Tuesday, February 22, 2022

මැයි ගස

 




මැයි ගස 


රතු පාට මන බඳින මල් සැරසිල්ල 

නිසි කලට තුරු හිසේ පැළදිල්ල  

මැයි මස මතක් කර මල්  පිපෙන ගසයි එය  

මහමග,උයන්වතු වල  සෙවන ගෙන දෙන 


මං හිතෙන් ඈත  අතීතෙට ගියා 

මැයි මල් එදත්  හිනැහී හිටියා 

මල් ගැන විස්තර  මෙහෙමයි කියා  

පොතේ  පාඩම  මේ ලෙස තිබුණා ලියා  


රනිල කුලයේ උප කුලකයකි 

සේසල්පිනොයිඩියා 

මල් පෙති පහකි, රේණු දහයකි 

එහි නම ඩිලොනික්ස් රෙජියා 


රතට රතේ හිනැහුණත් මල් තවම 

මග දෙපස,උයන් වතුවල  හැම තැන 

ඒ සොඳුරු මැයි ගස හිතේ ඇඳුන 

අනේ දැන් දකින්නට නැහැ එතැන !


Thanks to Luis Felipe Lins for the photo on Unsplash


No comments:

Post a Comment