Wednesday, January 17, 2024

ඔස්ටියෝපොරෝසිස් හා සෝයා

 ඔස්ටියෝපොරෝසිස් හා සෝයා













වයසට යාමත් සමග සෑම ස්ත්රීන් 5ස් දෙනෙකුගෙන් තිදෙනෙකු හා සෑම පුරුෂයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු අස්ථි දුර්වල වීමේ රෝගය හෙවත් ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පීඩා විඳිනවා. මේ රෝගයේ රෝග ලක්ෂණයක් නෑ. අස්ථි බිඳීමක් වුණහම තමයි දැන ගන්නේ තමන්ට එවැනි රෝගයක් ඇති බව. නමුත් නූතන වෙෙද්ය පරීක්ෂණ මගින් අස්ථි ඝනත්වය මැනීමෙන් එය දැන ගැනීමට පුළුවන්.
ශරීරයේ හෝමෝන විශේෂයෙන්ම ඊස්ට්රජන් හිඟ වීම මේ රෝගයට ප්රධාන හේතුව වෙනවා. පිරිමින්ගේ හෝමෝන වෙනස සෙමින් වන අතර ගැහැනුන්ගේ ආර්තව හරණය සමග ශීඝ්ර ලෙස ඊස්ට්රජන් පහළ බහිනවා. මේ නිසා අස්ථි දුර්වලවීමේ ප්රවණතාව ද වැඩි බව පැහැදිලියි.
රෝගය වලක්වා ගැනීමට අපේ ආහාර රටාව මෙන්ම ව්යායාමයද වැදගත් වෙනවා. දිනකට පැයක් පමණ ඇවිදීම අවශ්යයි. ආහාර අතර සෝයා වලට වැදගත් තැනක් හිමි වෙනවා. සෝයා ඇටවල ඇති අයිසොෆ්ලේවෝන්ස් ඇතැම් අයගේ ආහාර මාර්ගයේ දී ජීර්ණ ක්රියාවලිය වෙන විට ඊක්වොල් නම් සංයෝගයකට හැරෙනවා. මේ ඊක්වොල් ඊස්ට්රජන් මෙන් ක්රියාකර අස්ථි යහපත්ව පවත්වා ගන්න උදවු වෙනවා. එපමණක් නොවේ ඊක්වොල් ආර්තවහරණයේදී ඇතිවන අපහසුතා ද මග හරවනවා. ප්රතිකාර ලෙස ඊස්ට්රජන් හෝමෝනය ගැනීමෙන් පිළිකා ඇතිවෙන්න පුළුවන් නමුත් ඊක්වොල් වල ඒ අවදානම නෑ. ආහාර මාර්ගයේ දී සෝයා අයිසොෆ්ලේවෝන්ස් ඊක්වොල් වීම සිදුනොවන අයට පිළියෙල කළ ඊක්වොල් ලබා ගන්න පුළුවන්. මේ හැර කිවි පලතුර ද මේ තත්ත්වය වලක්වා ගැනීමට උපකාර වන තවත් ආහාරයක්. එහි විටමින් K වැඩි ප්රමාණයක් ඇති අතර එය ද අස්ථි සඳහා වැදගත් දෙයක්.

2 comments:

  1. ආර්තවහරණය වුනු ස්ත්‍රීන් අතර ඔස්ටියෝපොරෝසිස් රෝගය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා නේද? කැල්සියම් සහ විටමින් ඩී අඩංගු ආහාර තමයි හොදයි කියන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...ඒක තමයි ස්ත්‍රීන් 5ස දෙනෙකුගෙන් තුන් දෙනෙකුටම හා පිරිමි 5ස දෙනෙකුගෙන් එක අයෙකුට රෝගය තියෙන්නේ. කැල්සියම් උරා ගැනීමත් හරියට වෙන්නේ නැහැ . මේ ගැන කියන්න හුඟක් දේ තියෙනවා. වෙන පෝස්ට් එකක් ලියන්නම්

      Delete