අපි දැන් කල් ඉකුත් වූ අබලි කැබලිය
සියුම් සිත්තමක රේඛා හරි කෙලිනී
මැවුම් කරු වුණත් හරියට සිතු බැවිනී
ඉවුම් පිහුම් සේදුම් හනි හනිකටය
මැහුම් ගෙතුම් පෙනුමට හැඩ වැඩටමය
ගමන් බිමන් සිතු විට සිතු විදියටය
එවන් කලක් තිබුණෙත් අප අපටමය
කාලය අඳුරු සළුවකි දිග ඇදී ගිය
ලීලය නොපෙන්වා සැම හිස් වසා ගිය
තාලය වෙනස් විය ගැයුමද වෙනස් විය
මාලය කුමට මුතු ඇට ටික දුරස් විය
එදවස මගට බට විට කසිලි බිසිලිය
දුර අඩි තබා යන විට සැලුණි මිහිලිය
අඩියක් තබන්නේ දැන් පැකිලි පැකිලිය
අපි දැන් කල් ඉකුත්වූ අබලි කැබලිය
අවශ්‍ය නම් ජීවිතයේ හොඳම කාලය ඒ අවධිය කරගන්න පුළුවන්. නැත්නම් නිවන ගැන සිතමින් පන්සල් යන්නත් පුළුවන්.
ReplyDelete