Thursday, December 21, 2023

ශිශිරයේ සිතුවිලි සිත්තම්

 ශිශිරයේ සිතුවිලි සිත්තම්


















අද දෙසැම්බර් 21. උත්තරාර්ධගෝලයේ ශිශිර සෘතුව නිල වශයෙන් පටන් ගන්නවා. ඒත් ඔබ දන්නවා සමහර පැතිවල කලින්ම හිම වැටිලා. හැමතැනම එකවගේ නෙවේ. විවිධයි. වර්ෂනය කියන්නේ හිම හෝ වැස්ස විදියට අහසේ එකතුවුණ වතුර කන්දරාව ආයේ පොළොවට එන විදිය.
අද උදේ අපේ ප්රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් වලින් නම් - 0.55. ඒත් මල් තුහින විතරයි පොළොව හා වහලවල් වහගෙන තියෙන්නේ. ඉර පායගෙන එනවා. ශ්රීෂ්මයේ වගේ නෙවේ දැන් පායන ඉරට ආදරයක් තමයි හිතෙන්නෙ. මූසල අළු පාට පරිසරය හීන් රත්තරන් කෙඳිවලින් වලින් පොරවන උදේ හිරු රැස් මනස්කාන්ත දර්ශනයක් මවනවා. ඉර ටික ටික පරිසරය උණුසුම් කරලා දෙනවා. එතකොට තමයි එළියට බහින්න පුළුවන් වෙන්නේ.
උදේ කෝපි කෝප්පය නිවෙන්නට කලින් බොන්න ඕන. තාපය කියන්නේ උණුසුම් වස්තුවකින් පිටට ගලා යන දෙයක්. කෝපි එකටත් ඒ දහම පොදුයි.
පින්තූරය කලින් වතාවක හිමේ ගිය වෙලාවක්.

5 comments:

  1. උත්තර අර් ධ ගෝලයේ ශිශිරය පටන් ගැනීමත් සමග දක්ෂිණ අර් ධ ගෝලයේ සිටින අපට ගිම්හානය ආරම්භ වෙනවා. ඒ උනත් අපටත් සමහර දිනවලට තවම සීතලයි. කොහොමත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල කාලගුණය හරිම අවිනිශ්චිතයි. මෙහේ කියමනකුත් තිබෙනවා " මෙහේ සමහරුන්ගේ ගතිගුණ කාලගුණය වගේමයි" කියා. තවමත් සමහර දිනවල උදේ සෙල්සියස් 4 -5 දවල් වනවිට 20 -25 රාත්‍රියට 30 -31 වාගේ වෙනස් වෙනවා. ඒ උනත් අප සිටින මෙල්බර් න් අවට හිම වැටෙන්නේ නම් නැහැ. ඇන්ටාර් ක්ටිකාවේ සිදුවන යම් යම් විපර් යාස මෙහෙට තදින්ම බලපානවා.

    ලංකාවේදී කිලෝමීටර 20ක් පමණ දුරින් පදිංචිවී සිටි අපට, ලෝකයේ කොන් දෙකක සිටිමින් මේ ආකාරයට කාලගුණය ගැන කතා කිරීමට ලැබේයයි සිතුවේවත් නැහැ නොවේද?

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් ඕස්ට්‍රේලියාවේ හිටියා , බ්‍රිස්බේන් වල.. මෙල්බන් කාලගුණය මේවගේ මොහොතකින් වෙනස් වෙන්න හේතූ වෙන්නෙ හුලං හමා එන දිශාව අනුවා...ඕස්ට්‍රේලියාවේ මැද කාන්තාරයක්...ඒ පැත්තෙන් හුලඟ එන කොට රස්නෙයි... ඕස්ට්‍රේලියාවට පල්ලෙහා ඇන්ටාටිකාව. ගැලැසියර අස්සෙන් එනෙ හුලඟ හරිම ශීතයි...ඉතින් සමහර වෙලාවට එකම දවසේ උදේට කාන්තරේ පැත්තෙන් හුලඟඟ ආවත් හැන්දෑ වෙනකොට ඇන්ටාටිකාව පැත්තෙන් එනවා... උදේට ඒසී දාගෙන ඉන්නවා හැන්දෑවට හීටර් දාගෙන ඉන්නවා... MAYYA

      Delete
    2. ස්තුතියි අදහස් දැක්වීම ගැන.ඔබ නම් විටින් විට විදෙස්වල හිටියා. මං degree එක ඉවරවුණු ගමන් විදෙස් අධ්‍යාපනය ගැන හිතුවත් ඒ තිබු වාතාවරණය යටතේ එය කළ නොහැකි වුණා. එහෙම්ම ලංකාවේ ජීවිතය ගෙවුණා. මං පළමු වතාවට ඉන්දියාවට ගියේ 2011. ඇමරිකාවට මුලින්ම ආවේ 2016. මේ වගේ එකම අහස යට දෙපැත්තක ඉඳන් කතා කිරීමත් ආශ්වාදයක් නේද?

      Delete
  2. උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුවේ දරා ගන්න අමාරුම කෑල්ල තමයි, හැන්දෑවේ හතර පහ වෙනකොට අන්ධකාරය වැටෙන එක. ඒ වගේම උදේ එලිය වෙන්නෙ පරක්කු වෙලා. මගේ ඇඟ තාම වැඩ කරන්නෙ ඉර එලිය එක්ක....නිදා ගෙනම එපා වෙනවා... -MAYYA

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ අදහස් දැක්වීමට. මට නම් කරන්න හරියට වැඩ තියෙනවා. පැය ගණන මදි වගේ. සීතල නම් ටිකක් අමාරුයි.

      Delete