Sunday, December 3, 2023

පසුකලෙක පසුතැවෙන්න ඔබේ දරුවාට ඉඩ නොතියන්න

 පසුකලෙක පසුතැවෙන්න ඔබේ දරුවාට ඉඩ නොතියන්න
























සාමාන්ය පෙළ ප්රතිඵල නිකුත් වීමත් එක්ක කතාබහක් යනවා ඉගෙනගෙන වැඩක් නෑ. උසස් පෙළ වැඩක් නෑ. ව්යාපාර කරන්න ඕන. අනික් අයට රැකියා දෙන තත්වයට පත් වෙන්න ඕන. හොඳයි හොඳයි. එහෙම වෙන්න.
ඒත් ළමයාට අවුරුදු 12ක පාසල් අධ්යාපනය දියුණු රටවලත් තියෙනවා. ඒක වැඩක් නැත්නම් ඉවත් කරන්න ඕන නේ. එහෙම වෙලා නෑ. සමහර විට ඒක නැතිවීම පසුව හැමදේටම බාධාවක් වෙන්න පුළුවන්.
එක සැරයක් සාමාන්ය පෙළ අසමත් නම් තව සැරයක් උත්සාහ කරන්න. ළමයින්ගෙ බුද්ධිමය වර්ධනය වෙන පිළිවෙලක් තියෙනවා. ඒක හැම ළමයටම එකම විදියට වෙන්නේ නෑ. සමහර ළමයි වියුක්ත චින්තන අවධියට පත් වෙන්නේ පසුව. ඒ තත්ත්වයට ආ විට ඉගෙනීමේ විභාග සමත්වීමේ හැකියාව වැඩි දියුණු වෙනවා.
විෂය (subject) යන්නට කියනවා ශික්ෂණය (discipline) කියලා. ඇත්තටම විෂයයක් හැදෑරීම තුළින් ශික්ෂණයක් එනවා. ඉගෙන ගන්නා කාලේ ඒ වෙනුවෙන් ගත කරන්න. විශේෂයෙන් අවුරුදු 18ක් වෙනකම් ළමයෙක් බව මතක් කරන්න කැමතියි. ආදායම් සෙවීමට යම් හැකියාවක් ඇත්නම් ඒකත් සුළු වශයෙන් කරන්න. නමුත් ඉගෙනීම අත අරින්න එපා.
අත්දැකීම් ඇතිවයි මේ සටහන ලියන්නේ. ලොකුම ව්යාපාර කරන අය ඉන්නවා පසුවී හෝ ඔවුන් අධ්යාපන සුදුසුකම් ලබාගන්න වෙහෙසෙනවා. සභාපති තනතුරක ඉන්න, අධ්යක්ෂ මණ්ඩලයක වගේ ඉහළ තැනක කටයුතු කරන්න, ව්යාපාරික සබඳතා වැඩිදියුණු කරගන්න අධ්යාපනය අවශ්ය බව ඔවුන්ට වැටහෙන නිසයි එහෙම මහන්සි වෙන්නේ.
ඒ නිසා රැකියා කරන්න හෝ එහෙම ඕන නැත්නම් ව්යවසායකයෙකු වෙන්න හෝ අධ්යාපනය ඕන බව හිතට ගන්න. සමහරු හිතනවා ඉංග්රීසි ටිකක් කට ගා ගත්වීට සේරම හරි කියලා. ඉංග්රීසි ඉගෙන ගන්න. ඒකත් අවශ්යයි. නමුත් මූලික අධ්යාපනය ඉතාම වැදගත් දෙයක්.
පසු කලෙක පසු තැවෙන්න ඔබේ දරුවාට ඉඩ නොතියන්න.
Image from Unsplash free images

3 comments:

  1. මේකටම තව යමක් එකතු කරන්න කැමතියි. මේ මගේ අත්දැකීමක්. සමහර දෙමව්පියන් ළමයා එකම විෂයට ටියුෂන් පංති කිහිපයකට යවනවා වැඩි හොඳට කියලා. අන්තිමට ළමයා හොඳටම හෙම්බත් වෙලා එපාම වෙලා යනවා. එයාට ගන්න තිබුන ප්‍රතිඵලයත් නැතිව යනවා. ටියුෂන් වැඩි උන තරමට ප්‍රතිඵල හොඳ වෙන්නෙ නෑ. ළමයට හිත නිදහසේ තියාගෙන විවේක ගන්නත් ඉඩක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Litseeker. ඔව්, ඒක ගැන දෙමව්පියන් දැනුවත් කිරීම ඉතාම අවශ්‍යයි. දැන් ළමයින්ට හිතන්න වෙලාවක් දෙන්නෙම නැහැ. කෙටි සටහන පවා ටියුෂන් වල දෙනවා.

      Delete