චාල්ස් ඩාවින්
- පරිණාම වාදයේ පියා
1809 පෙබරවාරි
12 දින චාල්ස් ඩාවින්
උපත ලැබුවේ, මහා බ්රිතාන්යයේ
, Shrewsbury, Shropshire,හි
මනා සබැඳියාවකින් හෙබි ධනවත් දෙමව්පියන්ට
දාව දරුවන් හය දෙනෙකුගෙන් යුතු
පව්ලක පස්
වෙනි දරුවා වශයෙනි. ළමා
චාල්ස් ක්රිස්තියානි හැදියාවකින්
යුක්ත වූ නමුත් ඔහුගේ
පවුලේ නව අදහස් වලට
විවෘත බවක් පැවතියේය. ඔහුගේ
මුතුන් මිත්තන්ගේ ගේ සිට යම්
යම් රැඩිකල් අදහස් වලට නැඹුරුවක් තිබූ
අතර ඔහුගේ
සීයා වන ඉරාස්මස් ඩාවින්
නිදහස් චින්තනයෙන් යුත් වෛද්‍ය
වරයෙකු විය. ඔහු ඉතාමත්
විවාද සම්පන්න අදහස් ඉදිරිපත් කර තිබේ. එකල
පරිණාමය (evolution) යන වචනය වෙනුවට
භාවිත වුයේ
පරිවර්තනය (transmute) යන්නයි. ඔහු විසින් පළ
කරන ලද 'Zoonomia 'නම් ග්රන්ථයේ එක්
විශේෂයක් තවත් එකකට පරිවර්තනය
(transmute ) විය හැකිය යන රැඩිකල් විවාදාපන්න
අදහස ඉදිරිපත් කර තිබුණි.
සිය
පියා මෙන්ම සීයා ගේ අඩි
පාරේ යමින් චාල්ස් ඩාවින් වෛද්‍ය විද්යාව හැදෑරීම සඳහා
Edinburgh විශ්ව විද්යාලයට ඇතුල්
විය. නමුත්
නිර්වින්දන ක්රම නොදියුණුව
පැවති ඒ අවදියේ සැත්කම්වල
අමානුෂික බව දුටු චාල්ස්ට
වෛද්‍ය විද්යාව
හැදෑරීම සිත් ගත්තේ නැත.
නමුත් Edinburgh විශ්ව විද්යාලය විද්යාව හැදෑරීම සඳහා
බ්රිතාන්යයේ එවකට තිබූ
හොඳම විශ්ව විද්යාලය විය.
අනිකුත් ප්රසිද්ධ විශ්ව
විද්යාලවල නොතිබුණු ආකාරයේ රැඩිකල් නිදහස් අදහස් වලට එහි තැනක්
තිබූ අතර එහි පැවැත්වූ
පරිණාමය පිලිබඳ දේශන ගැන ද
ඔහුට අසන්නට ලැබී තිබුණි.
වෛද්‍ය වරයෙකු වීමේ
අදහස අත හැරි ඩාවින්
පල්ලියේ වෘත්තියකට යොමුවී ඒ ගැන අධ්යනය සඳහා කේම්බ්රිජ් විශ්ව විද්යාලයට ඇතුල් විය. දෙවියන් පිලිබඳ
විශ්වාසය ඔහු තුළ තිබූ
නමුත් ඔහුගේ ලැදියාව යොමුවී තිබුණේ වෙන අංශයක් කෙරෙහිය. එනම්
ජීව විද්යාව ඔහු
සිත පැහැර ගෙන තිබූ අතර
පුජකයෙකු වීමෙන් අමතර කාලයක් ජීව
විද්යාව වෙනුවෙන් ගත
කල හැකි වීම ඔහුට
වාසියක් විය. ඔහු කුරුමිණියන්
එකතු කළේය. අවසානයේ ආගමික
පූජකයෙකු ලෙස පත්වීමට පෙර
1831 දී ඔහු උපාධිය ලැබීය.
ජීවිත කාලයේ ලැබිය හැකි මහඟු වරප්රසාදයක් ඔහු වෙත ළඟා
වෙමින් තිබුණේය. කේම්බ්රිජ් හි ඩාවින්ගේ
ගුරුවරයා ඔහු ලොව වටා
චාරිකාවක් ඇරඹීමට නියමිත බීගල් නෞකාවේ 'මහත්මා ස්වභාව විද්යාඥයා ' (Gentleman Naturalist) ලෙස නිර්දේශ කර
තිබුණි. එළඹුණු අවුරුදු පහ තුළ ඩාවින් නිදර්ශක
එකතු කරමින්, ස්ථානීය භූ ගර්භ තත්වයන්
ගවේෂණය කරමින් මහද්වීප හතරක සංචාරයෙහි යෙදී
තිබුණේය. ඒ අතර ඔහුට
කියවීමට හා ආවර්ජනය කිරීමට
වෙලාවත් ලැබුණේය. ඒ ලඟදි ප්රකාශයට පත්ව තිබු චාල්ස්
ලයෙල් ගේ 'Principles of Geology ' ඔහු කෙරේ විශාල
බලපෑමක් ඇති කළේය. එහි
තිබුණු කරුණු අනුව විශාල කාල
පරාසයක් තුළ සෙමින් සිදුවෙමින්
පවතින වෙනස්කම් පිලිබඳ ඔහුගේ සිතුවිලි අවදි විය.
එමෙන්ම
මේ අතර ඩාවින් ප්රභල ලෙස මුහුදුයන්නන්ගේ රෝගය (Sea sickness ) නිසා
පීඩා වින්ද අතර එතැන් සිට
ජීවිතය ද රෝග
පීඩා සමග ගෙවීමට සිදුවිය.
1835 දී දකුණු ඇමරිකාවෙන් පිටත්වූ බීගල් නෞකාව ඉක්වදෝර වෙරළේ සිට සැතපුම් 600ක්
දුරින් පිහිටි ගැලපගොස් දුපත්වල සති පහක කාලයකට
නැංගුරම් ලෑවේය. ගැලපගොස් ( Galapagos Archipelago ) යනු එකිනෙකට සුවිශේෂී
වූ භූමි දර්ශන වලින්
යුත් කුඩා දූපත් සමුහයකි.
ඔහු එහිදී finches
නම් කුඩා පක්ෂීන් ගැනද,
ඉබ්බන් හා මොකින්ග් පක්ෂීන්
(Mockinbirds)ගැනද අධ්යනය කළ
නමුත් අවසාන නිගමනයකට පැමිණීමට තරම් කරුණු නොවුයෙන්
එසේ කළ නොහැකි විය.
නමුත් තොරතුරු හා නිරීක්ෂණ එකතුකිරීම
අනවරතව සිදුවිය.
1835 දී
නැවත මව්බිමට පැමිණි ඩාවින් තමා සොයාගත් කරුණු
සමකාලීන ජීව විද්යාඥයන්ට
පෙන්වා සිය සංචාරය ගැන
ප්රථම ලියවිල්ල ආරම්භ
කළේය. ඉතා ප්රභල
ප්රභාමත් අදහසක් ඔහුගේ සිතෙහි පැන නැගුණි. පරිවර්තනය
(Transmutation ) සිදුවන්නේ
කෙසේදැයි ඔහු දුටුවේය. තම
පරිසරයට ගැලපෙන ජීවිහූ දිගු කලක් ජීවත්
වන අතර වැඩි දරුපරපුරක්
ද ඇති කරති. 'ස්වාභාවික
වරණය 'යනුවෙන් ඔහු හැඳින්වූ ක්රියාවලියක් මගින් පරිණාමය සිදුවිය. ඔහුගේ ක්රිස්තියානි විශ්ව
දර්ශනයත් සමග මේ අදහස
ඝට්ටනය විය. ඔහුගේ සීයා
විසින් පරිවර්තනය (transmutation) පිලිබඳ දරන ලද අදහස්
මත සිදුවූ සමාජයෙන් නෙරපා හැරීමේ ඉරණමට තමන් ද පත්වෙතැයි
ඔහු බිය විය. එබැවින්
මේ අදහස ප්රසිද්ධියට
පත් කිරීමට පෙර තවත් සාක්ෂි එකතු
කිරීමට ඔහු තීරණය කළේය.
ඒ අතරම ඔහු ඔහුගේ
සංචාරය පිලිබඳ විස්තර ප්රකාශයට පත්කර
සමාජයේ නම රැඳවිය.
1851දී
ඩාවින්ගේ දස හැවිරිදි දියණිය
ඈන් මිය ගියාය. ඩාවින්
ද රෝගී බවට පත්විය.
සිය බිරිඳ වන එමාගේ සාත්තුව
යටතේ ඔහු නිවසට වී
කල් ගත කළේය. ඔහුගේ
රෝග තත්වයන් ගැන විවිධ මත
පළවී තිබේ. සමහරුන්ට අනුව එය නිවර්තන
රෝගයකි. සමහරුන්ට අනුව කාංසාව සමග
මුසුවූ මානසික -කායික තත්වයකි. ඔහුගේ නව වාදය ප්රකාශයට පත්කරන කාලය වන විට
රෝග තත්වය උග්‍ර වී
තිබුණි.
1858 (ජුනි)
ග්රීෂ්ම ඍතුව වනවිට ඩාවින්
පරිණාමය ගැන වචන මිලියන
කාලක් පමණ ලියා තිබුණු
නමුත් ඒ කිසිවක් ප්රකාශයට පත්ව නොතිබුණි. එක්තරා
ලිපියක් ඔහුට සිය අදහස්
ප්රකාශ කිරීමට බලකර
සිටියේය. ඒ ලිපිය වොලස්
ගෙනි. ඇල්ෆ්රඩ් රසල් වොලස්,
ඩාවින් විසින් අගය කළ කෙනක්
විය. බීගල් සංචාරයෙන් ඇතිවූ
පෙළඹවීමෙන් වොලස් ද සංචාරය ඇරඹීය.
ඔහුද ස්වායත්තව ස්වාභාවික වරණය මගින් පරිණාමය
සිදුවන බවට නිගමනයට පැමිණ
එය ප්රකාශ කිරීමට
ඩාවින්ගේ උපදෙස් පැතීය. ඩාවින්ට තමාගේ
සොයාගැනීම් ඉක්මණින් ප්රකාශ නොකළහොත්
වොලස් එහි කීර්තිය ලබාගනු
ඇතැයි කල්පනා විය. නමුත් වොලස්
සිටියේ විදේශ ගතව බැවින් මුණ
ගැසීමට නොහැකි විය. ඩාවින් තුළ
මහත් දෙගිඩියාවක් ඇති විය. සාධාරණ
ලෙස වොලස් ට සැළකිය යුත්තේ
කෙසේද යන්න පිළිබඳව ද
බලවත් වේදනාවක් ඇති විය.
1858 ජූලි
මාසයේ දී වොලස් ටද
කීර්තිය එන ආකාරයට ඩාවින්
තම පරිණාමය පිලිබඳ ස්වාභාවික වරණ වාදය ප්රකාශයට පත් කළේය. ඔහුගේ
අදහස් ඉදිරිපත් කරන ලද්දේ බ්රිතාන්යයේ ප්රකට
විද්යා සංගමයක් වන
ලිනේයන් සංගමයටයි. සමකාලීනයන්
සමග සාකච්ඡා කර ඩාවින් හා
වොලස් දෙදෙනාගේම පර්යේෂණ පත්රිකා එකම
රැස්වීමේ දී ඉදිරිපත් කිරීමට
තීරනය කරන ලදී. වොලස්
ආපසු පැමිණි විට ඩාවින් විසින්
තමාට සාධාරණය ඉටුකර ඇතිබව පිළිගත්තේය. නමුත් ඩාවින්ට තම ඉදිරිපත් කිරීම
මග හැරුණි. ඒ ඔහුගේ මාස
18ක් වයසැති පුතා ස්කාලට් උණ
රෝගයෙන් මිය ගිය බැවිනි.
අවසානයේ
සැක සහිත සිතින් වුවත් 1859 නොවැම්බර්
මාසයේ ඩාවින් තම වාදය ප්රකාශයට පත් කළේය. මෙතෙක්
ලෝකයේ බිහිවූ එක් අග්‍රගණ්‍ය ග්රන්ථයක් වන එය 'ස්වාභාවික
වරණය මගින් නව විශේෂ බිහිවීම
'(Origin of Species by means of Natural Selectin) යන ඓතිහාසික ග්රන්ථයයි.
එය ලිවීම 'අපායේ ජීවත්
වීමක් 'බඳු යයි ඔහු
සඳහන් කර තිබේ. ඔහුගේ
සීයා වන ඉරාස්මස් ට
සිදුවුවා මෙන් සමාජයේ පිළිගැනීම
තුරන්වීමේ බිය, පල්ලියෙන් හා
මාධ්යයෙන් එන විවේචන ඔහු
කරා හඹා ආවේය. ඩාවින්
විසින් කර තිබුණේ යම්තම්
ඇඟවීමක් නමුත් මිනිස් වර්ගයා වානරයන් (apes ) ගෙන් පැවත එතැයි
යන ඔහුගේ පොතෙහි වූ මුඛ්‍ය අදහස බොහෝ
දෙනා සලිත කරවීය. නමුත්
බොහෝ දෙනා පසුව ඩාවින්
වැනි ප්රතිරූපයක නායකත්වය
මත පරිණාමය පිලිබඳ සාක්ෂි සෙවීමට උනන්දු වූහ.
1860 වන
විටත් වාදය පිලිබඳ අදහස්
ප්රසිද්ධියේ දැක්වීමට ඩාවින් පසුබට විය. තෝමස් හස්ක්ලි
නම් තරුණ විද්යාඥයා
ඒ සඳහා ඉදිරිපත්වී සටන
ඉදිරියට ගෙන ගියේය. නොයෙකුත්
වාද විවාද සමාජය තුළ බහුල විය.
මේවායින් පෙන්නුම් කරන ලද්දේ ඩාවින්
ගේ අදහස් විසින් කොතෙක්
වික්ටෝරියානු සමාජය හෙල්ලුම් කවා ඇත්ද
යන්නයි.
ළඟ ඥාතීන් අතර විවාහ ඇතිවීම
මගින් දරුවන් බිහිකිරීම පිලිබඳ අවවාද රැගත් ප්රකාශයක් ඔහුගේ
අප්රකට උද්භිද විද්යාව පොතක සැඟවී
තිබුණි. ඔහු තම විවාහය
ගැනද කණගාටු විය. ඔහු හා
විවාහ වූ තම ඥාති
සොයුරිය දරුවන් දස දෙනෙකු ලැබූ
අතර ඩාවින් පවුල කෙරෙහි කැපවූ
පියෙකු විය. නමුත් මේ
යුවලට ඒ වනවිටත් දුවක
හා පුතුන් දෙදෙනෙකු අහිමිව තිබූ අතර තවත්
කිහිප දෙනෙක් රෝගීව පසු වුහ. ඕකිඩ්
වර්ග ස්ව පරාගනය වූ
විට ලැබෙන දුහිතෘ පැළෑටි වඩා අසාර්ථක වන
බවත් ඔහුගේ පවුලට සිදුවී ඇත්තේත් එසේ වීමේ ගැටළුව බවත්
ඔහු දැන සිටියේය. ළඟ
ඥාතීන්ගේ විවාහය පිලිබඳ ( marriage between cousins ) මේ ප්රශ්නය
1871දී ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ එය
ප්රතික්ෂේප විය. වික්ටෝරියා
රැජන සිය මස්සිනා සමග
විවාහ වූවාය. මෙය ඩාවින් විසින්
තවත් චාරිත්රයක් අභියෝගයට ලක්
කළ අවස්ථාවක් විය.
ජීවයේ
සම්භවය කෘතිය වඩාත් විකිණෙන පොත බවට පත්වූ
අතර නව ප්රකාශ
විශාල වශයෙන් ඇතිවිය. අලුත් ප්රකාශන වල
ඩාවින් තව දුරටත් තම
අදහස් සඳහා වඩාත් ප්රභල සාක්ෂි ඇතුළු
කළේය. පස් වන ප්රකාශනයේ හර්බට් ස්පෙන්සර් නම් දර්ශනිකයාගෙන් ගෙන්
ලබාගත් 'උචිතෝන්නතිය ' යන අදහස ඇතුළත්
කළේය. මේ වාක්‍ය
ඛණ්ඩය ඩාවින්ගේ අදහස සම්පිණ්ඩනය කිරීමකි.
‘ස්වභාවික වරණය’ යන ඛණ්ඩයේ එන
යම්කිසි දිව්යමය බලයකින්
යමක් තෝරනවා වැනි අදහස ‘උචිතෝන්නතිය
'යන ඛණ්ඩය තුළින් කියවෙන්නේ නැත. ඩාවින්
මේ වනවිට තමා අඥේයවාදියකු ලෙස
හඳුන්වා ගත්තේය. මෙය හක්ස්ලි ගේ
අදහසකි.
ජීවයේ
සම්භවය පළකර දශකයකටත් වඩා
කල් පසුවී ඔහු යන්තම් ඇඟවූ
දේ සවිස්තරව ප්රකාශ කිරීමට ඩාවින්
ධෛර්යමත් විය. ඒ
මානවයාගේ පරිණාමය පිලිබඳ සැකයෙන්
තොර අදහස් ගැබ්වූ 'මානවයාගේ වංශානුක්රමය ' ('The Descent of Man')
නම් ග්රන්ථය පළකිරිමෙනි. මේ
වන විට ඩාවින්ගේ අදහසට
පිළිගැනීමක් ඇතිවී තිබූ අතර වික්ටෝරියානු
සමාජය මේ වා නරයින්ගෙන්
මානවයා පරිණාමය විය යන අදහස
මගින් දෙකඩ වී තිබුණි.
නමුත් බොහෝ වැදගත් චින්තකයෝ
ඩාවින් වාදීන් බවට පත්ව සිටියහ.
රෝගී
තත්වයන්ගෙන් පෙළුණේ වී නමුත් ඔහු
දින දිගටම වැඩ කළේය. අවසානයේ, 1882 අප්රේල් 19 දින යෝගියෙකු පරිද්දෙන් සිය
බිරිඳ හා හිතවත් මිතුරන්
කීප දෙනෙක් සමීපයේදී ඔහු මිය ගියේය.
ආගමික මතවාදයෙන් විරසක වුවද අවසාන මාස
කීපයේ ඩාවින් ආදරයෙන් රැකබලාගන්නා ලද්දේ එමා විසිනි. අවසානය
ලඟා වූ බව වැටහෙත්ම,
ඔහු ඔහුගේ නිවස සමීපයේ සොහොන් බිම 'මේ පෘථිවිය
මත මිහිරිම ස්ථානය 'ලෙස හැඳින්විය. නමුත් හක්ස්ලි
ඇතුළු ඔහුගේ ස්ථිර සාර අනුගාමිකයෝ
උසස් තත්වයෙන් සළකා ඔහුගේ දේහය
වෙස්මිනිටර් ඇබේහි මිහිදන් කළහ.
(BBC Tech ඇසුරිනි)
(Thanks to Joel M Mathey for the image on Unsplash)