Monday, January 13, 2020

දුවන මිනිසුනි !!!




සිසිල උණුසුම සමතුලිත වුණි
ලොවේ ගහකොළ තුටින් නැළවුනි
සතා සීපාවා ද සතුටිනි
මෙලොව මේ ලෙස කලක් ගතවුණි

එදා මිනිසුන් ලොවේ නැති වුණි
ලොවම වනපෙත් නිලෙන් බැබලුණි
උචිතයා ඉතිරිවී අනුචිත එවුන්
ලෝකෙන් ඉබේ නික්මුණි

මෙහෙම යනකල යමක් වැරදුණි
මිනිස් කැළ මේ ලොවේ ඇතිවුණි
එදා සිට මහ විනාසය වුණි
ලොවේ ලස්සන අනේ නැතිවුණි

තෙලුත් හාරා ගිනිත් තියලා
දුමින් මුළු ලෝකයම  වහලා
බිමත් වනසා කැලෙත් කපලා
ලෝකයම උදුනකත් තියලා

ඈත ධ්‍රැවයේ හිමත් දියවුණි
මුහුදු දිය කඳ තව මහත් වුණි
පහත් බිම් දිය කඳෙන් යටවුණි
තවත් තැන්වල ගිණිත් ඇවිලුණි

සතුන් ඇවිළී දුවත් දුකකිණි
ඒත් ගැලවීමකුත් නොමවුණි
අඟුරු වූ දහසකුත් සිරුරිණි
දැවී ගිය මහ පොළොව ඇහුරුණි

ඒත් මිනිසා තවත් දුවමිණි
වෙනස් වීමක් තවත් නොපෙනුණි
දිනක් ඇවිදින් තවත් නුදුරිනි
සමුගැනීමක් වේය නිතැතිනි


Photo by Marcus Kauffman on Unsplash

2 comments:

  1. දුවන්නන් හට විඩා ඇතිවූණි
    පිපාසෙට දිය බිඳක් නොතිබුණි
    වියලි දුවිලි ගොඩක් මතුවිණි
    සිහිය සුන්වී බිමෙහි වැතුරුණි.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි, විශේෂයෙන්ම කොමෙන්ටුව කවියකින්ම ඉදිරිපත් කිරීම ගැන.

      Delete