Wednesday, January 29, 2020

කොරෝනා කවුද නුඹ ?



නව කොරෝනා කියන්න කවුද නුඹ ?
ජීවීත් නොවන අජීවීත් නොවන
ගන්ධබ්බ ස්වරූපයකි නුඹ
විටකදී නිදියගෙන විටෙකදී අවදිවන
නුඹ ඇතුළු පරපුරම මහා වදයකි අපට

නුඹ ඇතුළු හැමදෙනම ඔව් නුඹේ පරපුරම
මේ මිහි මත වසන්නට ආවෙ නම්
පසු කලෙක බව හොඳට  තහවුරුය.
ඒ මන්ද නුඹට තනිව අපි නැතුව
කිසිවක් කරනු නොහැකිය.

කන්නට නොහැකිය
බොන්නට නොහැකිය
පරපුර හදන්නට නොහැකිය
හැබැයි වෙනස් වෙන්නට හැකිය

පරපෝෂිත වෛරසය
අප  තුළ චන්ඩියෙක් වේය නුඹ
අපේ  පිහිටෙන් සිය දහසක්
පැටව් බිහිකර අන්තිමේ
අප  විනාශ කර පැන යන්නෙහිය.

පැටව් තව දහසක් දෙන ලෙඩකර
නුඹේ සංසාර චක්‍රය ඉවරයක් නැතුව
නොනැවතී ගෙන යන මහිමය
ඒත් නුඹේ සමහර ස්වරූප
මිනිසාට පැරදුනු බව අමතක ද ?

ඒ නිසා දුන්නු දුක සෑහේය මේ ටිකට
බිලි ගත්ත  ජීවිත ද දැන් ඉතින් ඔය ඇතිය
මේ ලොවින් ඈත්වී යන්ට දැන් කල් ඇතිය
ගිහින් කොතැනකට හෝ නිදාගන්නට හැකිය. 

Photo by CDC on Unsplash

3 comments:

  1. 'අහිවාත' නම් ලෙඩක්, බන පොතෙත් සඳහන්ය
    එයට මුල විශඝෝර සර්ප මස් බව පෙනේ
    වයිරසය ඇති සත්ව මස් බුදින චීනුන්ට
    සොබාදම ගැලපෙනම දඬුවමක් දීලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සර් කොමෙන්ටුවට ...චීනය මෙන්ම තවත් රටවල ජනතාව අපි අප්‍රසන්න යයි සිතන සතුන්ගේ මස් අනුභව කිරීමේ හේතුව සොයා යනවිට දැනගත් කරුණ වන්නේ ඔවුන්ට යම් යම් කාලවකවානු වලදී මුහුණ දීමට සිදුවූ සාගත අවස්ථා බවයි. එවිට මැටි පවා ආහාර ලෙස ගෙන තිබෙනවා. කතරවල් තරණය කරද්දී මියගිය අයගේ මස් පවා කාල තියෙනවා. එසේ සතුන් ආහාරයට ගැනීම සමාජ සංස්කෘතික ප්‍රවාහයක් ලෙස ඉදිරියට එන්න ඇති. අපේ රටෙත් ඇතැම් පතිවල් කැබැල්ලා ,තලගොයි ,ඉත්තෑ ආදී නොයෙක් සතුන්ගේ මස් කනවා. සතුන්ගේ වෛරස හෝ පරිසරයේ අක්‍රිය අංශු ලෙස ඇති ඒවා රෝග කාරක ලෙස ගෙනෝම විකෘති සමග පැන නගින්න පුළුවන් බවයි මට හැඟෙන්නේ . රෝග කාරක හා ධාරකයා අතර සම්බන්ධය පෝෂණ සම්බන්ධයක්. අහිවාත කියන්නේ මහාමාරිය.Bubonic plague is one of three types of plague caused by bacterium Yersinia pestis. One to seven days after exposure to the bacteria, flu-like symptoms develop. These symptoms include fever, headaches, and vomiting. Swollen and painful lymph nodes occur in the area closest to where the bacteria entered the skin.

      Delete
    2. I have found this in internet. According to the writer it seems Bodhisathwa had been born as these animals in previous births. The assumption has not been confirmed.

      According to Vinaya Pitaka -> Mahavagga pali-> Bhesajjakkanda; following 10 meats are prohibited for ordained monks.
      1. Human
      2. Elephant
      3. Horse
      4. Dog
      5. Snake
      6. Lion
      7. Tiger
      8. Leopard
      9. Bear
      10. Hyena

      Delete