Saturday, December 30, 2023

ලොව වයස්ගතම කිකිළිය මිය ගියාය

 ලොව වයස්ගතම කිකිළිය මිය ගියාය




පීනට් නමින් හැඳින්වුණු ලොව වයස්ගතම කිකිළිය වයස අවුරුදු 21ක් ආයු වළඳා නත්තල් දින උදෑසන මිචිගන් හිදී මිය ගියා. ඈ වයස්ගතම කිකිළිය බවට ගිනස් වාර්තාව හිමිකරගෙන සිටියා.
පීනට් උපත ලබා තියෙන්නේ 2002 වසරේ දී. ඇගේ හිමිකාරිය වූයේ මාසි ඩාවින් නම් කාන්තාවයි. ඇයට අතහැර දමා තිබුණු බිත්තරයකින් සිහින් කිචි බිචියක් ඇහිලා තියෙනවා. බලද්දී එළියට ඒමට අපහසුවෙන් සිටි පුංචි කිකිළි පැටියෙක් ඇගේ උදවුවෙන් බිහිවෙලා තියෙනවා. මාසි කිකිළි පැටියාට පීනට් කියන නම තියලා හදාවඩා ගෙන තිබෙනවා.
පීනට් නින්දේදීම හෘදයාබාධයකින් මියගොස් තිබුණේ ඇගේ ප්රියතම ළගින තැනක් වන. මාසිගේ ගේ පපුව මත බව සඳහන් වෙනවා.
තොරතුරු අන්තර්ජාලයෙන්. පින්තූරය Unsplash free images වලින්.

8 comments:

  1. ලංකාවේ නම් වයස්ගතම එකාට දවස් 45ට වැඩි වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සුරතලයට හදන අය ඉන්නව. ලංකාවෙත් ඉන්නවා. සමහර නරුමයෝ ඔවුන්වත් හොරකම් කරනවා.

      Delete
  2. ඒකත් පුදුමයක් , ආහාර වේලට එකතු වෙන්නේ නැතිව දිවිය ගෙවීම

    ReplyDelete
    Replies
    1. සුරතලයට හදන අය ඉන්නව. ලංකාවෙත් ඉන්නවා. සමහර නරුමයෝ ඔවුන්වත් හොරකම් කරනවා.

      Delete
  3. රන්වන් රන්වන් - මගෙ රන් කිකිළී
    රන් වන් රන් වන් රන් කිකිළී . . . //

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලස්සන සිංදුවක් මතක් කළාට

      Delete