පිළිවෙල
ගෙහිමියා වෙහෙසෙයි
ඌ තැනූ දැල් කඩයි
ඔහු පිළිවෙල යයි සිතන
තැනට නිවහන් ගෙන එයි!
දැල් බිඳුණු මොහොතේම
මකුළුවා යළි වෙහෙසෙයි
යළි රටා මතුවෙයි
උගේ පිළිවෙල යළි එයි!
නිවහනේ එසැණ සිට නැවත
අපිළිවෙල හිස ඔසවයි
පිළිවෙලින් අපිළිවෙලට
යන්න වෙහෙසක් නුවුමනයි.
ඒ ලොවේ දහමයි
වටහා ගත යුතුමයි!
Thanks to Torbjern Helgesen for the image on Unsplash

මම එහෙම නම් මකුලු දැල් බදින වැඩේ නවත්තල දානව...
ReplyDeleteඑපා වෙනව නෙහ් අප්ප😪
ස්තූතියි නවීන්. මේ කවියෙන් කියන්නේ විද්‍යාත්මක න්‍යායයක්.
Delete