ඈත්වීම
ඉරු නඟින හිරු බසින එකම අහසක යටින්
ඔබ තැනක වැඩක ඇති මං මෙහේ නිදිමතින්
එදා දුටු සිහින නෑ සැබෑ වී කිසි ලෙසින්
ජීවිතේ ගෙවී යයි හමුවීම් නැත ඉතින්
කඳු උඩින් වෙනද වගෙ ඉරපාන පේනවද
ගමේ කෙළවර තාම දොළපාර ගලනවද
පොඩි ළමයි වෙල් එළියෙ සරුංගල් අරිනවද
අපේ සෙල්ලම් ගෙදර හදපු තැන තියෙනවද
කෝටු සිටුවා සාරි වටේටම එල්ලලා
මං තාත්තා වෙලා ඔයා අම්මා වෙලා
මල්ලිලා නංගිලා අපේ දරුවන් වෙලා
කැලෑ ගෙඩි කොළ කඩා මාළු පිණි සරි වෙලා
කාලයට තිබුණෙ හරි තදියමක් ගතවෙන්න
ඒ නපුරු කාලයට බැරි වුණා නවතින්න
පුංචි හිත්වල සතුට හොරෙන් අරගෙන යන්න
විතරමයි කාලයට ඕන කළෙ කරගන්න
කාලෙකට පස්සේ මං එනවිටදි කල්බලා
පුදුමයකි මට ඔයා හැඩවෙලා ලොකු වෙලා
ඇත්තටම අපි ගෙයක් හදමු කෝ එක් වෙලා
ඔයාගෙන් ඇහු වෙලේ ඇයි හිටියෙ ගොලු වෙලා
ඔබ තැනක වැඩක ඇති මං මෙහේ නිදිමතින්
එදා දුටු සිහින නෑ සැබෑ වී කිසි ලෙසින්
ජීවිතේ ගෙවී යයි හමුවීම් නැත ඉතින්
කඳු උඩින් වෙනද වගෙ ඉරපාන පේනවද
ගමේ කෙළවර තාම දොළපාර ගලනවද
පොඩි ළමයි වෙල් එළියෙ සරුංගල් අරිනවද
අපේ සෙල්ලම් ගෙදර හදපු තැන තියෙනවද
කෝටු සිටුවා සාරි වටේටම එල්ලලා
මං තාත්තා වෙලා ඔයා අම්මා වෙලා
මල්ලිලා නංගිලා අපේ දරුවන් වෙලා
කැලෑ ගෙඩි කොළ කඩා මාළු පිණි සරි වෙලා
කාලයට තිබුණෙ හරි තදියමක් ගතවෙන්න
ඒ නපුරු කාලයට බැරි වුණා නවතින්න
පුංචි හිත්වල සතුට හොරෙන් අරගෙන යන්න
විතරමයි කාලයට ඕන කළෙ කරගන්න
කාලෙකට පස්සේ මං එනවිටදි කල්බලා
පුදුමයකි මට ඔයා හැඩවෙලා ලොකු වෙලා
ඇත්තටම අපි ගෙයක් හදමු කෝ එක් වෙලා
ඔයාගෙන් ඇහු වෙලේ ඇයි හිටියෙ ගොලු වෙලා
හීන ඔක්කොම හැබෑ වෙනවනම් එතැන ජීවිතයක් නෑනෙ. හැබෑ නොවෙන තැන තමයි ජීවිතය. අපූරු නිර්මාණයක්
ReplyDeleteYes of course! Thank you for the appreciation Litseeker
Deleteඅර කිව්වත් වගේ ලස්සන නිර්මාණයක්.👌🙏
ReplyDeleteThank you D.G.M Bassa for the appreciation.
Delete