Sunday, December 3, 2023

යවමු පළවා තැවුල් සිනාසෙමු බිඳක්

 යවමු පළවා තැවුල් සිනාසෙමු බිඳක්




















අළුපාට දවස් දැන් එමින් ටික ටික
දුකම පුරවයි සිතට අහුරමින් ඉඩ
ඉර එළිය දකින්නට පොරබදයි සිත
සහන් එළියක් ළඟක පෙනෙන්නට නැත
අහස හරි දුක්බරයි කඳුළු එහි ඇත
අඬන්නට ගත් විටදි නැවතුමක් නැත
ඉරු ඇවිත් වියළවා පිසදමා නෙත
හංඟාවි මේ කඳුළු පැතුම වෙයි සිත
මේ මොහොත ඊළඟට ඒ මොහොත වෙන
සෑම ක්ෂණයම ගෙවී අතීතෙට යන
සිතින් විතරක් නැවත එහෙ ඇවිද යන
දුකද එක මොහොතකට සතුටක්ම වන
අඳිමු සිතුවම් පොතක සිහින සිතුවමක්
මවමු මාලිගා ඇයි කාටවත් වගක්
ඉඳිමු සතුටට එන්න හිතට දෙමු ඉඩක්
යවමු පළවා තැවුල් සිනාසෙමු බිඳක්
Image from Unsplash free images

4 comments:

  1. චිත්ත රූප මැවෙනා කවියක්! සමාවෙන්න කවි පෙලක්!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තට්ටයා ....ඒ අගය කිරීම මට වටිනවා.

      Delete