Thursday, May 30, 2024

අන්තර්ජාතික ආර්තව ස්වස්ථතා දිනය International Menstrual Hygiene Day 28th May 2024

 අන්තර්ජාතික ආර්තව ස්වස්ථතා දිනය

International Menstrual Hygiene Day 28th May 2024







ද කාන්තාවන්ට සුවිශේෂී දිනයක්. කාන්තාවක් සිය ජීවිතයේ අවුරුදු 30කට වැඩි කාලයක් මුහුණ දෙන ජීව විද්යාත්මක සංසිද්ධියක් ආර්තවය කියන්නේ.
ගැහැනු දරුවෙක් වැඩි විය පත් වෙනවා කියන්නේ පළමු ආර්තවය සිදු වීම. ඒක දැන ගන්නේ රුධිරය පිටවීම සමග නමුත් ඊට සති කීපයකට පෙර සිට ඇගේ ශරීරයේ සිදුවූ ක්රියාවලියක ප්රතිඵලය විදියට තමයි රුධිරය පිට වෙන්නේ. ඇගේ ඩිම්බ කෝෂවල ඩිම්බයක් මෝරලා ඒක පිටවෙලා පැලෝපීය නාලය දිගේ පහළට එනවා. එය සංසේචනයක් නොවුනහම ගර්භාෂයේ බිත්තියේ අභ්යන්තර ස්ථරය සමග බිඳ වැටී රුධිරය හා පටක සමග එළියට පිටවීම තමයි ආර්තවය. මේ හා සම්බන්ධ සංකීර්ණ හෝමෝන පාලනයක් තියෙනවා. එතැන් සිට මේ විදියට දවස් 28කට වරක් ආර්තව චක්රය සිදුවෙනවා. ඒක නවතින්න පුළුවන් සාමාන්ය අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් ගර්භනී වීම. අනික ආර්තවහරණයේදී. එහෙම නැතුව නවතිනවා නම් සෞඛ්යය ප්රශ්නයක් වෙන්න ඕන.
ආර්තව දිනවල සාමාන්ය ජීවිතය ගෙනයන්න නම් පිටවන රුධිරය අවශෝෂණය කරගන්න දෙයක් පළඳින්න වෙනවා. මේ සඳහා අතීතයේ රෙදි තමයි භාවිත වුණේ. අප මුල් කාලවල පාවිච්චි කළෙත් රෙදි. ඒවා සිනිඳු වීම අත්යවශ්යයි. නැතිනම් ඉකිලි ප්රදේශ තුවාල වෙනවා. ඒ වගේම ඒවා උණු වතුරේ තම්බා සෝදා වියලා නැවත පාවිච්චි කරන්න ගන්නවා. ඇත්තටම අද පවතින වාතාවරණය සමග මෙහෙම කරන එක අමාරුයි. එදා හරිම අපහසු කාල අපි ගත කරලා තියෙනවා. විශ්ව විද්යාල ජීවිතයේ දී පවා එහෙම අපහසු කාල අපේ වයසේ කවුරුත් ගතකළා.
පසු කාලයේ සනීපාරක්ෂක තුවා වෙළඳපොලට ආවා. මුලදී ආවේ ඉනට ගැට ගසන ඒවා. අලවන ඒවා ආවේ පසුව. මේ වනවිට සනීපාරක්ෂක තුවා වලට අමතරව ටැම්පොන්, මෙන්ස්ට්රුවල් කප් ආදිය තියෙනවා. මේවායේ මිළ ගණන් අධික වීම කාන්තාවන්ට බලපානවා. වියදම් සමබර කර ගැනීමේ දී පවුලේ අනිකුත් කටයුතු ඊට වඩා පෙරට එනවා. කාන්තා ස්වස්ථතාව පවත්වා ගැනීම හා ඇගේ එදිනෙදා කාර්යයන් සඳහා පහසුව ලබා දීම සමාජයටම වැදගත් දෙයක් බව අද මතක් කර දෙන්න ඕන. ඒ නිසා යම් සහනයක් යටතේ මේ කාන්තා අවශ්යතා ඉටු කිරීමට වග කිව යුත්තන් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
මේ හැර ආර්තවය සම්බන්ධ යම් අපහසුතා සඳහා ප්රතිකාර ලබා ගැනීමත් වැදගත්. ඒ දිනවල අධික වේදනාව නිසා වින්ද පීඩා මෙතෙකැයි කියන්න බෑ. විභාග වලටත් ඒවා බලපැවා. රීඩ් මාවතේ ගස් පවා ඒ වේදනාව දන්නවා. ක්ලාන්තයෙන් පෙලුණු කෙසඟ දැරියකට ඒ ගස් පාමුල සෙවන දුන් හැටි ඒවාට මතක ඇති. අද නම් ඒ සඳහා වඩා සුදුසු වේදනා නාශක ප්රතිකාර ඇති.
අධික රුධිර වහනය වෙනවා නම් වගේම රුධිර වහනය දින 3,4කට වඩා තියේ නම් ඒ සඳහා ප්රතිකාර ගන්නත් ඕන. මට එවැනි තත්ත්වයක් ඇතිවී විශ්ව විද්යාලයෙන් එක්තරා කාන්තා රෝහලකට මා යොමු කළා. එදා ඒ රෝහලේ දී ශිෂ්යාවක වශයෙන් මා අපහසුතාවයට පත් වුණා. එහි සිටි සේවිකාවන් එක්තරා රටාවක් අනුව තමයි හැමෝටම සළකන්න පුරුදු වෙලා හිටියේ. පසුව අදාළ වෙද්යවරිය ඉදිරිපත් වී මා ඒ අපහසුතාවයෙන් මුදවා ගෙන මට යකඩ ඌනතාවයට ප්රතිකාර කිරීමෙන් ඒ තත්ත්වය සමනය කළා.
අද තත්ත්වය යහපත් ඇති කියලා හිතනවා. කෙසේ වුවත් කාන්තා ස්වස්ථතාව කියන්නේ ඒ ඒ කාන්තාවට පමණක් නොව පවුලට මෙන්ම මුළු මහත් සමාජයටම ඉතාම වැදගත් දෙයක් බවයි කියන්න තියෙන්නේ.
හුඟක් දවසකින් ලියූ හෑල්ල ඔයාලා කියවන්න ඇති නේද?
image from Unsplash

2 comments:

  1. කාටත් ප්‍රයෝජනවත් සෞඛ්‍යයට අදාළ ලිපියක්.

    ReplyDelete