ඔව්,එය ලස්සන වන්නට තිබුණා ,
මිනිසුන් නැත්නම්,
හාත් පස වනාන්තර,
නිල්ලෙන් වැසුණු කඳු වැටී
සිත්සේ සැරිසරණ සියොතුන්,
පියාඹන්නට තිබුණා නිදහස් අහස් කුස
ගලා යන්නට තිබුණා සුනිල දියවැල් මිහිමත
ඉතින් මිතුර,
කුරිරුයි නේද මිනිසුන් සහිත මේ ලෝකය
මියැදෙයි දරුවන් රුදුරු වෙඩි පහරට ලක්ව
මියැදෙයි දරුවන් බිහිසුණු බෝම්බයට යටව
මියැදෙයි දරුවන් පා තබන්නට බිමක් නැතිව ....
මියැදෙයි දරුවන් කුසට බත් හුලක් නැතිව
මිය යන්නට ලඟයි දරුවන් මුවට කිරි බිඳක් නැතිව
ලොව හතර අත මිනිසා පොර කයි,
ආගමට මුවාවී,
ජාතියට මුවාවී,
වස්තුවට ලොබ බැඳ
බිම්කඩ බෙදා ගන්නට බැරිව
බලය ඩැහැ ගැනුමට
ඔවු ,මිතුර කුරිරුයි
හරිම කුරිරුයි මිනිසුන් සහිත මේ ලෝකය
Photo by Karthikeyan K on Unsplash

උපදින්නට පෙරුම් පිරූ
ReplyDeleteඑහෙත් මෙලොව එළිය නොදුටු
කළලයන් පවා
විනාශ කර දමන
අමන මිනිස් තිරිසනුන්ට
ගහකොළ කුමණ අගයක්ද?
සාධාරණ ලොවක් දැකුම
ReplyDeleteඑපමණකිය මගේ පැතුම