Saturday, August 1, 2026

අපි පස් දෙනා








හතළිස් ගණන් අවුරුදු ඈතටදුවන
අබිසෙස් නැතත් ආ මේ ජීවිතගමන
සරතැස් නිවා කතරට දිය බිඳුඉසින
අපි පස් දෙනා විය හැම දුක සැපහැඳිණ
ගෙදරක් වීය ඒ හුඟ කලකටපෙරය
අහුරක් වගේ මුතු කැට දිලිසෙනසුලුය
මිහිරක් දැනේ සිතුවිලි වුවපැහැබරය
සුළඟක් වුණත් ඒ දිනවල හරිබරය
දෙන්නා තුන්දෙනා වී වසරක්ගෙවිලා
තුන්දෙන හතර වෙන්නට තව කල්ඇදිලා
සිවු දෙන පහක් වෙනවිට කරදරගෙවිලා
අවුරැස් බිඳක් තිබුණා යන මඟවැටිලා
අප ආ ගමන දිය වැල් මැද ඇදුණුගඟ
පීනූ කෙනෙකු මිස කවුරුත් නොදතිරඟ
අඩියෙන් අඩි ඉගෙනුම් හිණිපෙතටනැඟ
නතර නොවී දුරටම ගොස් අතරමඟ
මුහුදු හතක් ඈතින් ඇති දුරුරටෙක
ජීවත් වෙන්න ඉරණම ඇඳ දුන්විටෙක
ඒ වුව ඒ රටේ ඈතින් තුන්කොනෙක
විසල් අහස් තලයක් යට මහබිමෙක
උදහස් වනු කුමට කාලය දිගහැරිණ
සියවස් ගෙවී යන්නට ළඟ බවදැනිණ
සෙනහස් ගඟුල නොසිඳී තව දිගඇදිණ
අපි පස් දෙනා පසු ගියදා මුණගැසිණ
2026 ජූලි මස 18 වනදින
කැලිෆෝනියාවේදීය.

6 comments:

  1. ලන්ඩන් කවි නෙවෙයි කැලිෆෝනියා කවි නේද?

    ReplyDelete
  2. ඒකත් ඇත්ත... ලිව්වේ ලිෆෝනියාවේ...... පළ කලේ ලන්ඩන් කවියේ නේ. ස්තූතියි Litseeker...

    ReplyDelete
  3. සුන්දර මතක. ලස්සන කවි පෙළක්

    ReplyDelete
  4. Beautifully worded Ms! Please pass my loving regards to Ganewatta sir!

    ReplyDelete
  5. Thank you Rain Girl.... Yes definitely I would....

    ReplyDelete