Monday, December 4, 2023

ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන

 ඔබේ දරුවාගේ අධ්යාපන ගමන



සාමාන්ය පෙළ ප්රතිඵල නිකුත් වී සිසුන් කොටසක් හා ඔවුන්ගේ දෙමාපියන් සතුටින් ෆේස්බුක් සටහන් තබා තියෙනවා . තවත් කොටසක් ප්රමාණවත් ප්රතිඵල නොලැබීම නිසා සන්තාපයට පත්වෙලා බව පේනවා. ඒ ගැන මං කලින් පෝස්ට් එකක් දැම්මා. ඔබට නැවත උත්සාහ කරන්න පුළුවන් බව මං එහිදී කිව්වා. මේ සටහන ලියන්නේ තවත් කාරණයක් මතක් කර දෙන්න.
සාමාන්ය පෙළ දිය බිඳක් නම් උසස් පෙළ සාගරයක් හා සමානයි කියලා කවුරු හෝ කියා තිබුණා. ඔව්, ඒ දෙක අතර ලොකු පරතරයක් තියෙන බව ඇත්ත. ඒ වගේම සාමාන්ය පෙළ A සාමාර්ථ ගත්තා වුණත් ඒ ලකුණු ලැබීමේ යම් යාන්ත්රික බවක් තියෙනවා. ඉලක්ක ගත ප්රශ්න වලටයි උත්තර ලියන්නේ. ඉතින් අර A සාමාර්ථ ගත්ත සිසුන් අතර දක්ෂයොත්, මධ්යස්ථ හා ඊට පහළ මට්ටමේ සිසුනුත් ඉන්නවා. මොකද පිරිසක් අතර බුද්ධිය ප්රමිතව ව්යාප්තවන ජානමය සාධකයක්. ඒ අනුව දරුවන් අතර ඉහළ බුද්ධි මට්ටම් ඇති සුභග ( Gifted children ) සිසුන් සුළුතරයක් ඉන්නවා. ඔවුන්ට පහසුවෙන් උසස් පෙළ විෂයයන් වුවත් වැටහෙනවා. මධස්ථ අයට ටිකක් මහන්සි වුණහම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊටත් පහළ අයට සුදුසු ක්රම වේද අනුව ටිකක් වැඩියෙන් උත්සාහ කරන්න වෙනවා.
සාමාන්ය පෙළ ලිව්වත් එක්කම සිසුන් උසස් පෙළ සඳහා ටියුෂන් යන බව රහාසක් නෙවේ. ඉස්සර ටියුෂන් කිව්වේ පාසලේ දී වැටහෙන්නේ නැති යමක් වඩාත් හොඳින් වටහා ගැනීම සඳහා ඇති අමතර උපකාරක පන්ති ලෙසයි සැළකුවේ. අප නම් එහෙමවත් ටියුෂන් ගියේ නැහැ. දැන් සේරටම කලින් ටියුෂන් යනවා. ඒ වගේම ඒ පන්තිවල කරන්නෙත් මුළු විෂය නිර්දේශය ආවරණය කරන්න හදන එක. ඒ විතරක් නෙවේ සමහර ළමයි ගුරුවරු කීප දෙනෙකු ළඟට යනවා. ළමයට සටහන් කන්දක් එකතු වෙනවා. පාසල අවසානයේ වගේම සති අන්තයේ ද ටියුෂන් පන්ති කීපයකට යන සිසුන්ට තමන්ට කියලා හිතන්න හෝ ස්වයං අධ්යනයේ යෙදෙන්න වෙලාවක් නැහැ. ස්වයං අධ්යනය යනු කුමක් ද කියාවත් ඒ සිසුන් දන්නේ නැහැ. කෙටි සටහන් පවා පන්තිවලින් දෙනවා. මේ නොනවතින සටන ඔරොත්තු නොදෙන දරුවන් රෝගීන් වෙනවා. ඒකට තව හේතුවක් තමයි මේ ළමයින්ට කිසිම ව්යායාමයක් නැති වීම වගේම සමබර ආහාර වේලක් නොලැබීම. ආහාර ගන්න වත් හරියට වෙලාවක් නැහැ. ටියුෂන් ගාස්තු අධික නිසා පවුල්වල ආහාර සඳහා වෙන්වන මුදල පවා අඩු වෙනවා.
දෙමාපියන් මේ ගැන කල්පනා කරාවී කියලා මම හිතනවා. ඊළඟට තියෙන තව රෝගයක් නම් සුදුසු වෙලාවට ප්රථම මේ විභාග වලට පුද්ගලිකව අයදුම් කර පෙනී සිටීමේ උමතුව. ලංකාවේ දැනට තියෙන ක්රමය අනුව ළමයින්ගේ කාලය අපතේ යන බව ඇත්ත. 7,8,9, ශ්රේණිවල කාලය අනවශ්ය ලෙස ගත වෙනවා. ඒකට පිළියම තම තමන්ගේ ළමයින් කලින් සාමන්ය පෙළ හා උසස් පෙළට ඉන්දවිම නොවන බව තේරුම් ගන්න. ප්රතිපත්තිමය වශයෙන් සාමාන්ය පෙළ වසරක් කලින් තියන්න පුළුවන්. ඒක රාජ්ය මට්ටමෙන් ගන්න ඕන තීරණයක්. අනික හැකි ඉක්මනින් විභාග ප්රතිඵල නිකුත් කිරීමේ ක්රම වේදයක් සකස් වෙන්න ඕන. ඒවා තනි තනිව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ වෙනස් කම් වුණොත් ඔබේ දරුවන්ට කලින් උසස් අධ්යාපනයට යොමු වෙන්න පුළුවන්. රටේ සුදුසු පාලනයක් ඇතිකරගන්න එකේ වගකීම තියෙන්නේ පුරවැසියන්ට.
ඔය ඇතැම් පන්තිවල ගුරුවරුන් ලෙස කටයුතු කරන අය ඒ ඒ විෂයයේ සරල සුදුසු තැනින් නෙවේ ආරම්භ කරන්නේ. මෙන්න මේ නිසා ඇතැම් සිසුන්ට හිතෙනවා ඒ විෂයය තමන්ට කරගෙන යන්න බැහැ කියලා. එතැනින්ම විෂයය ධාරාව වෙනස් කරනවා. හරි විදියට නම් පාසලේ අධ්යාපනයට යම් උදව්වක් විදියට උපකාරක පන්තියක් තිබීම සාධාරණයි. දැන් මේකට හුඟක් අය කියාවි පාසලේ උගන්වන්නේ නැහැ කියලා. හරි පාසලේ උගන්වන්නෙම නැද්ද? එහෙන්ම ඒක ගැන සොයා බලන්න දෙමාපියන්ට වගකීමක් තියෙනවා. උගන්වනවා කියා එකකුත් ඇත්තටම නැහැ. මග පෙන්වීමක් තමයි ගුරුවරුන්ට කරන්න පුළුවන්. ඒ මගේ යන්න සිසුවාට වෙලාවක් වෙන්කරගෙන ඉගෙන ගත දේ විමසන්න අවස්ථාව තියෙන්න ඕන. විෂයයේ තමාට ඇති ගැටළු සටහන් කරගෙන තම ගුරුවරයාගෙන් හෝ වෙනත් අයෙකුගෙන් ඒවා විසඳා ගන්න ඕන. නැතුව කළයක් මුනින් නවා වක් කරනවා වගේ මුළු විෂය නිර්දේශය හැම පන්තියෙන්ම වැටෙන්න ඕන නැහැ.
සුදුසු විෂය සංකලන තෝරාගෙන ඔබේ දරුවාට ඒ ගමන යන්න උදවු කරන්න. ඔබට ජය.
Photo credit to Tri Vo on Unsplash

9 comments:

  1. මම ඕලෙවෙල් ලිව්වෙ දැන් ඒ වෙනුවට ඩී දෙන කාලේ. වෛකල්පිති කියලා විශය දෙකකුත් කරන්න තිබ්බා. ඔක්කොම විශය 10 යි, මට ඩී දහයම තිබ්බා. නමුත් මම තේරුම් ගත්ත දේ තමයි පසු කාලේ මීට වඩා වැඩි කොලිෆිකේශන් ගන්න කොට මේ ඕලෙවෙල් සහතිකය කිසි වැදගත් කමක් නැතුව යනවා. ඒ හින්දා මම මගේ දරුවන්ට ඔලේවල් වෙන කන්, හැම විශයටම පන්ති යවමින් මහන්සි කරන්න හදන්නෙ නෑ. ඒ ගොල්ලො තමන් කැමති ස්පෝර්ට්ස් කරමින් ජීවිතය විදිනවා කියලා මට හිතෙනවා. හැබැයි මම එගොල්ලොන්ට් කියලා දීලා තියෙන්වා ඕලෙවෙල් පාස් වෙන වැදගත් ඊලග දොරටුව ඇර ගන්න.නමුත් ඒ 9 වැනි දේවල් පස්සේ හබා යන්න බල කරන්නෙ නෑ.. සමහර දෙමව්පියන් ඉන්නවා ලමයට ඉස්කොලෙ වර බිභට වල හැම විශයටම 75 ට වඩා ලකුනු තිබ්බත් තවත් කන් කෙදිරි ගාන අය.
    - Mayya -https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.මගේ ලොකු පුතා OL විද්‍යාව ගණිතය දෙකටම C ගත්තේ. පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරුවා. දැන් පශ්චාත් උපාධිද කරලා හොඳ තැනක ඉන්නවා. OL කියන්නේ තරග විභාගයක් නොවන බව දෙමව්පියන් තේරුම් ගන්නේ කවදාද ?

      Delete
  2. මා දැන සිටි ආකාරයට නම් පාසැල් ළමයෙක් නියමිත වසරට කලින් සා. පෙ. හෝ උ. පෙ. ලිවීම නීතිවිරෝධී වැඩක්. එසේ කිරීමට අවශ්‍ය නම් පාසැලෙන් ඉවත් විය යුතුයි. මේ නීතිය දැන් වෙනස් වෙලා ද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Thank you Litseeker, මාත් දන්න නීතිය ඒකයි. පසුකාලෙක AL පුද්ගලිකව කරන්න අවසර දුන් නිසා OL ද වෙනස් වුනාද දන්නේ.නැහැ.

      Delete
  3. දැන් හුඟක් ළමයි ඕ ලෙවල් හොඳ රිසල්ට්ස් අරගෙන ඒ ලෙවල් වත් කරන්නේ නැතිව ටෙක් කෝස් කරනවා. ඒකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම ගැන. OL වලින් පාසල් අධ්‍යාපනය නවත්තන එක හොඳ නැහැ. වසර 12ක පාසල් අධ්‍යාපනය අවශ්‍යයි. ඒ කියන්නේ AL ඉඳගැනීම හෝ අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා.

      Delete
  4. /උගන්වනවා කියා එකකුත් ඇත්තටම නැහැ. මග පෙන්වීමක් තමයි ගුරුවරුන්ට කරන්න පුළුවන්/
    මේ වගන්තිය නුතන දෙමාපියන් සඳහා ඉතාමත් වැදගත්. නව චින්තනය අනුව ඇත්ත වශයෙන්ම පන්තියක ගුරුවරයා අධ්‍යාපනය සඳහා "මගපෙන්වන්නෙකු" (Facilitator) මිස "දැනුම පොවන" කෙනෙකු නොවන බව අවබෝධ කර ගැනීම ඉතා හොඳ ප්‍රවේශයක් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සර් අදහස් දැක්වීමට. අප කොතරම් එහෙම මග පෙන්වුවාදැයි ඔබට මතක ඇති. අංකුර විද්‍යාඥයන් බිහිකිරීමට ඒවා දායක වුණා .

      Delete
  5. ලංකාවෙ අධ්‍යාපණය කොතරම් වෘත්තිය දිවියකට පිටිවහලක් වෙනවද කියල බලාගතෑකි... රජයේ බැංකුවකට, රජයේ කාර්්‍යාලයකට ගියහම.

    ReplyDelete