩ්රජන් සල්ෆයිඩ් වායුව සෑදී එම වායුව හිමොග්ලොබින් ඇතුළු වෙනත් හීම් අඩංගු ප්රෝටීන සමග ප්රතික්රියා කිරීම.

 

එය මුලින්ම සිදුවන්නේ උදරයේ පහළ කොටසේ.  එයට බලපාන හේතුව නම් උන්ඩුකයේ අධික බැක්ටීරියා ගහනයක්  සිටීම. ස්ඵටික පතුරු වගේ රටාවකට සිරුරේ මේවා ඇතිවෙනවා. මේකට කියනවා Marbeling Effect කියලා. මේ ස්ඵටික ඇතිවීම තුන්වෙනි දවසේ ආරම්භ වී ශරීර අභ්යන්තරයේ රුධිරය තිබේ නම් දින 35ක් පමණ තියෙන්න පුළුවන්. මේ රුධිර ස්ඵටික මරණය සිදුවූ වෙලාව සොයාගන්න යොදා ගන්නවා. ඒකට කියනවා Westernhoffer-Rocha-Valverde ක්රමය කියලා.

ස්වයං ජීර්ණය ( Autolysis)

මුලින්ම සිදුවන  ප්රථම පශ්චාත් මරණ විපර්යාසය ස්වයං ජීර්ණය ( Autolysis)නමින් හඳුන්වනවා .  එහිදී සිදු වෙන්නේ  බැක්ටීරියා වල බලපෑමක් නැතුව මල සිරුරේ සෛල වලම තියෙන එන්සයිම වලින් පටක ස්වයංවිනාශයට පත් වීම.  ස්වයං ජීර්ණයේ අතුරු ඵලයක් ලෙස ඇතිවන එක අතුරු ඵලයක්  හැටියට ඇසේ කාචරසයේ පොටෑසියම් එක්රැස් වීමක් { Vitreous Humor Potassium (VHP) }  වෙනවා, පළමු පැය 20 ඇතුලත. අනිකුත් සාධක සමග මේ VHP  වල මිනුම් ද  මරණය සිදුවූ වෙලාව සොයාගන්න යොදා ගන්නවා.

පශ්චාත් මරණ පටක පැවැත්මේ වේගයත් ( Postmotum Tissue Survival Rate)  එම PMI සඳහා යොදා ගන්නවා. මරණයෙන් පස්සේ සිරුරේ පටක මිය යන්නේ විවිධ කාල ප්රන්ත්රවලයි. උදාහරණයක් වශයෙන් ශුක්රාණු සෛල මරණය සුදුවී  පැය 36කට පමණ පසුවත්  චාලක භාවය පෙන්වනවා. පැය හයකට පසුවත් පේශි විද්යුත් හෝ යාන්ත්රික උත්තෙජයකට ප්රතිචාර දක්වනවා. මරණයෙන් පැය හතරක් යනකම් ඇසේ තාරා මණ්ඩලය අට්රොපින් මගින් විස්තාරණය කරන්න පුළුවන්. සුදු රුධිරාණු වර්ග මිය යන්නේ පහත PMI වේග පරිදියි. පළමු පැය 5 = 8%, පැය 30ක් ඇතුළත 58%, පැය 70 ඇතුළත 95% වශයෙන්.

  එළිමහනේ ඇති මළ සිරුරු වලට විවිධ චර්යා රටා හා ජීවන චක් ඇති කෘමීන් ආකර්ෂණය වෙනවා.මේ  අධිකරණ  කෘමි විද්යාව ( Forensic Entomology)nමරණය සිදුවූ වෙලාව දැනගන්න යොදාගන්නවා. එය මීළඟ ලිපියෙන්.

(Ref. Encylopedia.com)(Thanks to Ann Danilina for the image on Unsplash)

Wednesday, February 3, 2021

 










Freedom

 

What does freedom mean?

Dictionary says, It’s a noun, meaning,

The power of right to act,

Speak or think as one wants.

Do we have the power  

Of right to act?

They write scrips from A to Z,

Set plots and act as they wish.

Can we speak to say what we want?

No, we can’t,

Our lips are covered with unseen plasters,

Can we think of what we want ?

Yes, we think, think and think,

But our thoughts are floating,

In the sky, no meaning,

For our valuable thoughts,

Dictionary also says,

Freedom is the state

Of not being imprisoned,

Or enslaved,

But we are imprisoned

And enslaved forever,

With flattered and chained,

Never to get freedom, freedom is always with them,

To engage in inhuman ways.

(Thanks to frank mckenna for the image on Unspalsh)

 

 

 


නිදහස

 









නිදහස

 

නිදහස නම් කිම ?

ශබ්ද කෝෂයට අනුව නාමපදයකි එය,

තේරුම නම් පහත පරිදිය;

නිදහසයි අපට ඇති බලයේ අයිතිය

කුමක් සඳහා ?

කතා කිරීමට,සිතීමට හා ක්රියා කිරීමට ,

අපට අවැසි විදියට ,

ඉතින් අපි කෙසේ ක්රියා කරමුද අයිතිය අනුව?

ඔවුන්ම ලියන විට අයන්නේ සිට තිර පිටපත,

කතා වස්තුව සකස් කොට,

ඔවුන්ම කැමති පරිදි රඟදෙන විට,

අපට නරඹන්නට……

එහෙනම් අපි කතා කරමුද?

අපේ හිතේ ඇති දේ කියන්න,

බැහැ, අපේ මුව මත ,

අදිසි පැලැස්තරයක් අලවා ඇත.

එහෙමනම් අපිට පුළුවන් නේද හිතන්න,

අපට ඕනෑ විදියට,

ඔව්, අපි සිතමු, සිතමු, නොනැවතී සිතමු,

ඒත් අපේ සිතුවිලි රැහැන් පාවී පාවී යයි

අනන්ත අහස්  තලයේ ඈතට,ඈතට ,

සිතුවිලිවලට අරුතක් නැත දෙන්නට,

ශබ්ද කෝෂය තව දුරටත් කියයි මෙහෙම,

නිදහස යනු තත්වයකි සිරගත නොවී

වහල් බැම්මෙන් මිදී ජීවත් වීමට,

නමුත්, අපි සිටිමු සදහටම සිරගතව,

වහලුන් විදියටම, විලංගු හා යදම් සහිතව,

කවදාවත් නොඑන නිදහස අපට,

හැමදාමත් නොමදව ඇත ඔවුන්හට. 

කුමටද සබඳ?

නොමිනිසුන් ලෙස හැම නොපනත්කමක්ම

සිත් ලෙස කරන්නට.

(Thanks to Saad Chaudhry for the image on Unsplash)


Tuesday, February 2, 2021

COVID 19 නිසා මිය යන්නේ ඇයි ?

 







 











COVID 19 නිසා මිය යන්නේ ඇයි ?

Corona (Sars CoV2) වයිරසය ශ්වසන පද්ධතිය ආක්රමණය කරන වයිරසයකි. එය ඉහළ ශ්වසන මාර්ගය මෙන්ම පහළ ශ්වසන මාර්ගය ආක්රමණය කරයි.බෝවන රෝග සම්බන්ධ විශේෂඥ වෛද් වරියක වන Zahid Butt, අනුව අසාදනය ආරම්භ වන්නේ නාසය ආශ්රිතව වන අතර පසුව ක්රමයෙන් පෙනහැලි කරා ව්යාප්ත වෙයි.  බොහෝ අවස්ථාවල එය ශ්වාස නාලයට ඇතුළු නොවී ඉහළ ශ්වසන මාර්ගයේ පවතී. අවස්ථාවේ රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස හා උගුරේ වේදනාව (sore throat ) ඇතිවේ. සමහර රෝගීන්ට මේ රෝගය අසාදනය වීම  දරුණු තත්ත්වයක් ඇති නොකරන අතර  වෛරසය පෙනහැලි දක්වා ගමන් නොකරයි. වයිරසය පහළ ශ්වසන මාර්ගයට ඇතුළුවත්ම හුස්ම ගැනීමේ අපහසුතා හට ගනී.

වයිරස් පෙනහැලි කරා ළඟා වූ විට පෙනහැලි වල ප්රදාහය ඇතිව. එහිදී දියර එක්රැස් වී හුස්ම ගැනීම අපහසු වීම ඇතිවේ. මේ දියර පිරෙන්නේ පෙනහැලිවල ඇති කුඩා මඩි වන ගර්ත තුළය. එවිට රුධිර ඔක්සිජන් මට්ටම සාමාන් මට්ටමට වඩා පහළ යයි. මේ තත්ත්වය නියුමෝනියාවයි. මේ අවස්ථාවේදී වෙන්ටිලේටර් සවි කිරීමෙන් රෝගියාගේ පහසුව සැලසිය යුතුවේ.

වයිරස්  පහර දෙන්නේ ගර්ත බිත්තියේ ඇති Type II සෛල වලටයි. එම සෛල තුළදී වෛරස් ගුණනය වී නව වෛරස් අංශු රාශියක් ඇතිවේ. ඉන්පසු එම සෛල පිපිරී එම වයිරස් අංශු පිටවේ. මෙයින් පෙනෙන්නේ වයිරස් අපේ සෛල විනාශ කරන බවයි. අලුත් වයිරස් අංශු රෝගියාගෙන් පිටවී තව තවත් අයට රෝගය ව්යාප්ත වේ. මේ වන විට ශරීරය වයිරස විනාශ කිරීමට සටනක යෙදෙයි. අපේ  රෝග වලින් අප ආරක්ෂා කිරීමට අපට ඇති ආරක්ෂක පද්ධතිය මගිනි. ඇතැම් පුද්ගලයන්ගේ මේ ආරක්ෂක පද්ධතිය වඩාත් ශක්තිමත් . ඇතැමුන්ගේ විශේෂයෙන් වෙනත් පුර්ව නිදන්ගත රෝග ඇති වැඩිහිටි අයගේ මේ පද්ධතිය දුර්වලය. ඔවුන්ට වයිරසය මර්ධනය කර ගැනීමට දැඩි සටනක නියැලීමට සිදුවේ.  

 

මේ හැර අධි ක්‍රියාකාරී ආරක්ෂක පද්ධති ක්‍රියාකාරීත්වය ( Innate Immunity) නිසා ද හානි සිදුවේ. මී ලඟට (බොහෝ සරල කොට)  පහතින් විස්තර කරනු ලබන්නේ එවැනි තත්වයකි.  ප්රදාහ වලදී සයිටොකයින් නම් සංයෝගයේ වැඩි වීමක් සිදුවේ.  රුධිරයෙන්ම ශ්රාවය වන සයිටොකයින්වල වැඩිවීමසයිටොකයින් කුණාටුව” ( Cytokine Storm) ලෙස හැඳින්වේ. මේ ආකරයට සයිටොකයින් වැඩිවීම නිසා මහා භක්ෂානු, නියුට්රොෆිල වැනි , T සෛල වැනි සෛල වර්ග වැඩිකරන අතර මගින් රුධිර කේශනාලිකා බිත්ති, ගර්ත බිත්ති විනාශ කරමින්, බහු විධ අවයව අකර්මන් කරමින් COVID රෝගියා මරණය කරා කැඳවා ගෙන යයි. පෙනහැලි හා රුධිර කේශ නාලිකා විනාශ වීම රුධිර ඔක්සිජන් මට්ටම අඩු කිරීමට හේතු වෙයි. “සයිටොකයින් කුණාටුව” අපේ ප්රතිශක්ති පද්ධතියේම අංගයක් බව වටහා ගත යුතුය.

(ඇතැම් තොරතුරු අන්තර්ජාලයෙනි)

(Thanks to CDC for the photo on Unsplash)