රන් කුඩූ තැනුවේ නැත නුඹට
යකඩ කම්බි කුඩුවක් මිස
කූඩු කර දුක් දෙන්නට
ඇවැසි වූයේ නැත අපට
ඒත් ආගන්තුක නුඹ
එදා හිමිදිරි පාන්දර පැමිණ
රෙදි වැලේ ලැග කතා කල විට
කෙලෙස අත හරින්නද
සතුරන් රැසක් අතරට
එදා සිට අප ළඟ
එදා අතදරු අප පුංචි පුතු
තරුණ විය එලඹුන
ඒ වසන්තය තෙක්ම අප වෙත හිඳ
සිටියා ඇතැයි සිතුණිද
නැතිනම් සෙනෙහස අඩුවීද
අපෙන් නුඹට
ඉසිඹු නොලැබම අප
යන විට දිවිමඟ
කටුක ගමනක
නුඹ හා සතුටින් දොඩමළු වෙන්නට
කාලය කෙසේ සොයනෙම්ද
අනේ ! නුඹ කූඩුව හැර
පියා සැලුවා ආපසු නොබලාම
දුකින් මුසපත් වී ගෙන
දිවූ මුත් නුඹ පසුපස
ඒත් ...නුඹ ආපසු නොබලාම
හැර ගියා අප ද
අප නිවස ද ..
වෙලේ දොලේ පවනේ කොතැනක වේවා
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
රැලේ නුඹට නුඹේ අයිතිය ඇතී වේවා
කුලේ රකින්නට ඉඩකඩ සැලසේවා
No comments:
Post a Comment