එහෙමත් කාලයක් තිබුණා
එහෙමත් කාලයක් තිබුණා
ඒත් ෆෝන් තිබුණෙ නෑ
ඉතින් කෑවද බිව්වද
ඔයා දැන් කොහෙද
මට හරි පාළුයි
දකින්න ආසයි
හුළඟේ පාකර
පණිවිඩ යැවුණා
ඕනම ඕන වුණහම
තැපැල් පතක ලිපියක
මුතු අකුරු ඇමුනුණා
ලියුම් පෙට්ටියට වැටුණා
පිළිතුරු සීනුහඬ
හදගැස්ම වැඩිකරන
එනතුරු මග බලන
ඒ කාලය මතකයකි
හදවත කිතිකවන
👌👌👌
ReplyDeleteස්තූතියි! මතකයක් එක් කලාට. ජය වේවා!
ReplyDeleteYou are welcome
Delete