බස්රථ වල දොරවල් තියෙන්නේ මොනවටද? ගැට ගහලා තියන්න ද?
මේ වගේ දෙයක් මගේ ඇස් ඉදිරිපිට කොට්ටාවේදී වුණා. තරුණ කාන්තාවන් ඉදිරි දොරෙන් බිමට වැටුණා. මං හිටියේ ඈට පිටුපසින්. ඈ ගැබිනි බවත් සැමියා ඒ මොහොතේ පිට රටක බවත් කීවා. ඈ රෝහලට එක්ක යන්න මා ඉදිරිපත් වුණත් ඒ වෙලේ එතන සිටිය වෙෙද්‍ය ශිෂ්‍යාවක් ඒ වගකීම කැමැත්තෙන්ම භාර ගත්තා.
බස් එක නවත්තන්න කලින් දොර ළඟට එන්න කියලා කොන්දොස්තරලා මොන තරම් බෙරිහන් දෙනවද? දොරවල් වහලත් නෑ. අනතුරක් වුණහම වගකීම ගන්නේත් නෑ. අපි විරුද්ධව යමක් කීවොත් බැහැලා කාර් එකක එන්න කියනවා.
මේ අපි ඉන්න රටවල් වල දුම්රිය බස් ආදියට නැග්ගම ඉඳගන්න ඉඳගන්න කියලායි බෙරිහන් දෙන්නේ. බහින්න බස් එක නවත්වන කම් නැගිටින්නේ නෑ. නැග්ගම ඉඳගන්න කම් යන්නේත් නෑ. දොරවල් ඇරගෙන යන්නෙත් නෑ.
නියාමනයක අවශ්‍යතාව. හිමින් යන්න ඕනැ උනාම චූ කරලා එනකලුත් ඉන්නවා. පිටිපස්සෙන් තව බස් එකක් එනව නම් අපි යන ගමන් පනින්න ඕනෑ.
ReplyDelete