Friday, August 24, 2018

මිනිසකුගේ කතාවක්



A famous saying….(Every man should) plant a tree, have a child, and write a book. These all live on after us, insuring a measure of immortality.


මිනිසකුගේ  කතාවක් 

"ගසක් වවන්න
පුතෙක් හදන්න
පොතක් ලියන්න
මිනිහෙක් වෙන්න"

ගසුත් වැවුවා
පුතත් හැදුවා
අන්තිමේ මම
පොතත් ලියුවා

කලුත් ගතවී
දිවා රෑ වී
මමත් ටික ටික
ගිහින් වයසට

පුතත් තරමක්
උස් මහත්වී
රටත්  අතහැර
ගිහින් ඈතට

පොතත් මිටි බැඳ
ගෙදරමුල්ලක
අකුරු ටික ටික
මැකී ගොස් ඇත

ගසුත් කැපිලා,
දියත් සිඳිලා
රටත් කතරක්
බවට හැරිලා

මාත් අඹුවත්
දෙදෙන තනිවී
කතර මැද ඇත
අද අනාථව .

2 comments:

  1. මෙයට ගැලපෙන කෙටි Video එකක් මාළඟ ඇති එය සොයා පිටපතක් e-mail කරන්නම්.

    ReplyDelete
  2. ඔබට ස්තුතියි ....

    ReplyDelete