තාත්ත ගෙදර ඇවිත්!
"පහළොස් පැයකුත් ගෙවුණා,
මේ මිනිහට වෙලාවකට
එන්නට බැරි හැටි හැබෑට
බලන් ඉඳල ඉඳලම දැන්;
කකුල් කඩුත්තුවත් හැදිල
අද හොඳවැන් දෙකක් ම මම
කියන්න ඉන්නේ උන්දැට
කණේ ඇඟිලි ගහගන්න ම."
කටට තව වචන එයි
ඒත් පොඩිවුන් ළඟ
ඒවා පිට නොකර මම;
ගල් ගැසී නිහඬවම;
"අම්මා ඉතින් ඔය මොකටද
ඔතන හිටගෙන උඩ බලාගෙන?
වාඩි වෙන්නකො ඇවිත් මෙතනට,
තරහ නිවිලා යන්න එක්කම "
ඒ අපේ පොඩි එකීගේ හඬ
“ගෙයක් දොරක්, ගෑණු, දරුවො
මතක නැහැනෙ මේ උන්දැට
යාලු රොත්ත හමු වුණහම "
“අන්න තාත්තා එනවා!”
පොඩි උන් ටික දුවන්නෙ ඔය,
මාත් ඔහේ සිරික්කියක්,
දාගෙන මේ හිටි පියවර ;
"අම්මත් හරියට පස්වග මහණුන් වගෙනෙ;
එනකම් විතරයි සේරම බැණුම්,
ආවම පිළිගන්නෙ මල් තියල,
පාවඩ හෙම දාල නේද ?"
අනේ! අනේ! පොඩි එකෝ !
©2021 maliniganewatta
(Thanks to National Cancer Institute for
the photo on Unsplash)
No comments:
Post a Comment