Saturday, January 20, 2024

කටු අකුලක මල වුව මැන

 කටු අකුලක මල වුව මැන





කොළ නැති කටු පිරි ගස් කැක්ටස් වර්ග ජලය හිඟ පරිසරයක ජීවත් වෙන්න අනුවර්තනය වෙලා තියෙනවා. කොළ තිබුණොත්
අමාරුවෙන් හම්බවෙන වතුර ටික ඒ කොළ ලෝබ නැතුවම වායුගෝලයට මුදා හරිනවා. ඉතින් මේ ගස් කොළ නැතිකරගෙන කටු ඇති කරගෙන ඒ අමාරු පරිසරය ජය ගන්නවා.
සමහර වෙලාවට අපට වුණත් කොළ නැති කරගන්න වෙනවා. කටු ඇති කරගන්න වෙනවා. නැත්නම් කොළ හංග ගන්න වෙනවා. මොකද කොළ හරි ලාමකයි. වතුර ටික දීලා දානවා. කටු රළුයි. ඇනුණොත් රිදෙනවා. රිදෙනවට හුඟක් අය බයයි.
කැක්ටස් වල කොළ කරන වැඩේ කඳ තමයි කරන්නේ. ඒකයි කඳ මහත හා කොළපාට. කඳේ වතුර රඳවා ගන්න වැඩෙත් කරනවා.
කටු අකුල්වල වුණත් මල් පිපෙනවා.

6 comments:

  1. පරිණාමයේ රීතිය නේ...

    ReplyDelete
  2. ඔව් සමහර මල් පිපෙන්නේ ගහට නොවේ ලොවට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔව් ...ලොවට එහි අගය වැටහෙන්නේ නෑ

      Delete
  3. කටු අකුලේ මල් ඇහැරේ... ඒ ලස්සන ගීය මතක් උනා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමියා ...ඒක ලස්සන ගීතයක්

      Delete