දිමි සටන
ඉදිරිපස ටයිල් පොළවේ දිමි රංචුවක් විසිරිලා එහෙ මෙහෙ දුවනවා මහා කලබලෙන්. දිමියෙක් තව දිමියෙක් කරතියන් යනවා දැකල මං විමසිලිමත් වුණා. මෙන්න ඒ වගේ තව කීප දෙනෙක් වෙන එකෙක් කරතියන් හරි ඇදගෙන හරි යනවා. මම මුලදී හිතුවා මළ සිරුරු උස්සන් යනවා කියලා. හොඳට ලං වෙලා බැලුවම කරේ යන එවුන්ට පණ තියෙනවා. උන් දඟලනවා. සමහර තැනක දිමි දෙන්නෙක් එකෙක් දෙපැත්තට අදිනවා. මේ දිමි විශේෂ දෙකක සටනක් විය හැකිද ? දිමි ඇතුළු කුහුඹු විශේෂ අතර සටන් තිබෙන බව දැන ගත්ත. නමුත් මේ ගැන එතරම් පැහැදිලි විස්තර ලැබුණේ නැහැ. ඔවුන් ආහාර, වාසස්ථාන වගේ දේවල් වලට සටන් කරනවා ඇති. කොහොම හරි විනාඩි 30ක් විතර යනකොට එතැන බිම එක දිමියෙක් වත් හිටියේ නැහැ.
දිමියන් ජීවත් වෙන්නේ ගස් උඩ නිසා මොවුන් රුක්වැසි කුහුඹු වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙසෙන කුහුඹු විශේෂ ගණන වරින් වර විද්‍යාඥ අදහස් අනුව වෙනස් වෙනවා. 2012 රතු ලැයිස්තුවට අනුව ලංකාවේ කුහුඹු විශේෂ 205 ක් ඇතැයි සඳහන් වෙනවා.
Solenopsis ගණයට අයත් විශේෂ ගණනාවක් දිමියන් ලෙස හඳුනා ගන්නවා Wikipedia ශ්‍රී ලංකා කුහුඹු ලැයිස්තුවේ නම් හමු වුණේ Solenopsis germinata හා යන Solenopsis nitens විශේෂ දෙක විතරයි.
No comments:
Post a Comment