Monday, February 25, 2019

දරුවන් නැණවත්

දරුවන් නැණවත්

දරුවන්ගේ මොළය පුදුම සහගත වේගයකින් වැඩෙනවා. අවුරුද්දක් වයස වෙනකොට ළදරු මොළය දෙගුණයක් විශාල වෙන අතර ඊළඟ අවුරුදු හතර අවසන් වෙනකොට ඒ කියන්නේ පෙර පාසැල අවසන් වෙනකොට එය වැඩිහිටි මොළයක් තරමට වැඩෙනවා. මේ වනවිට ළදරු මොළයේ නියුරෝන අතර සබදතා , උපාගම ට්‍රිලියන 1000ක් විතර ඇති වෙලා. බොහෝ කාලයක ඉදන් අපි දන්නවා ළදරුවන් එක භාෂාව කට වඩා කතා කරන්න දක්ෂ වෙන බව. දැන් නවීන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා ඒකට හේතුවෙන කාරණා මොනවාද කියල. 

අධ්‍යනයකට අනුව මාස 4 වයසෙදිත් ඔවුන් මව කතා කරන වෙනස් භාෂා වෙන්කර හඳුනා ගන්න දන්නවා. ඒ කතා කරන තැනැත්තාගේ මුවේ හැඩය, රිද්මය, මුහුණේ චලන, ඉරියව් ආදියෙන් හදුනා ගැනීමෙන්. ද්වි භාෂා පරිසරයක හැදෙන වැඩෙන දරුවෙක් මේ වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව වැඩියෙන් දියුණු කරගන්නා නිසා පසුව භාෂා ඉගෙනීමේ දක්ෂද ද වැඩි වෙනවා. මේ හැර දරුවන් අන් අයගේ හැගීම් හදුනා ගැනීමටත් සංගීත රිද්මයන් හදුනා ගැනීමටත් සමත් වෙනවා. දරුවන් කතා කරන්න පෙර බොහෝ වචන වල තේරුම දන්නවා, මාස 6ක් වගේ වයසෙදිත්.
ඒ වගේම මාස 15ක් වෙන විට ඔවුන් සමාන අසමානතාව ගැනත් හොඳ අවබෝධයකින් යුක්ත වෙනවා. අන් අයට දේවල් පරිත්‍යාග කිරීමෙන් දරුවන් සතුටු වෙනවා. දරුවන් අන් දරුවන්ගේ හැසිරීම් ඉක්මනින් අනුකරණය කරනවා. ඔබේ දරුවන් සංගීතයට යොමු කිරීමෙන්  , සංගීත භාණ්ඩයක් වැයීමට යොමු කිරීමෙන් වඩා යහපත් අදහස් හුවමාරු කිරීමේ හැකියා ඔවුන් තුළ වර්ධනය වේවි.

No comments:

Post a Comment