Friday, October 20, 2023

තිතක් වෙමි මම

 තිතක් වෙමි මම



පොඩි තිතක තිතක් වී
පුදුමෙන් බලා ඉඳිමි මම
ගිනිදැල් නැගෙන
දුම් කඳන් විසිරෙන
කඳුලැල් හැලෙන
සෝ සුසුම් පාවෙන
වැළපුම් ඇසෙන
මා පමණක් නොව
සැවොම එතිත මත තිත් බව
අහෝ මිනිසුනි
ඔබට නොවැටහෙන!!!
( Photo credit to NASA on Unsplash)

11 comments:

  1. හ්ම්. මේ අනන්ත ලෝකෙ ඉස්සරහ අපි කොච්චර ක්ෂුද්‍රද නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමියා. ඒක තේරුම් ගැනීමක් පෙන්නේ නෑ . ලෝකය යනවා යනවා....පරණ පුරුදු ගමනයි.

      Delete
  2. 'ශනිදා 10' බ්ලොග් වැඩසටහනත් එක්ක එකතු වෙන්න. අනෙක් බ්ලොග් වලටත් ගොඩවෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

      Delete
    2. වැඩි දෙයක් කරන්න නෑ. අනෙක් අය වගේ... හැම සෙනසුරාදා රෑ 10ටම පෝස්ට් එකක් දාන්න. දාල අනික් blogවලටත් ගොඩවෙන්න 😃.

      මේ සිංඩියෙන් අනික් අය දාන අලුත් post බලන්න ඇහැකි

      Delete
    3. මේකට මගේ බ්ලොග් එක ඇතුළු කරන්නේ කොහොමද ?

      Delete
    4. ඒකෙ නැද්ද .සිංඩියේ මේල් එකට හරි ඒකෙ පෝස්ට් එකකට හරි පණිවිඩයක් දාන්න. මාත් යවල බලන්නම්!

      Delete
  3. මෙත් මල් රූ!
    අපි ඔබව අපේ සින්ඩියට එක් කර ගත්තා කියන්නයි මේ කතා කලේ!
    අපේ සින්ඩියට ගොඩ වැදී බලන්න!
    මෙරට බ්ලොග් අඩවි 1250 කට ආසන්න සංඛාවකට ගොඩ වදිය හැකි පියගැට පෙලක ආරම්භක පියවර "සඳකඩමහණ සින්ඩියයි"
    දැනට ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සිඩිය තුල; නිර්මාන සඳහා වෙන් කොට පවත්වාගෙන යනු ලබන "කැඩපත් පවුර" කොලමේ දැක්වේ!
    දිගටම ලියන්න!

    අපගේ සිඩිය පිළිබඳව ඔබගේ බ්ලොග් අඩවිය තුල ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් එය අපට අනගි සහයකි!

    ReplyDelete