සිහින
හුඟක්
සිහින
හතක් නොව
හුඟක්
දුටිමි මම
හත්
දවසකුත් නොව
හැම
දවසක වගේම
ඒ හීනවල ඔබ
කුමරුවෙක්
වෙලාවකට;
මම වෙමි ඔබේ කුමාරිය
ඔබ එයි අසු පිටින්
ටක ටකස් ටක ටකස්
ඒ හඬ විසිරෙයි වා
තලයේ
රාත්රී නිහඬ අඳුරු
බව
කළු
වළං කැට කැබිලිති වගේ
කඩා
විසිරුවා වීසි කොට
ලබ්
ඩප් ,ලබ් ඩප් ,ලබ්
ඩප්
මා හද හැහෙයි ඒ
වේගයෙන්ම
පිය
රජුගේ නපුරු හඬ සමග
අශ්වාරෝහකයින්
වහ වහා
වා තලය සිදුරුකරගෙන
සටනට
බසින හඬ ඊළඟට
ටිලින්
ටිලින් කඩුපත් ගැටෙන හඬ
සමග
අවදි වෙමි විපිළිසරව
කඩුපත් දෙකක්
පෙනේ
හයේ
ඉලක්කමට උඩින්
නැගිට
ගමි ඇසිපිය මිරිකමින්
සැරසෙමි
හනි හනික
කුමරි
ඇඳුම් අබරණ නම් නැත.
ඔබ ඇවිත් යකඩ අසු පිටේ
නැග
මෙන්න
දොරකොඩ හිනැහී ගෙන
පිය
රජුට නැත වගේ වගක්
මව්
බිසව ඔබට ද මට
ද
බත්
ගෙඩි දෙකක් බැඳගෙන
ඔන්න
එනවා, යන්න යමු වැඩට
© 2021 maliniganewatta
No comments:
Post a Comment