වසර 30ක් පැරණි කළලයකින් දරු උපතක්
ඇමරිකාවේ Ohio ප්‍රාන්තයේ Lindsey (35) හා Tim Pierce (34) යුවලට අවුරුදු 30ක් ශීතකර ගබඩා කර තිබූ කළලයකින් පුතෙකු ලැබී තිබෙනවා.
මෙය මෙසේ දීර්ඝතම කාලයක් තිබූ කළලයයි.
කළලය අයිති Linde Archerd (62) හා ඇගේ එවකට සැමියාටයි. ඒවා 1994 IVF ක්රමයට නිපදවූ කළල. ඇය කළල හතරක් එකවර ඇතිකර තියෙනවා. එයින් එකකින් ඈට දියණියක් ලැබීමට වරම් හිමිවුණා. නමුත් ඉතිරි ඒවායින් දරුවන් සෑදීමට පෙර ඈට සැමියාගෙන් වෙන් වීමට සිදු වුණා. සැමියාගෙන් වෙන්වූ පසුව ඈ ඒවා ඉවත් කර දැමීමට හෝ පර්යේෂණ වලට ලබා දීමට කටයුතු කර නෑ. ඒ තම දියණියගේ සොයුරු සොයුරියන් ලෙස හැඟීමක් ඇයට තිබී තියෙනවා. මුලදී මුදල් ගෙවා ගබඩා කර තැබූ කළල පසුව එක්තරා සංවිධානයක් විසින් භාරගෙන ගබඩා කර තබා තියෙනවා.
බිහිවූ මේ දරුවා තම තිස් හැවිරිදි දියණිය වාගේම බව Linde පවසනවා.
No comments:
Post a Comment