බලාපොරොත්තු
ගලන ගඟ ගලා
යයි අරගෙනම ජලදහර
හෙලන තුරු
පතෙක ඇත කල් බැලුව කතන්දර
නැගෙන සඳ
නොදනීද අමාවක තිබු අඳුර
බහින හිරු
කිරණවල නැහැ සැරට රැස් දහර
පිපෙන මල්
පිපේවි පරවේවි තියෙන මල්
වැසෙන නෙතු
පියන් යට සැඟවේවි කඳුළු මල්
සිතෙන
සිතුවිලි ඇතත් කුමට තව දුක් තැවුල්
බැඳෙන බැම්මක
වුවද සවිය නැත සෑම කල්
රැළි නැගේ
රැළි බිදේ මූද මැද නැව් ඇදේ
වැලි වුවත්
වැළපෙමින් මුදු දිය හා ඇදේ
මැලි නොවී
එකතුවී වෙන තැනක යළි රැඳේ
පිළිගැනී ඒ
වැලිම ගොඩබිමක් හා බැඳේ
බිඳෙන සිහිනය
බිදෙයි ආයෙ නෑ පෙනෙන්නේ
රැඳෙන මතකය
පමණි සිත් තැවුල් ගෙනෙන්නේ
ඇරෙන දොර
අතීතේ අගුළු ලා වසන්නේ
සිඳෙන විල්
සිඳුණාට ආයෙ දිය පිරෙන්නේ
Photo From Unsplash

No comments:
Post a Comment