Monday, January 8, 2024

ළමයි බොරු කියනව ද?

 ළමයි බොරු කියනව ද?















ව් ළමයි බොරු කියනව. වැඩිහිටියො ඊට වඩා බොරු කියනව. ළමයින්ගෙන් 96%ක් ගෙදරදී බොරු කියන බව වාර්තා වෙනව. අවුරුදු හතරෙ ළමයි හැම පැය දෙකටම වරක් ද අවුරුදු හයේ ළමයි හැම පැයකට වරක් ද බොරුවක් කියනව කියල තියෙනව. මේ ගැන වෙනම පර්යේෂණ සාහිත්ය තියෙනවා. මං ඒ ගැන ගැඹුරට කියන්න මෙහිදී අදහස් කරන්නේ නෑ.
දැන් මේ කතාව ඉස්සරහට යන්න කලින් ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕන 'බොරු' කියල හඳුන්වන්නේ මොනවද කියලා. ඊළඟට 'බොරු' කියල අපි කියන දේවල් දරුවන් ඔවුන්ගේ දැනුම් ප්රමාණය මත බොරු කියල අඳුන ගන්නවද කියලා.
බොරු කියන්නේ ගොතන ලද කතා, ෆැන්ටසි වෙන්න පුළුවන් කියලයි මෙහිදී ගන්න වෙන්නේ. සිදු නොවුන දෙයක් සිදු වුණ විදියට කියන එක. ඒව කියන දරුවො ඒව තම සිතට ඒවා කොහෙන් ආවද කියල දන්නේ නෑ. සමහර විට දඬුවම් ලැබීමට බයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මං මේ විදියට කිව්වොත් මොකද වෙන්නේ කියල අත්හදා බලන්න වෙන්න පුළුවන්. මං පොඩි කාලේ එහෙම ප්රබන්ධ ගොතල කියල තියෙනව. ඒ සමහර දේවල් හරිම විවාදාත්මකයි. දැන් හිතනකොට පුදුම හිතෙනවා.
සමහර විට මං මගෙ පාසල් යාළුවන්ට ෆැන්ටසි මවල ඇත්ත වගේ කියල තියෙනවා. උදාහරණ විදියට ගෙදර ලොකු උත්සව තිබුණ කියල ඇත්තටම නොතිබූ දේවල් කියල තියෙනව. අපි නිවාඩුවට එංගලන්තෙ ගියා. රැජින ඉන්න මාළිගාවට ගියා. ඒත් ඒ වනවිට ගුවන් ගමනක් ගැන හිතලවත් නෑ.
මේ කතා මවල කියන එක හුඟක් ළමයි කරනව ඇති. ඒ නිසා අද ඉන්න ළමයි ඉස්සර හිටිය ළමයි වගේ නෙවේ කියන්න බෑ. ඉස්සර හිටිය ළමයි අහිංසකයි දැන් ළමයි මැරෑටි කියන්න බෑ. ළමයි ළමයිම තමයි. මාත් ඉස්සර හිටිය ළමයෙක්.

Thank you Merritt Thomas for the image on Unsplash

8 comments:

  1. මේ වගේ ඒවා බොරු කියලා හඳුන්වනවට වැඩිය නිර්මාණාත්මක සංකල්ප වගේ තමයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම ගැන. ඔව්, මම අදහස් කරන්නෙත් ඒවා නිර්මාණාත්මක දේවල් හැටියට තමයි. Alice in Wonderland වගේ. නමුත් පොදු ව්‍යවහාරයේ බොරු ලෙස කියනවා.

      Delete
  2. ලංකාවේ නම් ලමයා ඉපදෙන්නත් කලින් ඉදන්නේ බොරු කරන්නෙ....උපදින ඇඩ්‍රස් එකේ ඉදන්ම...

    -Mayya

    https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම ගැන. මම අදහස් කරන්නේ ලොකු අය උගන්වන බොරු නෙමේ. ළමයා තුළින් පැන නගින අහිංසක සංකල්ප

      Delete
  3. වන් මල් කුඩා ළමයින් දොඩවාවි බොරූ
    ඉන් අවදානෙ ගන්නටදෝ වෙහෙස දැරූ
    උන් හිටි ගමන් වැඩිහිටියොද එහෙම කෙරූ
    දන් නෑ මොකද හැසිරෙන්නේ ලෙසට හොරූ...

    අපූරුයි ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ කදිම කවියට. කවියෙන් පිළිතුරක් දෙන්නම්.

      හැම විට අපේ සිත ඉල්ලන්නේ සිහින
      ඒකයි කතා මැව්වේ අප සැම නිතින
      සමහරු බොරු විදියි ඒවා දැන හැඳින
      පෙරමග බලමු ගොඩවෙමු හමුවෙමු එදින

      Delete
  4. පුංචි කාලේ මමත් මවපු කතා කියල තියනවා යාළුවන්ට . හුඟක් ඒවා මගේ පියා කියා දුන් කතා වෙනස් කරලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම ගැන. ඒවා නිර්මාණාත්මක හැකියා. ප්‍රබන්ධ කියන්නේ ඒවාට.

      Delete