Friday, December 22, 2023

නත්තල රතූ හා කොළ පාට වුණේ ඇයි?

 නත්තල රතූ හා කොළ පාට වුණේ ඇයි?












මං උදේම Facebook ආවහම කරන්නේ notification බලන එක. මගේ සහෘදයෝ ලියලා තියෙන කොමෙන්ටු කියවන්න මං ආසයි. ඒවා ඉමොජි නොවී වචන විදියට තියෙනවට ගොඩක් ආසයි. ඒ වගේම මං ඔබ අහන ප්රශ්නවලට උත්තර දෙනවා පුළුවන් විදියට.
අද මගේ මිතුරියක් වන මාලනී අබේවික්‍රම අහලා තියෙනවා හොඳ ප්රශ්නයක් මගේ Holly berry පින්තූරය යට. ඒ තමයි ක්රිස්මස් රතු පාට වෙන්නේ ඒ ගෙඩි නිසාද කියලා. ඇත්තටම ක්රිස්මස් රතු හා කොළ වර්ණ වලින් නියෝජනය වෙනවා. ඒ ඇයි? රතු කියන්නේ රුධිරයේ වර්ණය. ජීසස් කුරුසියේ වද විඳින වෙලාවේ හැලුණු රුධිරය. මිනිසුන්ගේ පාපය වෙනුවෙන් ඔහු හෙලූ රුධිරය තමයි රතු වලින් නිරූපණය වෙන්නේ.
කුමක් ද මේ මිනිසූන්ගේ පාපය? මගේ අදහස මිනිසුන් බරබ්බස් හො.. රා තෝරා ගැනීම. (අද ලංකාවේ මිනිස්සුත් හො.. රු තෝරගෙන නේ ඉන්නේ. ඒ වෙනුවෙන් කොච්චර දෙනා රුධිරය හෙළලා තියෙනවද? තාම පවු ගෙවිලා ඉවර නෑ.)
ඉතින් ක්රිස්මස් වල කොළ කියන්නේ (eternal) සදාකාලික බවේ වර්ණය. ඒක සදාහරිත ගහක කොළ වගේ. වසරේ හැමදාම කොළ තියෙනවා. මේ දවස් වල පතනශීලී ගස් වල කොළ හැලී ගිහින්. හැබැයි Holly සදාහරිත ශාකයක්. මේ දවස්වල ඒ ගස්වල කොළ හා ගෙඩි කැපී පේනවා. ඒ නිසා නත්තල් සැරසිලි වලට ඒ Holly අතු යොදා ගන්නවා.

6 comments:

  1. හිතලා නොතිබුන දෙයක්. කියෙව්වට පස්සේ තමයි හිතට ආවේ.

    ReplyDelete
  2. අසා තිබුණාට තවම ගස නම් දැකලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට.මෙහෙ තියෙනවා. තරමක පඳුරක්. ගහ උස ගියහම හැදෙන කොළවල දාරයේ කටු නැහැ.

      Delete
  3. මේක තමයි සාමාන්‍ය පිලි ගැනීම. ඒක හරි. හැබැයි කොන්ස්තන්තිනු කියන රෝමන් ක්‍රිස්ටියන් අධිරාජයා සැටනේලියා කියන පගන් උත්සවය ක්‍රිස්මස් උත්සවය හැටියට මාරු කළා. ජේසු ගේ රුධිරය කතාව හෙම පස්සේ කතු කරපුව. නැතිනම් ජේසු ඉපදුනේ 25 කියන එකවත් ඔප්පු කරන්න ප්[පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් 25 තමයි පාගන් උත්සවයේ අන්තිම දවස. සැටර්න් (හෙනහුරු) දෙවියන්ට බිලි පුජ පවත්වන්න අල්තරයත් රතු ලේ වලින් වැහෙනවා . හෝලි නැත්නම් evergreen ශාකයත් වින්ටර් එකේ තියන නිශ අපගන් ඉත්සවයට ඔටුනු හැදුවේ ඒකෙන්.
    ඒ කාලයේ නිල් පාටත් තිබ්බ කියනවා. (ඔය මම දන්නා ටික) . සැන්ටා ගේ රතු සහ කොළ ඇඳුම හැදුවේ නම් කොකා කෝලා කරය කියලයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට. ඔටුනු කතාව මාත් කියවලා තියෙනවා

      Delete