Friday, May 30, 2025

දවල් හීන

 

දවල් හීන



හිටපු ගමන් දකිමි

පොඩි දරුවෙක්

තුරුළු කරගෙන
කිරි පොවන
දවල් හීනය
පස්සෙන් දුව දුව
වැටි වැටී නැගිටින
පොඩි දැරියකට
කෑම කවන
දවල් හීනය
හදිසියේ පොඩි එකෙක්
ඔක්කේ ගහන්
බස් එකකට නැග
දොස්තර ගෙදර දුවන
දවල් හීනය


පුංචි නිල ඇඳුමක්
අන්දවා ගෙන
සුළැගිල්ල අල්ලාගෙන
පොඩි එකෙක් පාසල්
එක්ක යන
දවල් හීනය
ඇහැරිලා
නිදිගැට කඩා
වටපිට බලන විට
ඉවර වෙලා ඒ
දවල් හීනය

2 comments:

  1. සැබෑ වෙන්නට පෙර මිහිරි සිහිනයක්. සැබෑ වූ පසු ?

    ReplyDelete