දවල් හීන
හිටපු ගමන් දකිමි
පොඩි දරුවෙක්
පස්සෙන් දුව දුව
වැටි වැටී නැගිටින
පොඩි දැරියකට
කෑම කවන
දවල් හීනය
හදිසියේ පොඩි එකෙක්
ඔක්කේ ගහන්
බස් එකකට නැග
දොස්තර ගෙදර දුවන
දවල් හීනය
පුංචි නිල ඇඳුමක්
අන්දවා ගෙන
සුළැගිල්ල අල්ලාගෙන
පොඩි එකෙක් පාසල්
එක්ක යන
දවල් හීනය
ඇහැරිලා
නිදිගැට කඩා
වටපිට බලන විට
ඉවර වෙලා ඒ
දවල් හීනය
සැබෑ වෙන්නට පෙර මිහිරි සිහිනයක්. සැබෑ වූ පසු ?
ReplyDeleteNext dream....Thank you
Delete