Sunday, October 10, 2021
මැලේරියා එන්නත
Wednesday, October 6, 2021
කලින් සිතුවාට වඩා කලකට පෙර මිනිසා ඇමරිකාවට සංක්රමණය වෙලා
කලින්
සිතුවාට වඩා කලකට පෙර මිනිසා ඇමරිකාවට සංක්රමණය වෙලා
නවතම
සොයා ගැනීම් වලට අනුව කලින්
සිතුවාට වඩා වසර 7000කට
පෙර මිනිසා ඇමරිකානු මහද්වීපයට සංක්රමණය වී
තිබේ. නිව් මෙක්සිකෝවේ ක්රියාත්මක වන කණ්ඩායමක් විසින්
වසර 21000-23000 දක්වා පැරණි මිනිස් පාද සටහන් රැසක්
සොයාගෙන තිබේ. මේ අනුව මහා
ද්වීපය මිනිස් වාසයක් බවට පත්වීමේ කාලවකවානු සම්බන්ධ
දෘෂ්ටි කෝණය වෙනස් වී
තිබේ. කලින්
සිතූ ආකාරයට ආසියාවෙන් ඇමරිකානු මහද්වීපයට සංක්රමණය සිදුවීම
මිට වසර 16000කට පෙර සිදුවී
ඇති බව සඳහන් වන
නමුත් එයද බොහෝ මතභේද
වලට තුඩු දුන් එකකි. දැන්
මේ නවතම සොයා ගැනීම්
අනුව ඊට කලකට පෙර
මහා මිනිස් සංක්රමණයන් සිදුවී
ඇති බවට අනුමානයක් ඇතිවේ.
එමෙන්ම ඒ ආදිවාසී ජනගහනය
නෂ්ටව ගොස් ඇති බවද
පෙනේ.
White Sands හි Alkali Flat වල
විල් තෙරක මායිමෙන් මේ
පාද සලකුණු සොයාගෙන තිබේ. විද්යාඥයින්ට අනුව
මේ සටහන් වැඩිහිටියෙක් ද සමග ගමන්
ගත් නව යොවුන් හා
ළාබාල ළමයින්ගේ ඒවාය. මේ සොයා ගැනීම
නිරිත දිග එක්සත් ජනපදයේ
එකල ජන ජීවිතය කෙසේ
වූවාද යන්න ගැන කවුළුවක්
ද විවර කරයි. ළමයින්
මෙහි කුමක් කරමින් සිටියේද යන්න විද්යාඥ
යන්ට නිශ්චිතව කීමට නොහැකි නමුත් ආදී
මුල් පදිංචි කරුවන් ගේ චාරිත්‍ර
අනුව ළමයින් දඩයම් ක්රමයකට උදව්
වීමක් සිදුවී ඇතැයි අනුමාන කරනු ලැබේ. මී
හරකුන් වගුරෙන් පිටතට පැන්නවීමේ Buffalo jump නමින් හඳුන්වන කාර්ය වීමට ඉඩ තිබේ.
දඩයමින් පසු ආහාර පිළියෙළ
කිරීමට ළමයින් දර, වතුර, හා
අනිකුත් දේවල් එකතු කිරීමේ යෙදෙන්නත්
ඇත.
මතය
පිළිගැනීමේ ඉඩ කඩ කාල
නිර්ණයේ නිරවද්යතාව මත රඳා
පවතී. මෙවැනි
ස්ථානයක කාබන් කාල නිර්නයේ යම්
යම් ගැටළු පැන නගින නමුත්
දැනට ඇති සාධක මත
මේවා වසර 21000-23000 අතර පැරණි බව
නිර්ණය වී තිබේ. වැඩි
විස්තර ජර්නලයේ දක්වා ඇත.
පාද
සටහන් රූපය BBC මගින් ලබා ගත් අතර
Buffalo jump දඩයම් ක්රමය අන්තර්ජාලයෙනි.
(BBC Science අනුව
සකස් කළ ලිපියකි.)
Monday, September 27, 2021
Homeschooling
Homeschooling
කොරෝනා අවදියේ
පාසල් වැසී යාමත් සමග, අද කලඑළියට පැමිණ ඇති
මාතෘකාවක් වන්නේ Homeschooling හෙවත් නිවසේ සිට ඉගෙනීමයි. මෙය දුරස්ථ අධ්‍යාපනය
-Distant Education සමග පටලවා නොගත යුතුය. දැන් ඔබේ දරුවා මාර්ගගතව ඉගෙන ගනී නම් එය
දුරස්ථ අධ්‍යාපනයයි.
Homeschooling
යනු කුමක්ද?
ආයතනක්
හා සම්බන්ධ නොවී නිවසේ සිට
තම දරුවන්ට දෙමව්පියන් විසින් අධ්යාපනය ලබා
දීම නිවසේ සිට ඉගෙනීම ලෙස
හඳුන්වා දිය හැකිය.
මෙය
බටහිර ලෝකයේ ආරම්භ වුවකි. තම දරුවන්ට ඉගැන්වීම
රජයේ නොව තම වගකීම
බව මේ කණ්ඩායම විසින්
සිතනු ලැබීමත් සමග 20වන
සියවසේ අවසානයේ ඇරඹුණු මේ තත්වය රජයේ
පාසල් වලට විරුද්ධ ක්රියාකාරිත්වයක් ලෙස වැඩි දියුණු
විය.
19 සියවසේ
එක්සත් ජනපදයේ අනිවාර්ය පාසල් නීතිය ඇති වීමට පෙර
අධ්යාපනය ලැබීමේ මග වූයේ ආධුනිකත්ව
පුහුණු වීම් හා ප්රජාව සමග
වූ ක්රියාකාර කම්ය.
අපේ රටේ වූවද ඒ
ඒ වෘත්තීන්/ ගුරුකුල වලට අයත් දෙමව්පියන් තම දරුවන්ට ද
ගොවිකම, වෙදකම, වඩුවැඩ ආදී වශයෙන් පාරම්පරිකව ඒ ශාස්ත්‍ර ලබා දීම
සිදු විය. ආගම දහමට යොමු
වීම පන්සල මුල් කොට සිදු
විය.
එක්සත්
ජනපදයේ කාලයාගේ ඇවෑමෙන් දෙමව්පියෝ පාසැල නැමැති ආයතනය කෙරෙහි නොපහැදීමක් ඇති කර ගත්හ.
එයට විකල්ප ලෙස Homeschooling ආරම්භ
විය. Massachusetts හි මෙඩ්ෆෝඩ් විශ්ව
විද්යාලයේ මහාචාර්ය , Adolf Berle විසින් 1912 දී 'The School in the Home'' නමින් පොතක් පළ කළේය. 1980 ගණන්
වල මෙසේ ගෙදර සිට
ඉගෙනගත් සිසුන් 20,000ක් පමණ වූ
අතර දශක තුනකට පසු
එම සංඛ්යාව මිලියන
1,77 දක්වා වර්ධනය වී ඇති බව
දත්ත මගින් පෙන්නුම් කෙරේ. මේ අතර එක්සත්
රාජධානිය, ඔස්ට්රේලියාව හා ඉන්දියාවේද මේ
ක්රමය වර්ධනය විය.
පාසල් වල ඇතිවන හිංසන,
පාසලින් සදාචාරාත්මක දියුණුව නොසළකා හැරීම, සුභග දරුවන්ට වන
අඩු පාඩු, විශේෂ අවශ්යතා ඇති
දරුවන්ට වන අඩු පාඩු වැනි
හේතූන් මේ වැඩි වීමට
හේතු පාදක වී ඇති
බව පෙනේ.
ඇතැම්
රටවල් homeschooling වලට
සීමා පනවා ඇත. ස්වීඩනය
මෙය විශේෂ, සාමන්ය නොවන තත්ත්ව යන්ට
පමණක් සීමා කර ඇති
අතර බ්රසීලය හා
ජර්මනිය මෙය තහනම් කර
තිබේ.
Homeschooling
සම්බන්ධ මුලධර්ම
ජෝන්
හෝල්ට් නම් ඇමරිකානු අධ්යාපනඥයා ළමයින්ට ස්වයං- මගපෙන්වීමේ ඉගෙනුම් ක්රමයක් හඳුන්වා
දුන්නේය. මෙහිදී ශිෂ්යයා රාමුගත
විෂය නිර්දේශයකට යටත් නොකර ශිෂ්‍ය ලැදියා අනුව
සකස් වූ ක්රමයකට
ඉගැන්විය යුතු බවට දෙමව්පියන්ට උපදෙස් දුන් අතර
පිලිබඳ Growing
Without Schooling (1977–2001) නම්
සඟරාව ආරම්භ කළේය. ඔහු
Unschooling නම් වචනයක් ද හඳුන්වා දුන්
අතර ගෙදර ඉගෙනීමට පාසලේ
ක්රියාත්මක වන ක්රමය
හා ඉගැන්වීමේ ක්රම වේද
අවශ්‍ය නොවෙතැයි කීය.
නමුත් දිගින් දිගටම ව්යවහාර වූ
වචනය homeschooling වේ. එක්සත්
රාජධානිය ඇතුළු තවත් රටවල අධ්යාපන විශාරදයින් ද ක්රම වේද ඉදිරිපත්
කළ අතර මේ සඳහා
අවශ්‍ය සම්පත් ද
ඉගෙනුම් ද්‍රව්‍ය
ද ක්රමයෙන් වර්ධනය
විය.
නීතිමය
තත්වය
එක්සත්
ජනපදය ඇතුළු රටවල මෙය නීතියෙන්
වලංගු වේ. අනිවාර්ය
අධ්යාපනය මිස අනිවාර්ය පාසල්
අධ්යාපනය යනුවෙන් නීතියේ සඳහන් නොවන නිසා පාසල්
නොයවා කිසිදු ඉගෙනුමක් නොදී ඉඳීම නීතිමය
වරදක් වන නමුත් homeschooling සඳහා යොමු
කිරීම වරදක් වන්නේ නැත. අපේ රටේ
නීතිමය තත්වයත් එයම
බව සඳහන්ය.
වත්මන් තත්වය
එක්සත්
ජනපදයේ ප්රාන්ත 40කම
මේ සඳහා ප්රතිපාදන
සකස් කර තිබේ. ඒවා
ප්රාන්තය අනුව වෙනස් වේ.
ඒවා අතර සිසුන් ඇගයීම්
වලට භාජනය කිරීම, දෙමව්පියන්ට අඩුම වශයෙන් උසස්
අධ්යාපන ඩිප්ලෝමාවක් තිබීම
මෙන්ම රාජ්‍ය නිළධාරීන්
විසින් එවැනි නිවෙස් අධීක්ෂනය කිරීම, රජය අනුමත විෂය
නිර්දේශයක් තිබීම වැනි කරුණු ඇතුළත්
වේ. සමහර ප්රාන්ත
ලිහිල් ප්රතිපත්තියක් ද
සමහර ඒවා තරමක් දැඩි
ප්රතිපත්තියක් ද අනුගමනය කෙරේ.
එක්සත් ජනපදය, ඕස්ට්රේලියාව, කැනඩාව,අයර්ලන්තය, නොර්වේ, එක්සත් රාජධානිය ඇතුළු homeschooling අනුමත රටවල තම දරුවන්ට
ඉගැන්වීම සඳහා දෙමව්පියන්ට ගුරුවරයෙකු
වශයෙන් ලබා ගන්නා සහතිකයක්
අවශ්‍ය නොවේ.
ක්‍රමයේ වාසි
හා අවාසි
මේ ක්රමයට විරුද්ධව
අදහස් දක්වන අධ්යාපනඥයින් සඳහන්
කරන්නේ මෙයින් දරුවන් සමාජය හා සංකලනය වීම
නිසිලෙස සම්පුර්ණ නොවන බවයි. එමෙන්ම
ශාස්ත්රීය වශයෙන්
මෙන්ම සමාජානුයෝජනය අතින් නිසි පුහුණුවක් නොලබන
බවයි. සමහර අධ්යනයන්
homeschooling සාර්ථක බව පෙන්වා තිබේ. සමහර
සිසුන් පාසල් සිසුන්ට වඩා හොඳින් විභාග
ලකුණු ලබා තිබේ. ඇතැම්
දෙමව්පියන් නැටුම්, සංගීත, පිහිනුම්, වෙනත් ක්රීඩා, ආදී දේවල් සඳහා
සිසුන් අමතර පන්තිවලට යවන
බැවින් හා පුස්තකාල, කෞතුකාගාර,
සත්වෝද්යාන ආදියට සම්බන්ධව
ක්රියාකාරකම් වලට යොමු කරන
බැවින් සමාජමය අත්දකීම් සිසුන්ට ලැබේ. ඇතැම් පාසල්ද සිය පුස්තකාල, පරිගණක
මධ්යස්ථාන ආදිය මේ සිසුන්ට
විවර කර දී තිබේ.
ක්රීඩා තරග වලටද
යොමු කර තිබේ. සමහර homeschooling කණ්ඩායම් තමන්ගේ ක්රීඩා සමාජ
ඇතිකරගෙන තිබේ. එමෙන්ම එවැනි දරුවන්ගේ හමුවීම් ද සංවිධානය කරනු
ලැබේ.
අපේ
රටේ මෙයට අදාළ පරිසරයක්
තිබේද ?
දුප්පත්
රටක් වන අප රටේ
දෙමව්පියෝ එදිනෙදා ජීවන ප්රශ්න
වලින් හෙම්බත් වී සිටිති. ඔවුන්ට
මෙවැනි තත්වයක් පිලිබඳ සිතීම පවා සිහිනයක් වනු
ඇත. එවැනි පවුල් පසුබිම්වල වැඩිමල් ගැහැණු දරුවෝ බාල දරුවන් බලා
ගැනීමට පාසල් යාම අතරමග නතර
කරති. පිරිමි දරුවෝ යමක් පවුලට උපයා
ගැනීම සඳහා පාසලට ආයුබෝවන්
කියති. ඉන් එහාට ඔවුන්
හොඳ හෝ නරක ඉගෙන
ගන්නේ තමා වටා ඇති
සමාජ පරිසරයෙනි.
ඉහළ
හා ඇතැම් මධ්යම පන්තික
පවුල්වල දෙමව්පියෝ යම් පිරිසක් මේ homeschooling ක්රමය අනුගමනය කරනු
මට මේ ටික දිනයේදී
දකින්නට ලැබුණි. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය වියහියදම් සපයා
ගැනීම හා දරුවන් වෙනුවෙන්
කාලය ගත කිරීම කළ
හැකි බව පෙනී යයි.
නමුත් ඔවුන් කුමන ආකාරයෙන් තම
දරුවන්ගේ අධ්යාපනය සිදු
කරනවා ද යන්න මට
පැහැදිලි වුයේ නැත. ඒ
දරුවන් මේ වන විට
සිටින්නේ අඩු වයස් මට්ටම්
වලය. ඉදිරියේදී ඔවුන්ගේ අධ්යාපනය සකස්
විය යුත්තේ කෙසේද යන්න ඒ දෙමව්පියන්
සැළසුම් කර තිබෙනවා විය
හැකිය.
Britannica
ඇසුරිණි
Monday, September 20, 2021
මතකය
මතකය
අපි හමුවුණා අහම්බෙන් ,
ඇත්තටම අහම්බෙන්මද ?
අපි ඒ ගහ යට බංකුවේ හිඳ,
හුඟක් කතා කළා,
අපේ හිසට ඉහළින් ,
නා දළු පවනට නැලවුණා,
අපි ඔහේ කතා කළා,
අහස ගැන,
පොළොව ගැන,
ඈත රටවල් ගැන,
කුරුල්ලෝ,සමනලයෝ ගැන ,
ඒ හවස් කාලය
හරිම ඉක්මණට ගෙවුණා ,
අපි වෙන්වුණා සදහටම,
ඔබ මගේ නම ඇහුවේ නෑ
මම කිව්වෙත් නෑ
මොන විදියකට ඔබට මා
මතක තියේවිද ?
කොහෝ කුරුල්ලෙකුගේ
මිහිරි නාදයක් වගේ ,
නැත්නම්, ගිරා මලිත්තෙකුගේ
තටුවක නිල කොළ පාට වගේ,
ඒත් නැත්නම් ,
සමනල තටුවක රටාවක් වගේ ,
සමහර විට මේ කිසිම කිසි දෙයක් නොවී
ඔබේ සිතෙන් මා
මේ කවිය අග මම තියන
නැවතීමේ ලකුණ තරම්
පුංචි තිතක්වත් නැතුව
මැකිලම යන්නත් පුළුවන් නේද ?
© 2021maliniganewatta
Thanks to Marc A. Sporys for the image on Unsplash
Sunday, September 5, 2021
යන්නම යන්න ගිය මිහිරාවිය
යන්නම යන්න ගිය මිහිරාවිය
නන්නත්තාර වූ හිත
කොහොමත් මතක් කළේ
එයා ගැනම තමයි හැමදාම
අද අමුතුවෙන් මොනවා හිතන්නද?
නරකෙසුත් මතුවෙලා
හිස පුරා තැනින් තැන
අදහන්න බැරිව ගිය ඒ පුවත
එයා මට කලින් යන්න ගිය බව
එකම එක කඳුළු බිංදුවක් විතරයි
මතු වුණේ නෙත් කෙවෙණි අග
ඒ දවස් වලම කඳුළු උල්පත් හිඳුනා
එයා ගියාට පස්සේ ඉඩෝරෙට
දරු මල්ලොත් වට කරන්
කිකිළි වටේ කුකුළු පැටව්
වගේ එයා මට අන්තිමට
හම්බ වුණේ පේරාදෙණියේ
මල් වත්තේදී මල් මැද මල් ලඳක් ලෙස
මදු මල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය
ගීතය පෙම්පතේ උඩින්ම ලිව්වේ ඒ දවස්වල
බොරුවට නෙමේ ඇත්තටම බව
එයාට තේරුණේ නැතුව ඇති
එයා මට එවපු පිළිතුරු පත්
තාම මගේ පොත් ඇතුළෙන්
ඉඟි බිඟි පානවා එදා වගේම
කහපාට වෙලා පාට වෙනස් වුණත්
මල් සුවඳ මැකෙන්නේ නැහැ
දැන් දැන් වගේ ඇට්ටේරියා
ගහ ලඟදි ඒ හමුවූ ඒ හමු වීම්
ලෝකය කැරකුනි ද මේ තරම්
වේගයෙන් රවුමට රවුමට
සුබ ගමන් පතන්නම්
ගිය තැනක සතුටෙන් ඉන්න
යන්න ගිය මා මිහිරාවියට
Tuesday, August 31, 2021
එළවළු, පළතුරු කුණු වීම
එළවළු, පළතුරු කුණු වීම
සමහර
අවස්ථා වල ඔබ ශීතකරණය
අරින විට, නැත්නම් එළවලු
ලූනු වගේ දේවල් වෙනත්
තැනක ගබඩා කරලා තියෙන
කොට ඒ තැන්වලින් දුඟදක්
හමන්න පුළුවන්. සමහර විට ශීතකරණයේ
එළවළු කුඩේ ziplock එකක් ඇතුලේ සති
කිහිපයකට කලින් ගෙනා එළවළුවක් මතක
නැතුව එහෙමම තිබිල ඒක නරක් වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් රාක්කෙ තිබ්බ රතු ලූනු /සුදු
ලූනු නරක් වෙනවා
වෙන්න පුළුවන්.
මොකක්ද
මේ කුණු වීම කියන්නේ
?
කුණුවීම
එළවලු, පළතුරු ආදී සැම දෙයකම
ජීවන චක්රයේ එක
ස්වභාවික අවස්ථාවක්. එහෙම
වුණත් නරක් වුණා කියා
සැක කරන කිසිම දෙයක්
ආහාරයට ගන්නේ නැතුව ඉන්න තරමට ඒවායින්
අපට වෙන්න තියෙන හානි වළක්වා ගන්න
පුළුවන්. මතක් කරලා බලන්න
නරක වූ මස්, මාළු,
කිරි ,බිත්තර , එළවලු, පලතුරු වල ඒ ඒ
දුගඳ.
එළවලු,
පලතුරු, මස් මාළු මේ
හැම දෙයක්ම කලින් ජීවීව තිබුණු දේවල්. ඒ
ජීවී තත්වයෙන් අයින් කළ වහාම ඒවා
කුණු වෙන්න පටන් ගන්නවා. හිතන්න
ඔබ ඉදුණු අඹ ගෙඩියක් ගහෙන්
කැඩුව කියල. ඒක
ඒ මොහොතේ ඉඳන් කුණු වීම
ආරම්භ කරනවා. සමහර එළවලු හා
පලතුරුවල කියුටින් ඉටි තැන්පත් ඝන
පොත්තක් තියෙනවා. ඇපල් ,තක්කාලි වගේ. ඒවා පිටින්
තුවාල වෙලා නැත්නම් කුණු
වීම ඉක්මන් වෙන්නේ නැහැ.
නරක්වුණු
එළවලු පලතුරු ඇල්ලුවහම මොන වගේ ස්පර්ශයක්
ද (වයනයක් ) දැනෙන්නේ ? හොඳින් තියෙද්දිට වඩා බුරුල් ගතියක්
දැනෙනවා. ඒ ඒවායේ
සෛල අතර තිබෙන බැඳීම
බිඳීම නිසා. ඒ වගේම පාට
වෙනස් වෙනවා, දුගඳ ඇති වෙනවා,
දියර ගලනවා.
මේ වෙනස් කම් වලට හේතු
වෙන්නේ දිලීර හා බැක්ටීරියා කියන
ක්ෂුද්‍ර ජීවින්. මේ ක්ෂුද්‍ර
ජීවින් හැදෙන්න ඒ ද්‍රව්‍ය වල ගුණ
වගේම තිබෙන පරිසරය හරියට
බලපානවා. අපේ රටේ වගේ
ඉහළ උෂ්ණත්වයක්, වාතයේ ඉහළ තෙතමනය, ආලෝකය,
වාතය තියෙනකොට මේ කුණු වීම
බොහොම ඉක්මන් වෙනවා. , . ආහාරයේ පෝෂණය හා තෙතමනය වැඩිවූ
තරමට කුණු වීමේ වේගයත්
වැඩියි. පළතුරු
ආලෝකයට නිරාවරණය වුණහම ආලෝක වියෝජනය කියල
ක්රියාවලියක් නිසා එහි පිට
ආවරණය නරක් වෙන්න පටන්
ගන්නවා. ඔය අව්වේ තියන්
විකුණන දොඩම්, පේර වගේ ඒවායේ
පිට පැත්ත පාට වෙනස් වෙන්නේ
එතකොටයි. පිට විතරක් නෙවේ
ඇතුලේ තියෙන විටමින ආදියත් අනිකුත් පෝෂකත් වෙනස් වෙනවා.
ඒත්
මේ නරක් වීම හැම
තිස්සෙම අපිට නරකක් කරන්නේ
නැහැ. දැන් මිදුණු කිරි,
චීස් වගේ ඒවා මේ
නරක වීමේ ක්රියාවලියෙන්ම
හැදෙන දේවල්. ඒවා අපිට පෝෂණය
ගෙන දෙනවා. ඒවා ආහාරයට ගනිද්දී
අපි ඒ සමගා ඉන්න
ක්ෂුද්‍ර ජීවිනුත් ආහාරයට
ගන්නවා. හැම තිස්සෙම ක්ෂුද්‍ර ජීවින් අපිට
නරකක් කරනවා කියල හිතන්න එපා.
අපේ ඇඟේම මිලියන සංඛ්යාත ක්ෂුද්‍ර
ජීවින් ඉන්නවා.
ඉතින්
අපි ආහාර ශීතකරණයේ තියන්නේ
කුණු වීම ඇතිකරන ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය
අඩු කරන්න. ඒ මොකද අඩු
උෂ්ණත්වයේ ඒගොල්ලන්ගේ දේහ ක්රියාවලි
හරියට වෙන්නේ නැහැ. දැන්
ඇයි ශීතකරනයේත් එහෙම නම් දේවල්
කුණු වෙන්නේ? ඔව්, හෙමින් කුණු
වෙනවා, සාමාන්‍ය ශීතකරණයේ සෙල්සියස්
4-8 අතරේ හෙමින් කුණු වෙනවා. ඒ
නිසා කලින් කලින් ගෙනා දේවල් ඉක්මණින්
පරිභෝජනය කරන්න. හැබැයි අධි ශීතකරණයේ ඇති
-18 ට අඩු උෂ්ණත්වයේ නම්
ක්ෂුද්‍ර ජීවින් වැවෙන්නේ
නැහැ. ඒ නිසා නරක
වෙන්නේ නැහැ. හැබැයි ඒවායේ කලින් හිටිය ජීවින් මැරෙන්නෙත් නැහැ. ආයෙත් අපි ඒවා එළියට
ගත්ත හැටියේ ඒ ගොල්ලෝ තමන්ගේ
වැඩේ පටන් ගන්නවා. ඒ
නිසා මස් මාළු වගේ
ඒවා ශීත ඉවත්කළ ඉක්මනින්
උයා පිහා ගන්න. වැඩි
වෙලා මේසේ උඩ තියන්
ඉන්න එපා.
Thanks to Sandy Millar for the image on unsplash



