පාසල් පන්තියක සිසුන් ගණන සීමා විය යුතු ඇයි?
මේ අය ඉගැන්වීම යනු සිසුන් ටිකක් ඉන්දව ගෙන පන්තිය ඉස්සරහ දේශන දෙන එක යයි හිතනවා.
ඉගැන්වීමේ ක්රම ගැන සොයා බලන්න. ඒවා මූලිකව කොටස් දෙකකට බෙදනවා.
1. ගුරු කේන්ද්රීය
2. ශිෂ්ය කේන්ද්රීය
Lecture method නැත්නම් දේශන ක්රමය ගුරු කේන්ද්රීය එකක්. එහිදී සිසුන් අක්රීය අසන්නන් බවට පත් කෙරෙනවා. ගුරුවරයා ගේ සිට සිසුවා දෙසට විතරයි සන්නිවේදනය වෙන්නේ. සිසුවා කරන දෙයක් නැ.
මේ ක්රමය යම් යම් අවස්ථාවල විශේෂයෙන් වැඩිහිටි සිසුන්ට අවශ්යතා අනුව යොදාගන්න පුළුවන් වුණාට පාසල් සිසුන් ගැන සැලකීමේදී එය සුදුසු නෑ. එක එක සිසුවා කෙරේ අවධානය යොමු කරන්න වෙනවා. ඔවුන් සටහන් කරන දේ බලන්න ඔවුන් කරා ළඟා වෙන්න ඕන. ඒක දේශන දීමේ දී කරන්න බෑ.
විශේෂයෙන්ම ප්රායෝගික පරීක්ෂණ කරනවිට සිසුන් ඉතාම සීමිත වෙන්න ඕන. ඒ අත්දැකීම් අපට හොඳට තියෙනවා. ඉගැන්වීම් ක්රම ගැන පසුවට තව විස්තර කරන්නම්.
වරක් මම ප්‍රායෝගික ගුරු පුහුණුවකදී ශිෂ්‍යාවකගේ පාඩමක් නිරීක්ෂණය කරමින් සිටියා. ඇය තම පාඩම් සටහනෙන් ඔබ්බට ගිහින් පාඩම් දෙකක් එකවර කළා. පසුව ඒ ගැන විමසීමේදී ඇය කිව්වේ ඉගැන්වීම් පුහුණුවට පන්ති ගැනීමට ආ දවසේදී අදාල පන්තියේ ගුරුවරිය කියූ දෙයක්. "පාඩම් සටහන් ලිව්වට කමක් නෑ. එක පීරියඩ් එකකදී පාඩම් දෙක ගානේ කරන්න. නැත්නම් ISO(ගුරු උපදේශක) ආවහම සිලබස් කවර් කරලා නෑ කියලා ලොග් සටහන් දාලා යනවා."
ReplyDelete