දරුවන් නැණවත්
දරුවන්ගේ මොළය පුදුම සහගත වේගයකින් වැඩෙනවා. අවුරුද්දක් වයස වෙනකොට ළදරු මොළය දෙගුණයක් විශාල වෙන අතර ඊළඟ අවුරුදු හතර අවසන් වෙනකොට ඒ කියන්නේ පෙර පාසැල අවසන් වෙනකොට එය වැඩිහිටි මොළයක් තරමට වැඩෙනවා. මේ වනවිට ළදරු මොළයේ නියුරෝන අතර සබදතා , උපාගම ට්‍රිලියන 1000ක් විතර ඇති වෙලා. බොහෝ කාලයක ඉදන් අපි දන්නවා ළදරුවන් එක භාෂාව කට වඩා කතා කරන්න දක්ෂ වෙන බව. දැන් නවීන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා ඒකට හේතුවෙන කාරණා මොනවාද කියල.
අධ්‍යනයකට අනුව මාස 4 වයසෙදිත් ඔවුන් මව කතා කරන වෙනස් භාෂා වෙන්කර හඳුනා ගන්න දන්නවා. ඒ කතා කරන තැනැත්තාගේ මුවේ හැඩය, රිද්මය, මුහුණේ චලන, ඉරියව් ආදියෙන් හදුනා ගැනීමෙන්. ද්වි භාෂා පරිසරයක හැදෙන වැඩෙන දරුවෙක් මේ වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව වැඩියෙන් දියුණු කරගන්නා නිසා පසුව භාෂා ඉගෙනීමේ දක්ෂද ද වැඩි වෙනවා. මේ හැර දරුවන් අන් අයගේ හැගීම් හදුනා ගැනීමටත් සංගීත රිද්මයන් හදුනා ගැනීමටත් සමත් වෙනවා. දරුවන් කතා කරන්න පෙර බොහෝ වචන වල තේරුම දන්නවා, මාස 6ක් වගේ වයසෙදිත්.
ඒ වගේම මාස 15ක් වෙන විට ඔවුන් සමාන අසමානතාව ගැනත් හොඳ අවබෝධයකින් යුක්ත වෙනවා. අන් අයට දේවල් පරිත්‍යාග කිරීමෙන් දරුවන් සතුටු වෙනවා. දරුවන් අන් දරුවන්ගේ හැසිරීම් ඉක්මනින් අනුකරණය කරනවා. ඔබේ දරුවන් සංගීතයට යොමු කිරීමෙන් , සංගීත භාණ්ඩයක් වැයීමට යොමු කිරීමෙන් වඩා යහපත් අදහස් හුවමාරු කිරීමේ හැකියා ඔවුන් තුළ වර්ධනය වේවි.
Monday, February 25, 2019
Sunday, February 24, 2019
චාරිකා සටහන් - Shimla- Manali 08
චාරිකා සටහන් - Shimla- Manali 08
දැන් ඉතින් අපි කෝච්චියේ....විශාල පෙට්ටියක් මේක. සෙනග100ක් විතර හොඳ පහසුකම් සහිතව ඉඳගෙන ඉන්නවා. මේ දුම්රිය Chandigarh වලින් පටන්ගත්තාම නැවතුම් දෙකක් අතරමග තියෙනවා. අවසන් නැවතුම දිල්ලිය. දුම්රිය 266km දුරක් පැය 31/2 කින් යනවා. ඒ කියන්නේ එහි සාමාන්‍ය වේගය 55km /hr විතර. දුම්රියේ වැඩි හරියක් හිටියේ ඉන්දීය ජාතිකයන්. ඔවුන් නිහඬව පොතක් කියෙව්වා, laptop එකේ හරි phone එකේ හරි යමක් කළා. කෑ ගැහැව්වේ අපි විතරයි. පස්සේ අපිත් පරිසරයට අනුවර්තනය වෙලා බොහෝ දුරට නිහඬ වුණා. අපිට රාත්‍රී ආහාරය දුම්රියේ ලැබෙන බවයි කිව්වේ. ඔන්න දැන් තමයි හොඳම හරිය. ටික වෙලාවකින් වේටර් ළමයා කඩියා වගේ දුවමින් අපිට සැන්ඩ්විච්, curd, තවත් දේවල් දෙකක් විතර එක්ක බඳුනක් පිලිගැන්වුවා. අපි හිතුවේ මේ තමයි රාත්‍රී ආහාරය කියලා. කන්න ටිකක් අමාරු වුනත් කාල අපේ බෙහෙත් එහෙමත් බිව්වා. මෙන්න ටික වෙලාවකින් අර වේටර් දරුවා ආයෙත් බඳුනක් ගෙනාපි, සුප් එකක්,ඉඟුරු විස්කෝතු වගේ දෙකක්, බටර් කුඩා බඳුනක්, සෝස් එකක් එහෙම එක්ක. අර බටර් හා සෝස් සුප් එකට දාල ඉඟුරු නැති විස්කෝතු ඒකෙ පොගවන් කන්න කියල අන්දමන්ද වෙලා හිටි අපිට කියා දුන්නේ ප්‍රභාශිගේ එහා පැත්තේ හිටපු ඉන්දීය ජාතිකයා.
ඉතින් ඔන්න ඒකත් කෑව. තව ටිකකින් ගේනවා main dish එක. ඒකෙ බත්,ව්‍යංජන ඇතුළු හැම දෙයක්ම තිබුණා. අපරාදේ සැන්ඩ්විච් කාල බඩ පුරවා ගත්තේ කියල හිතුණා. පොඩ්ඩක් කෑව හැම දෙයින්ම. අපේ කට්ටිය වේටර් කොලුවා ඉන්න පැත්තට එබිලා කිව්වා තව මොනවාද ලෑස්ති කරනවා කියලා. මෙන්න ලොකු අයිස්ක්‍රීම් එකක් ඊ ලඟට. ඒක නම් හරිම රසයි. මේ එක ළමයෙක් කිසි කතාවක් නැතුව සේරටම සංග්‍රහ කළ හැටි අපුරුයි. අපේ රටේ නම් දහයක් වත් ඉන්න වෙයි.
දුම්රියේ වේගයත් අපි පහු කරන්නේ කුමන ස්ථානයක් ද යන්නත්, තව කොතරම් වෙලා යනවා ද යන්නත් තිරයක සටහන් වෙනවා. ඉතින් ඒ අපූරු කෑම වේලෙන් පස්සේ ටිකක් අපි නිදා වැටී වැටී ගිහින් අන්තිමේ ගමනාන්තයටත් ආවා . අපි දිල්ලියේ කලින් හිටපු හෝටලයටම එන විට රෑ 10.00 පහු වුණා. දිය නෑමෙන්
පස්සේ ඉක්මණින්ම නින්දට වැටුණා.
අවදි වුණේ 23.01.2019 උදේට. උදේ ආහාරයෙන් පස්සේ සාප්පු සවරියයි යෙදී තිබුනේ. මට කියලා ගන්න එතරම් දෙයක් හෝ වුවමනාවක් නොවුණත් සුමනා, ජයරත්න, බැංකු මහත්තයා ඇතුළු කිහිප දෙනෙක් එක්ක කඩ වීදිවල ඇවිද්දා. කොහොමටත් මේ පිරිමි පරාණ දෙකට නෝනා මහත්වරුන් ට ,දුලා ,ලේලිලා ,මිනිපිරීලා ට ඕන කරන ඇඳුම් ගන්න අපි හැම විටම උදව් වුණා. ඒ ගොල්ලොත් අපේ ආරක්ෂක නිලධාරීන් වුණානෙ. ඒ තමයි මනුස්ස බැඳීම, සාමකාමී සහජීවනය.
සුමනාට සාරිත්, මගේ පොඩිත්තන්ට ඇඳුම් කීපයකුත් ගත්තා. යාචක දරුවෝ, වැඩිහිටියෝ ඇගේම හැපෙනවා. විවිධ බඩු විකුන්නන්ගෙන්,තැරැව් කරුවන්ගෙන් බේරුමක් නැහැ. සපත්තු මදින්න ඉදිරිපත් වන දරුවන්ගෙන් අපේ කට්ටිය අනුකම්පාවටම සපත්තු මද්දවා ගත්තා. කඩවීදියේ හෝටලයකින් දිවා ආහාරයත් ගත්තා. ඊට පස්සේ නැවත හෝටලයට ඇවිත් ගමන් මළු ලෑස්ති කරගෙන සවස තුනට විතර පිටත් වුණා, දිල්ලි ගුවන් තොටුපලට යන්න. වාහන තදබදයත් තිබුණා. කොහොම හරි වෙලාවට ගුවන් තොටුපලට ආවා. එය ඉතා විශාල ලස්සනට භුමි දර්ශන සකස් කළ මනරම් භුමි භාගයක්. හුගාක් ගහ කොළ ,මල් වවා තිබෙනවා. සවස 6.00ට පමණ ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් ගුවන්ගත වූ අපි රාත්‍රී භෝජන සංග්‍රහයත් භුක්ති විඳලා මව්බිමට ගොඩබහින විට රෑ 10.00 විතර වුණා. ගමන් සගයන්ට සමු දෙමින් තවත් එක් සුන්දර චාරිකාවක නිමාව සනිටුහන් කළා.
(ඡායා රූප අන්තර් ජාලයෙන් )

Tuesday, February 19, 2019
චාරිකා සටහන් - Shimla- Manali 07
චාරිකා සටහන් - Shimla- Manali 07
Hadimba Devi Temple
අපේ චාරිකාවේ හය වෙනි දවසටත් උදා වුණා. සුපුරුදු විදියට උදේ ආහාරයෙන් පස්සේ අපි යනවා හින්දු පන්සල් දෙකකට. එකක් Vashist Temple. අපිට ලැබුණු පොඩි වෙලාවේ පන්සලට ගිහින් ඊ ලඟට ඒ හරියේ තියෙන කඩ සාප්පු වලත් ඇවිද්දා. කජු ටිකක් මිලට ගත්තා, ලාබ නිසා. එත් ලංකාවේ කජු වගේ රස නැහැ. ඉන් පස්සේ අපි ගියා Dhoongri නැත්නම් Hadimba Devi පන්සලට. මෙය හිමාලය කඳු පාමුල කඳුකර ප්‍රදේශයක, කිහිරි (Cedar ) වනාන්තරයක පිහිටලා තිබෙනවා. මෙය මහා භාරතයේ එන භීම ගේ බිරිඳගේ නමින් තමයි හැඳින්වෙන්නේ. මෙය 1553 දී මහරාජා බහදුර් සිංග් විසින් නිර්මාණය කරන ලද එකක්. මෙහි අලංකාර ලී කැටයම් මට සිහිපත් කලේ ඇම්බැක්කේ දේවාලය. රූස්ස ගස් සහිත භුමිය අලංකාර දසුනක්.
හවස් වරුව අපිට තිබුණේ නිදහසේ සැරිසරන්න. මනාලි කඩවීදියේ (Mall Road) ඇවිද්දා. මෙහේ බව්වෝ හරිම සුරතල් පෙනුමක් දරනවා.බූල් පිරිලා , හරි මහතයි. හරිම මිත්‍රශීලී , photogenic. අපේ කට්ටියේ ප්‍රභාශි කෙල්ල බව්වන්ට පණ ඇරලා. බිස්කට් කවනවා, අත ගානවා. මාත් ටිකක් ඒ ජාතියෙනේ ...Mall Road එකේ බව්වෝ ගොඩක් හිටිය.
ටික වෙලාවකින් කෙල්ලෝ දෙන්නා මහා විසාල කේක් කැල්ලක් ගෙනත් අපිටත් කැව්වා. පැණිරස පෙරේතයෝ දෙන්නනේ. බිත්තර නොදාපු කේක් ලු! අපි සුමනාට සාරි ගන්න ඇවිද්ද. Kullu shawl ලාබෙට තියෙනවා. මෙන්න ටිකකින් කෙල්ලෝ දෙන්න අතුරුදහන් වෙලා. අපි දෙන්න එක්ක ඉන්න කියලයි තාත්ත උපදෙස් දීල තිබුණේ. දැන් තාත්තත් කලබල වෙලා. ඔක්කොම පැත්තක තියල අපි දෙන්නත් කෙල්ලෝ හොයන්න පටන් ගත්තා. මෙන්න ඉන්නවා ලී පතුරු වල මතක සටහන් එවෙලේම ඇඳලා දෙන තැනක. අනේ මෙහෙම කෙල්ලෝ දෙන්නෙක්.
අපි කෝපි බිව්වා කට්ටියක්ම එකතු වෙලා. ඒ හවස් වරුව ගෙවිලා ගිහින් අපි ආයෙත් හෝටලයට ආවා. එදා හරියට නින්ද ගියේ නැහැ. සැරින් සැරේ ඇහැරුණා. එක සැරයක් රතිඥ්ඥා පුපුරවනවා වගෙත් ඇහුණා. මන් සුමනගෙනුත් ඇහුව ඒ ගැන. එයාටත් ඒ ගැන අදහසක් තිබුණෙ නැහැ. පස්සේ නොදැනීම වෙහෙසට අපිට නින්ද ගියා.
මේ අපේ චාරිකාවේ හත්වෙනි දවස. කොහොම හරි උදේ අවදි වෙලා එළියට බැස්සහම තමයි දැක්කේ මිදුල පුරා පිරිලා තිබුණු හිම ගොඩ. හිම වහලට වැටෙන සද්දේ තමයි රෑ ඇහිලා තියෙන්නේ. අද හුඟක් උදෙන්පිටත් වෙන්න තිබුණා. අපි යන්නේ Chandigarh වලට. Chandigarh දුම්රිය නැවතුම් පළෙන් Shatabdi Express Train එක ගන්න නියමිතව තිබුණා. උදේ පිටත් වුනේ අලුත් හිම උඩ මිසක් තැලුණු හිම උඩ අපේ බස් එකට යන්න බැරි නිසා කියල කුමාර් කිව්වා . 294km දුරක් තියෙනවා, මනාලි සිට Chandigarh දක්වා.
අන්තිමට හෝටලයෙන් එළියට බැස්සේ හිම උඩට. හිමින් අඩි තියමින් බස් එක ලඟට එන කොට තිබුණු වාහන හැම එකක් උඩම හිම තට්ටු පිටින්. එතැනදිත් අපේ ප්‍රභාශි කෙල්ල හීතලේ ගැහි ගැහී හිටිය බව්වෙකුට බිස්කට් කවනවා. අපි කවුරුත් මනාලි වලට සමු දෙමින් එන්න පිටත් වුණා. අඳුරේම හිම කපා ගෙන බස් එක ඉස්සරහට ඇදුනා. මේ වර පාරවල් හොඳ බව තේරුණා. උදේ ආහාරය ගත්තේ බස් රථයේම ඉඳගෙන. තේ බොන්න නතර කළා. දිගින් දිගටම ගිහින් කුඹුරු යායවල් වැඩි සශ්‍රීක ප්‍රදේශයකට ඇතුල් වුණා. ඒ පන්ජාබ් ප්‍රාන්තය බව කුමාර් කිව්වා. ඒ ප්‍රාන්තය පොහොසත් බවත් කිව්වා. පන්ජාබ් යන්නේ තේරුම 'ගංගා පහ' යන්නනයි. මේ ගංගා පහ තමයි Jelum, Chenab, Ravi, Bias, and Sutlej. මේවා එකතුවී Indus ගඟ හැදෙනවා. මේ කීපයක් හරහා යන පාලම් අපි පහු කරා .
පන්ජාබ් අවන්හලක (Alpine Dhaba)දිවා ආහාරය ගත්තා. ගත්තා කීවත් අපේ කවිදු පුතාතමන්ගේ වියදමින් අපිට ඒ සංග්‍රහය දුන්නා. මේ වනවිට වැස්ස වැටෙමින් තිබුණා. මේ අවන් හලේ පන්ජාබ් ප්‍රාන්තයේ ඉතිහාසයත් ජන ජීවිතයත් පෙන්වන මුර්ති සකස් කර තිබුණා.
දිවා ආහාරයෙන් පස්සේ තවත් පැය කිහිපයකින් අපි Chandigarh දුම්රිය ස්ථානයට ආවා. එය මනරම් තැනක්. ඒ තරම් ලොකු නැහැ. Station එක ගාවදී අපිට බස් එකේ රියදුරුට සහ සහායකට සමුදෙන්න තිබුණා. ඇත්තටම ඔවුන්ගේ සේවය විශිෂ්ටයි. අර තරම් දුෂ්කර මාර්ගවල අපි පරිස්සමින් අරන් ආව එක ලොකු දෙයක්. සහායක තරුණ ළමයත් බසයෙන් නගිද්දී බහිද්දී වයසක අපට හුගාක් උදව් වුණා. අපි ඔවුන්ට ස්තුතිය පළ කර, ඔවුන්ගේ ඉල්ලීමට ඡායා රූපයකට ද පෙනී සිට සමු දුන්නා. දුම්රියෙන් බැස්ස තැන සිට අපට වෙන බස් එකක් ලැබීමට නියමිතව තිබුණා.
ටික වෙලාවකින් අපි දුම්රියට නැග්ගා. දුම්රියේ සුන්දර ගමනත් අපේ චාරිකාවේ අවසානයත් ඊළඟ කොටසින්....

Wednesday, February 13, 2019
චාරිකා සටහන් - Shimla- Manali 06
චාරිකා සටහන් - Shimla- Manali 06
අද උදාවුනේ ජනවාරි 20වෙනිදට. උදෑසන ආහාරයෙන් පස්සේ විශේෂයෙන් සීතලට ඔරොත්තු දෙන විදියට ඇඳුම් වලින් සැරසුණා. මේ වනවිටත් මගේ නම් නාසය වටා හම ගිහින් අපහසුතාවයෙන් හිටියේ. හැබැයි ගෙදරින් එද්දී තිබුණ නාසයේ අවහිර ගතිය, පීනස් ගතිය ඉබේම හොඳ වෙලා. අරන්ගිය බෙහෙත් තොගය ඕන වුණේ නම් නැහැ. අද අපේ චාරිකා විස්තරය අනුව Rohtang Pass හෝ Solang Valley තමයි උදේ වරුව.
Rohtang Pass තියෙන්නේ මනාලි වල ඉඳලා 51km දුරින් 3980m ඉහලින්, Manali Keylong highway එකේ. මෙතැන රටේ හා ලෝකයේ නන් දෙසින් හිම ක්‍රීඩා හා විනෝදය පිණිස සංචාරකයන් ඇදී එන ඉතා සුන්දර ස්ථානයක්. මෙතැන සමාන්‍යයෙන් සංචාරකයන්ට විවෘත වෙන්නේ අවුරුද්දේ අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා බවයි සඳහන් වෙන්නේ.

මේ මාර්ගයම ජම්මු කාශ්මීර් දක්වා ඇදී යනවා. පාරවල් මුළුමනින්ම හිමෙන් වැසෙන නිසා හිම පතනය වෙන කාලෙට මෙහි යන්න බැහැ. මෙයට නුදුරෙන් Sonapani ග්ලැසියරය හා Gaypan ද්විත්ව කඳු ශිඛර පිහිටා තිබෙනවා. සොබාදම් මෑණියගේ තුරුළේ නැළවෙන්න සංචාරකයින් මෙහි පැමිණෙනවා. සංචාරකයින් තවත් යන තැනක් තමයි හින්දුන්ගේ ශුද්ධ වූ ස්ථානයක් වන Beas ගඟ ඇරැඹෙන Beas Kund. Rohtang Pass කියන එකේ තේරුම 'මළවුන්ගේ බිම' යන්නයි.මේ දුෂ්කර ගිරි දුර්ග තරණයේ දී අතීතයේ හුගාක් මිනිස්සු මැරිලා තියෙනවා. මෙය තියෙන්නේ හිමාලයේ Pir Panjal කඳු වැටියේ. Rohtang Pass ප්‍රමුඛව හින්දු සංස්කෘතිය ඇති කුල්ලු නිම්නයටත් ප්‍රමුඛව බෞද්ධයින් ඉන්න ඉහළ උන්නතාංශයේ ඇති Lahaul and Spiti Calleys වලටත් ප්‍රදේශය ස්වාභාවිකව බෙදනවා. ඉතින් අපි ගිය කාලය අනුව මෙහි එන්න වරම් නැහැ. මෙය ශිශිර ඍතුවේදී වහලයි තියෙන්නේ. මෝටර් වාහන ඇතුල් කිරීමට විවෘතව පවතින්නේ ජූනි සිට ඔක්තෝබර් අග දක්වා පමණක් වීම එයට හේතුවයි. මිහිපිට දෙව්ලොවක් වන් ඒ බිමට ඇතුල් වෙන්න නම් ඔබ ඒ කාලය ඇතුළත යන්න ඕන.
ඉතින් අපි යන්නේ Solang Valley වලට. මනාලි ඉඳලා 13km ක් ඈතින් තියෙන්නේ. මෙය කුල්ලු නිම්නයේ ඉහළින් ඇති එක පැත්තක්. Solang ගම හා Beas Kund අතර පිහිටලා තියෙනවා. Rohtang Pass යන පාරෙමයි යන්න තියෙන්නේ. පාරවල් නම් හිම දියවෙමින් ගලා යන වතුර නිසා එකම මඩ ගොහොරුවක් වගේ තමයි.
බස් රථයෙන් මේ ගමන යන්න බැහැ, අපිව වෙනත් four wheel drive වාහන දෙකකට නග්ගනවා. එක්තරා ස්ථානයකට ගිහින් එතැනින් මුදල් ගෙවා විශේෂ ඇඳුම් කට්ටලයක්, බූට් සපත්තුද සහිතව ගන්න ඕන. සාමාන්‍ය සපත්තු වලින් හිම මත ඇවිදින්න අමාරු වගේම අපේ ඇඳුම් තෙමීම වළක්වන්න මෙහෙම කරන බවයි කුමාර් කිව්වේ. එතැනදී හිම සඳහා වෙනම අව් කණ්නාඩි ජාතියක් විකුණා ගන්න වෙළෙන්දෝ නොදැම්ම උප්පරවැට්ටියක් නැහැ. මං කුමාර්ගෙන් ඇහුවම එයා කිව්වා ඒවා ඕන නැහැ කියලා. කොහොමත් අපි ගාව අව් කණ්නාඩි තිබුණ නේ ..
දැන් අපි ඔක්කොම හරියට ගගන ගාමීන් වගේ. ලොකු ලොරි පාරේ යනවා දැක්ක. පළමු වතාවට තමයි දැක්කේ රෝද වලට දම්වැල් ඔතලා හිම මත යන වාහන.
වාහන තදබදය තදින්ම තිබුණා. අපේ කට්ටියගේ ඉවසීම රතු කට්ට පනිමින් තිබුණා, හරියට ලංකාවේ traffic ඉඳලා ම නෑ වගේ. හැබැයි සිංහලෙන් බැන්න ඒවා රියදුරාටවත්, කුමාර්ටවත් තේරෙන්නේ නෑ.
පාරේ තත්වය අනුව වාහන ඉස්සරහට යවන බව පසුව දැනගන්න ලැබුණා. පාර දෙපැත්තේ ඇපල් වතුවල ගස්වල ඉපල් විතරයි දකින්න ලැබෙන්නේ. ශීත කාලයට පෙර සේරම කොළ හලාගෙන, දුකසේ බලා ඉන්නවා වගේ පේනවා. අන්තිමේ Solang Valley කරා ආවා. පරිස්සමින් අඩිය තියමින් යන්න ඕන. හිම ලිස්සනවා. අලුත් හිම වලට වඩා තැලී ගිය හිම භයානකයි. සමහර තැනක කකුල එරී යනවා යටටම.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතැන නම් හරිම ලස්සනයි. බැලු බැලු අත හිම කඳු. දේවදාර ගස් පේළි ඒ අතර. මෙතන ක්‍රීඩා කීපයක් ම තියෙනවා. ඒවා තමයි Skiing, Quad biking, Zorbing ( විශාල විනිවිද පේන ගෝලයක් ඇතුලට ගිහින් පෙරළි පෙරළී යාම ) , Paragliding, Horse riding, Yak bull riding, Cable car riding වගේ ඒවා. තව ටයර් එකක ඉඳගෙන පහළට රූට ගෙන එන එකකුත් තිබුණා.
පාරම්පරික කුල්ලු ඇඳුම් ඇඳන් පින්තූර ගන්න කියලා කාන්තාවන් ඇවිල්ලා වද කරනවා. මේ සීතලේ ඔවුන් ජීවිකාව ගෙන යන්න කීයක් හරි සොයාගන්න වෙහෙස වෙනවා. මේ ප්‍රදේශ වල හිඟාකන මිනිස්සු දැක්කේ නැහැ. මොකක් හරි වෙළදාමක් කරන්න තමයි බැලුවේ.
මමයි සුමනයි කෙටි bike ride එකක් ගියා. ski කරණ විලාසයෙන් පින්තුර ගත්ත. අපි හිම බෝල අරන් ගහ ගත්තා. හිම මත වැතිරිලා හිටියා. හැමෝම වගේ වැටුණා. අපි දෙන්නා නොවැටී බේරුණා. අපේ කට්ටියේ හිටිය සුනා හුගාක් ක්‍රීඩාවල යෙදුණා. සුනා අපේ ගමන් සගයින් අතර හිටිය චාරිකාවම ජීවිතය කරගත් විනෝදකාමී, හිතහොඳ තනිකඩ කොල්ලෙක්. මිනිහා ස්විස් වල අවුරුදු ගණනක් හිටිය කෙනෙක් නිසා හිම ක්‍රීඩා දන්නවා. ගමන් සගයින් අතර තව හිටියා කවිඳු කියන පොඩි එකාත්. පොඩි කිව්වට පොඩිම නැහැ. මිනිහ ව්‍යාපාර වගයක් කරන කෙනෙක්. තව හිටියා තැඹිලි වතුර බෝතල් කරලා ඇමරිකාවටත් යවනවා කිව්ව ව්‍යාපාරික යුවලක්. මට නම පොඩ්ඩක් මතක නැහැ. බැලුවහම පොඩි මිනිහෙක් වුණාට වැඩ ලොකුයි.

අපි දවාලට කෙටි කෑම වලින් පිරිමහ ගත්තා. එතැන නූඩල්ස්, පැස්ටා එහෙම තියෙනවා. අනික් ශරීර අවශ්‍යතා ඉටු කර ගැනීම යුද්ධයක් වුණා. ඇයි ඇඳුම් කීයක් ඇදලද හිටියේ. අනික ඒ ස්ථාන හරිම අපිරිසිදුයි. මං ඒ අවශ්‍යතා ඉවසගෙන හිටියා. සුමනාට එහෙම බැහැ. කෙසේ හෝ ඇය අපහසුතා මැද ඒ වා ඉටුකර ගත්තා.
දැන් ඉතින් ඇති කියලා වාහන වලට ගොඩවෙනවත් එක්ක හිම පතනය ආරම්භ වුණා. ජීවිතයේ පළමු හිම අත්දැකීම. ඒක හීනයක් වගේ තාම මතකයට එනවා. අනික් අය ක්‍රීඩා ඉවර වෙලා එනකොට තව වෙලා යන නිසා අපේ වාහනය එන්න පිටත් වුණා. මොන ඒමක්ද ? එහෙම traffic එකක් ජීවිතේට දැකල නැහැ. හිටිය හිටියා ....පැයකටත් වැඩිය හිටියා. අනිත් අයත් ඒ අතරේ ඉවර වෙලා. අන්තිමේ දී ඇඳුම් මාරු කළ තැනට ඇවිත් ඒවා බාර දුන්නා. එතනදී අමතක නොවන සිදුවීම් වුණා. ඒවා ඉන්දියාවේදී සාමාන්‍ය දේවල් ....හිනා වෙලා පණ ගියා. ඈන් තමයි ප්‍රධාන නිළිය. ඒ කතාවත් කියලම ඉන්නම්, ආයේ හංගන්න දෙයක් නැහැනේ. ඔන්න අර ඇඳුම් බාරදෙන තැනට එනකොට ඈන්ට එක වුවමනාවක් හරිම තදට දැනිල. එයා ඒ අසල තැනකට ගිහින් ඒ අවශ්‍යතාව ඉටුකරගන්න තැනක් අහල. කතාවෙන් තේරිලා තියෙන්නේ ඒ තැන තියෙනවා ඒ ලඟම කියලයි. හැබැයි පොඩි පැල්පත් වගේ නිසා මිදුලක් වගේ තැනක් ලු තිබිල තියෙන්නේ. ඈන් ඉක්මණින්ම අවශ්‍යතාවය ඉටුකරගෙන තියෙනවා. කොටින්ම කිව්වොත් ඉබේම අවශ්‍යතාවය ඉටුවෙලා. තව මොහොතක්වත් ඉන්න බැරුව. කළ ගෙඩියක පරිමාවටත් වඩා වැඩියිලු. පස්සේ අර අයිති මනුස්සය විලාප දීල. " My god! It's my room....it's my room "කියල. ඒ විතරක් ද වතුර බාල්දි ගෙනත් ගෙනත් එතන හෝදන්නත් පටන් ගත්තලු. සුමනට නම් හරි තැනක් හම්බ වෙලා. සුනා නම් උඩින් තිබ්බ තාප්පයක් හොයා ගත්තලු. ඒ හීතලත් එක්ක මේ අවශ්‍යතාවය හරිම වැඩියි.ඉන් පස්සේ අපි නැවත මනාලි හෝටලයට ආවා. ඒ සැන්දෑව සුන්දරයි හොදටම . රාත්‍රී ආහාරයට පෙර දවසේ සිද්දි මතක් කරමින් හිනා වුණා...ඊළඟ දවසෙත් අපි මනාලි වලයි.

Sunday, February 10, 2019
චාරිකා සටහන් - Shimla- Manali 05
චාරිකා සටහන් - Shimla- Manali 05
Hanogi Matha Temple
අද අපේ චාරිකාවේ පස්වෙනි දවස. 19.01.2019. උදේ අවදිවෙලා, සප්පායම් වෙලා මනාලි දක්වා යන ගමන ආරම්භ කලා. ශිම්ලා හෝටලයේ ආගන්තුක සත්කාර වලට ස්තුති කරලා සමුඅරන් යන්න පිටත් වුණා. මේ ගමන බොහොම දුෂ්කර කඳු පාරවල් දිගේ තමයි ඇදෙන්නේ. ශිම්ලා සිට 49km ක් ගියහම Daldamode හමුවෙනවා. මෙහි තියෙනවා ලෝකප්‍රසිද්ධ අම්බුජා සිමෙන්ති කම්හල. එහි සිට තව දුරක් ගියහම Bage හිදී Jaypee සිමෙන්ති කම්හල තියෙනවා. 78km ගියාට පස්සේ Beri හන්දිය හමුවෙනවා. මෙහිදී දිල්ලි, Chandigar, kalka පාරවල් සම්බන්ධ වෙනවා.
තවත් 6km ගියහම Barmana වලදී ACC සිමෙන්ති කම්හල හමුවෙනවා. ශිම්ලා සිට 105km ගියහම Bilaspur ද ඉන්පසු Haribag ද හමුවෙනවා. මෙහි දිවා ආහාරය සඳහා අවන්හල් / Dabas හමුවෙනවා. දකුණු පසින් සුන්දර් නගර් විල තියෙනවා. සුන්දර් නගර් කියන එකේ තේරුම beautiful place කියලයි කුමාර් කිව්වේ. මෙහි සිට 25km යනවිට මැන්දි හමුවෙනවා. මෙහිදී අපට Beas ගඟ දැක ගන්න ලැබෙනවා. මැන්දි සිට 12km යනවිට අපට දකුණු පැත්තේ Pandoh Dam දකින්න ලැබෙනවා. දැන් අපි කඳු නැග ගෙනයි යන්නේ. තවත් 12km යනවිට ඈතින් Anokhi Matha Temple දකින්න පුළුවන්. දකුණෙන් Beas ගලා බසිනවා. සුන්දර දසුනක්. තවත් 20km වලින් පස්සේ Aut ලගාවන අතර මෙයට පෙර 2.8km දිග උමගක් පහුකරනවා. මීළඟට අපි ලඟා වන්නේ කුල්ලු දිස්ත්‍රික්කයට. මේ අතරමගදී පාර්වතී ගඟ Beas ගඟට එකතු වෙනවා. මේ ගඟවල් Indus ගඟේ අතු ගංගා.
මග දිගට ඉඳිකිරීම්
අපේ කණ්ඩායමේ හිටිය ශ්‍රී ලංකා සංචාරක සේවයේ යෙදෙන සිරිසෝම මහත්තයා එයින් තොප්පියක් අරන් හිස පැළඳගෙන " Now I'm a Kullu man. I'm searching for a Kullu girl" කියමින් හිටියා shawl සාප්පුවේ ගැණු ළමයින් අතරේ. මන් හිතන්නේ සිරිසෝම නෝනට ඒක ඇහුනෙ නෑ වෙන්නැති. ඇහුණත් ඒ නෝන ගණන් ගන්න එකක් නෑ. හොඳ සංචාරක යුවලක් ඒ දෙන්නා.
දැන් ඉතින් රෑ වෙලා. අපි තව 40km දුර ගෙවාගෙන මනාලි වලට ඇවිත් Hotel Royal Regency වෙත ආවා.කුමාර් කිව්වේ නම් අපි මනාලි වලට ආවේ bypass පාරක කියලයි. හැබැයි පාර දිගටම Hydro-power Project එකක වැඩ කෙරෙමින් තිබුණ නිසා පාරේ හරිම අපහසුතා ඇතිවයි එන්න වුනේ. හැමතැනම යන්ත්‍රෝපකරණ,ගල් හා පස් ගොඩවල් දක්නට ලැබුණා. හෝටලය එතරම් ලොකු භුමි භාගයක පිහිටා තිබුණේ නැතත් ආගන්තුක සත්කාරය නම් ඉහළ මට්ටමක තිබුණා. හරිම ශීතලක්....කාමර වලට heaters ලැබුණා. මනාලි හෝටල් වල lift නෑලු. අපිට පළමු මාලයම ලැබුණු නිසා ලේසි වුණා. තවත් දවසක් ඉවර වුණා.
Wednesday, February 6, 2019
චාරිකා සටහන් - Shimla- Manali 04
චාරිකා සටහන් - Shimla- Manali 04
Kufri සිට හිමාලය කඳු පෙනෙන හැටි
18.01.2019 දිනට උදා වුණා. අපි ඇහැරිලා සුදානම් වුණේ ශිම්ලා අවට ප්‍රදේශය නරඹන්න යන්න. උදේට සප්පායම් වෙන්න හොඳ ආහාර වේලක් හෝටලයෙන් ලැබුණා. අපි පිටත් වුනේ උදේ 9.30ට පමණ. බස් රථයෙන් අපි ගියේ Kufri කියන ප්‍රදේශයට. එහි සිට බලන විට හිමාලය කඳුවැටියේ කොටසක් අත ළඟ වගේ දර්ශනය වුණා. නමුත් මේ අපි බස් රථයෙන් බැස්ස ස්ථානය අශ්ව ගාලක්. සංචාරකයන් පිනවීමේ අරුතට වඩා මුදල් ඉපයීමේ මාර්ගයක් කරගත් ඒ නිසාම සුන්දරත්වය වැනසී ගිය තැනක් හැටියටයි මං මෙතන දැක්කේ. අශ්ව වසුරු, මඩ ගොඩවල් එහි පිරිලා. අශ්වයන් මුදල් උපයන යන්ත්‍ර වගේ. අශ්වයකු /පෝනියෙකු පිටේ යන්න විශාල මුදලක් අය කරනවා. ඒවායේ තැරැව් කරුවන් හැම තැනම. අශ්වයෙකුගේ පිටේ ගියොත් විතරයි නිම්නයට ලඟා වෙන්න පුළුවන්. ඔවුන් එහෙම මාර්ගය හදාගෙන. පයින් යන්න බැහැ.
ආයෙත් මං මේ කියන්න යන්නේ අපේ කණ්ඩායම ගැන. එක්කෙනෙක් තමයි බැංකු මහත්තයා. බැංකුවේ රැකියාවෙන් විශ්‍රාම ලබල දැන් කාලයක ඉඳන් සංචාරය කරනවා. ගමන් බලපත්‍රයත් කිහිප වතාවක් අලුත් කරන්න වුනාලු ඇවිදපු තරමට. බොහොම නිහඬ චරිතයක්. සැර ජාති බොන්නෙත් නැහැ. හැබැයි අපේ ආරක්ෂාව ගැන නිතර බැලූ හොඳ මහත්මයෙක්. ජයරත්න රජයේ සේවයෙන් විශ්‍රාම අරන් ඉන්න, නමුත් තව දුරටත් පුණ්‍යායතනයක සේවයේ යෙදෙන මහත්මයෙක්. හොඳ ගායකයෙක් වගේම ටිකක් ඇඟ රත් කරගන්නත් ඕන කෙනෙක්. තමා හා තම බිරිඳ උගත් පරපුර නියෝජනය කරනවා වගේම තමාගේ දු දරුවන්ට හොඳින් උගන්වලා, ඔවුන් සැලකිය යුතු තැන්වල දෙස් විදෙස්වල ඉන්න බව ඉතා සතුටෙන් කිව්වා.හැබැයි මේ ගමන නෝනව එක්ක ආවේ නෑ, ඇයට අධික ශීතල ඔරොත්තු දෙන්නේ නෑ කියලා. නිතරම අපිට ආරක්ෂාව සපයන්න ඉදිරිපත් වුණ හොඳ යාළුවෙක්.
ඉතින් ආයෙත් ගමන ගැන. මම කොහොමත් සතුන් පිට යන්නේ නැති නිසා අශ්වයින් පිට යාම කෙරුනේ නැහැ. ජයරත්නයි මායි ඇර හැමෝම ගියා. ජයරත්න නොගියේ වයසට ඔරොත්තු දෙන්නේ නැති වැඩ කරන්න බැහැ කියලයි. අපි දෙන්නා අශ්ව ගාල පැත්තෙන් උඩට පයින් ගිහින් කුඩා සත්තු වත්තකට ගියා. මුදල් ගෙවල ඇතුල් වුනේ. ජයරත්නගේ කරේ කැමරාව තිබුණ නිසා වැඩිපුර ඉන්දියානු රුපියල් පනහක් ගෙවන්න වුණා. එත් ඒකෙ ඇහැට දැක්කේ නම් එකම ගෝනෙක් විතරයි. තව මැරුණු සත්ව දේහ සංරක්ෂණය කර ප්‍රදර්ශනයට තබා තිබුණු කටුගෙයක් බැලුවා. එතනින් එළියට ඇවිත් පාරවල් දිගේ ඇවිදලා ආයෙත් අශ්ව ගාලට එනවිට අශ්ව පිටේ ගියපු අය ආවා. මෙතැනදී දුක හිතුණ දෙයක් වුණා. අර මං ගොතා ගෙන අරන් ගිය මෆ්ලර් එක මගේ කරෙන් බිම වැටිලා. ආපහු ගිය මග ගිහින් බැලුවත් හමු වුණේ නැහැ. ඒක දැන් තියෙන්නේ මගේ ඡායාරූප ගොඩේ විතරයි. ඒ ඡායා රූපය දාන්නම්කෝ .
"බුදු අම්මෝ ඔයා නොගිය එකමයි හොඳ ...අපි විලාප තියමින් ගියේ...පුදුම බයක් දැනුණේ " කියලා අන්තිම මොහොතේ අශ්වයකු පිටේ නැගගත් සුමනා ආපහු ඇවිත් කිව්වා. අශ්වයින් පිටේ යන අයට ත්‍රිල් එකක් දෙන්න මේ විදියට මාර්ගය වල ගොඩැලි සහිතව සකස් කර ඇති බවයි වැටහුණේ. ඇතැම් සංචාරකයෝ අසු පිටින් වැටිලා කොඳු කඩාගෙනත් තියෙනවලු.
Mall Road හා The Ridge හි දර්ශන
අපි ඉන් පස්සේ ගියා දිවා ආහාරය ගන්න. ආහාර අරන් මද විවේකයකින් පස්සේ නැවත ශිම්ලා වලට ඇවිත් එහි Mall Road , ඒ කියන්නේ ප්‍රධාන කඩ වීදියේ ඇවිදින්න ගියා. අපේ කට්ටිය අවශ්‍ය දේවල් මිලදී ගත්තා. අවසානයේ අපි ආවා The Ridge කියන ස්ථානයට, මෙය පිහිටා තියෙන්නේ Mall Road වලට ඉහලින්. මෙය විවෘත ප්‍රදේශයක්. බ්‍රිතාන්‍ය යුගයේ තැනුණු ගොඩනැගිලි මෙහි තිබෙනවා. ඉන්දිරා ගාන්ධි ප්‍රතිමාවක් තිබෙනවා. මේ ස්ථානයේ රැස්වීම් ආදිය පවත්වන බව කුමාර් පැහැදිලි කලා. දේශීය හා විදේශීය සංචාරකයන් මෙහි විනෝදයෙන් කාලය ගෙවනවා පෙනුනා. මෙහි කාන්තාවන් ඉතා ලස්සනයි. සුන්දර විදියට ඇඳුම් පැළදුම් අඳිනවා. අපි කට්ටිය මෙතැනට එකතු වුණා. අපේ කට්ටියේ හිටි කැමරා ශිල්පී පුතා චරිත් එයාගේ කැමරා උපකරණ උස්සන් එහේ මෙහේ දුවමින් හැන්දෑවේ කැමරාශිල්පීන්ගේ රන් පැයේ ප්‍රයෝජනය ගනිමින් ඡායාරුපකරණයේ යෙදුණා. කෝපි එකක් එහෙම බීලා ආපසු හෝටලයට යන්න තමයි සුදානම් වුනේ. කෑමට මිදී,දොඩම්,ඇපල් ටිකක් ලාබෙට මිළට ගත්තා. චාරිකාවේ තවත් එක දවසක් මෙහෙම ගෙවිලා ගියා.
Mall Road හා The Ridge හි දර්ශන
Saturday, February 2, 2019
චාරිකා සටහන් - Shimla- Manali 03
චාරිකා සටහන් - Shimla- Manali 03
Ambala ඉඳලා Chandigarh පැත්තට 45 km විතර ගියහම Panchkula දිස්ත්‍රික්කයට ලඟා වෙනවා. Punchkula වල ඒ නමින්ම සැලසුම් කල නගරයක් ද තිබෙනවා. Kalka කියන්නේ Panchkula වල තිබෙන නගරයක්. Panchkular වලින් 15 km ඉදිරියට ගියහම වම් පැත්තේ Pinjore උද්‍යානය හමුවෙනවා. අපි එහි ටික වෙලාවක් නතර වුණා.
මේ උද්‍යානය දැන් හඳුන්වන්නේ Yadavindra උද්‍යානය කියලයි. 17 වන සියවසේ ඉඳි කරපු එකක්. මෙය පිහිටා තියෙන්නේ හරියානා ප්‍රාන්තයේ,Panchikula දිස්ත්‍රික්කයේ Pinjore නගරයේ. මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය අනුව තමයි ඉඳි කරලා තියෙන්නේ. පසුව නවීකරණය වී තිබෙනවා. මේ උද්‍යානය මහල් 7කටයි නිමවා තිබෙන්නේ. ජල පොකුණු ,ජල උල්පත්ශා හා ශාක වර්ග රාශියක් මෙහි තිබෙනවා. ඒ වගේම මෙහි කුඩා සත්ව උද්‍යානයක්,ජපන් උද්‍යානයක් ,ඓතිහාසික ස්ථාන, පැල තවානක් හා දවස විනෝදයෙන් ගත කල හැකි තැන් රාශියක් තිබෙනවා.පිටුවහල් කළ පාණ්ඩව සොහොයුරන් මෙහි නවාතැන් ගත් බව හින්දු ජන කතා වල කියවෙනවා.
මෙහි අවුරුද්දේ ජුලි මාසයේ සිදුකරන Pinjore Mango Festival ඇතුළු උත්සව කිහිපයක් වසර පුරා විවිධ කාලවල සිදුකෙරෙනවා. රාත්‍රී කාලයට අලංකාර ලෙස පහන් දැල්වීම කරන බව අපේ මග පෙන්වන්නා කුමාර් පැහැදිලි කලා. අපි මෙහි ටික වෙලාවක් ගත කරලා ඡායා රූප කිහිපයක් ද ගත්තා.
ඉන්පස්සේ Pinjore සිට නැවත ගමන් ආරම්භ කළා. ධාවන දුර 90km විතර. නමුත් කඳුකර අධික වංගු සහිත මාර්ග නිසා බස් රථය යන්නේ සීමිත වේගයකින්. ගියා ,ගියා ,ගියා ...රැ අට විතර වෙද්දී අපි හෝටලය වෙත ලඟා වුණා. හෝටලයේ නම Royal Regency. හෝටලය තියෙන්නේ ශිම්ලා නගරයෙන් ටිකක් ඈත . Dhalli Bypass, Sanjauli, Shimla ප්‍රදේශයේ කන්දක් උඩ තියෙන්නේ. කන්ද නැගලා යන්න වුණේ පයින්. හරිම හති මහන්සි දැනුණා, බය හිතෙන තරමට. අනික මුහුදු මට්ටමෙන් හුගක් උඩ නිසාත් හුස්ම ගැනීමේ බර ගතියක් දැනුණා. අපේ ගමන් මලු නම් shuttle service එකකින් උඩට ගෙනාවා. ඔක්කොටෝම වැඩිය අපේ සිත් වසඟ කළ දෙය නම් හෝටලයට යන පාර දෙපස ගොඩ ගසා තිබුණු හිම ගොඩවල්. හිම බලන්නමනේ මේ ගමන ආවේ. Hethro ගුවන් තොටු පලට ගොඩබාන වෙලාවෙදිත් එක්සත් ජනපදයේදීත් හිම දැක්කේ ඇතින් විතරයි. ඉතින් මේ හිම අපි සතුටට පත් කළා. නමුත් ශීතල හම, මස් ඇට තුළින් ඇට මිදුළු වලටම කා වදින තරම් තිබුණා. රාත්‍රී ආහාරයෙන් පසු සතුටු සාමීචියේ යෙදිලා අපි නින්දට වැටුනා. පසුදා කළ ශිම්ලා චාරිකාව ඊ ළග පියවරෙන් .......
(Photo of Hotel from internet)
Subscribe to:
Posts (Atom)