Saturday, April 4, 2020

අසුබ වූ සුබ නැකත
























ගේත් පිරියම් කරල
හුගක් කල් නොවැ මැණිකෙ 
එහි පහන් දල්වන්න
හිටියෙ අග බක් මහේ 

පොඩි ගුරුන් ලඟට ගොස් 
හදන් ආ සුබ නැකත 
අසුබ වුයේ කිමද 
මේ තරම් ඉක්මනට 

කොරෝනලු බයානක 
යක්සයෙක් වගේ එන 
රූප පෙට්ටිය කියයි 
ගෙවල් ඇතුළෙම ඉන්න 

තනි කමේ සුසුම් මැද 
මං පුංචි කාමරේ 
අම්මගේ කෙඳිරිල්ල 
කුස්සියෙන් නිරතුරේ 

ඉතින් මගෙ සුදු මැණික 
අපි දෙන්න ගම් දෙකක 
අවුරුද්දකුත් නැතිලු 
මුණ වත් දැක ගන්න 

මේ මහා නොනගතය 
ගෙවිල ළඟදීම දිනක 
එනවනේ හෙට දිනේ 
මගෙ මැණික මගෙ ලඟට 

3 comments: