දරුවන් නැණවත්
දරුවන්ගේ මොළය පුදුම සහගත වේගයකින් වැඩෙනවා. අවුරුද්දක් වයස වෙනකොට ළදරු මොළය දෙගුණයක් විශාල වෙන අතර ඊළඟ අවුරුදු හතර අවසන් වෙනකොට ඒ කියන්නේ පෙර පාසැල අවසන් වෙනකොට එය වැඩිහිටි මොළයක් තරමට වැඩෙනවා. මේ වනවිට ළදරු මොළයේ නියුරෝන අතර සබදතා , උපාගම ට්‍රිලියන 1000ක් විතර ඇති වෙලා. බොහෝ කාලයක ඉදන් අපි දන්නවා ළදරුවන් එක භාෂාව කට වඩා කතා කරන්න දක්ෂ වෙන බව. දැන් නවීන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා ඒකට හේතුවෙන කාරණා මොනවාද කියල.
අධ්‍යනයකට අනුව මාස 4 වයසෙදිත් ඔවුන් මව කතා කරන වෙනස් භාෂා වෙන්කර හඳුනා ගන්න දන්නවා. ඒ කතා කරන තැනැත්තාගේ මුවේ හැඩය, රිද්මය, මුහුණේ චලන, ඉරියව් ආදියෙන් හදුනා ගැනීමෙන්. ද්වි භාෂා පරිසරයක හැදෙන වැඩෙන දරුවෙක් මේ වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව වැඩියෙන් දියුණු කරගන්නා නිසා පසුව භාෂා ඉගෙනීමේ දක්ෂද ද වැඩි වෙනවා. මේ හැර දරුවන් අන් අයගේ හැගීම් හදුනා ගැනීමටත් සංගීත රිද්මයන් හදුනා ගැනීමටත් සමත් වෙනවා. දරුවන් කතා කරන්න පෙර බොහෝ වචන වල තේරුම දන්නවා, මාස 6ක් වගේ වයසෙදිත්.
ඒ වගේම මාස 15ක් වෙන විට ඔවුන් සමාන අසමානතාව ගැනත් හොඳ අවබෝධයකින් යුක්ත වෙනවා. අන් අයට දේවල් පරිත්‍යාග කිරීමෙන් දරුවන් සතුටු වෙනවා. දරුවන් අන් දරුවන්ගේ හැසිරීම් ඉක්මනින් අනුකරණය කරනවා. ඔබේ දරුවන් සංගීතයට යොමු කිරීමෙන් , සංගීත භාණ්ඩයක් වැයීමට යොමු කිරීමෙන් වඩා යහපත් අදහස් හුවමාරු කිරීමේ හැකියා ඔවුන් තුළ වර්ධනය වේවි.
Monday, February 25, 2019
Sunday, February 24, 2019
චාරිකා සටහන් - Shimla- Manali 08
චාරිකා සටහන් - Shimla- Manali 08දැන් ඉතින් අපි කෝච්චියේ....විශාල පෙට්ටියක් මේක. සෙනග100ක් විතර හොඳ පහසුකම් සහිතව ඉඳගෙන ඉන්නවා. මේ දුම්රිය Chandigarh වලින් පටන්ගත්තාම නැවතුම් දෙකක් අතරමග තියෙනවා. අවසන් නැවතුම දිල්ලිය. දුම්රිය 266km දුරක් පැය 31/2 කින් යනවා. ඒ කියන්නේ එහි සාමාන්‍ය වේගය 55km /hr විතර. දුම්රියේ වැඩි හරියක් හිටියේ ඉන්දීය ජාතිකයන්. ඔවුන් නිහඬව පොතක් කියෙව්වා, laptop එකේ හරි phone එකේ හරි යමක් කළා. කෑ ගැහැව්වේ අපි විතරයි. පස්සේ අපිත් පරිසරයට අනුවර්තනය වෙලා බොහෝ දුරට නිහඬ වුණා. අපිට රාත්‍රී ආහාරය දුම්රියේ ලැබෙන බවයි කිව්වේ. ඔන්න දැන් තමයි හොඳම හරිය. ටික වෙලාවකින් වේටර් ළමයා කඩියා වගේ දුවමින් අපිට සැන්ඩ්විච්, curd, තවත් දේවල් දෙකක් විතර එක්ක බඳුනක් පිලිගැන්වුවා. අපි හිතුවේ මේ තමයි රාත්‍රී ආහාරය කියලා. කන්න ටිකක් අමාරු වුනත් කාල අපේ බෙහෙත් එහෙමත් බිව්වා. මෙන්න ටික වෙලාවකින් අර වේටර් දරුවා ආයෙත් බඳුනක් ගෙනාපි, සුප් එකක්,ඉඟුරු විස්කෝතු වගේ දෙකක්, බටර් කුඩා බඳුනක්, සෝස් එකක් එහෙම එක්ක. අර බටර් හා සෝස් සුප් එකට දාල ඉඟුරු නැති විස්කෝතු ඒකෙ පොගවන් කන්න කියල අන්දමන්ද වෙලා හිටි අපිට කියා දුන්නේ ප්රභාශිගේ එහා පැත්තේ හිටපු ඉන්දීය ජාතිකයා.
ඉතින් ඔන්න ඒකත් කෑව. තව ටිකකින් ගේනවා main dish එක. ඒකෙ බත්,ව්‍යංජන ඇතුළු හැම දෙයක්ම තිබුණා. අපරාදේ සැන්ඩ්විච් කාල බඩ පුරවා ගත්තේ කියල හිතුණා. පොඩ්ඩක් කෑව හැම දෙයින්ම. අපේ කට්ටිය වේටර් කොලුවා ඉන්න පැත්තට එබිලා කිව්වා තව මොනවාද ලෑස්ති කරනවා කියලා. මෙන්න ලොකු අයිස්ක්‍රීම් එකක් ඊ ලඟට. ඒක නම් හරිම රසයි. මේ එක ළමයෙක් කිසි කතාවක් නැතුව සේරටම සංග්‍රහ කළ හැටි අපුරුයි. අපේ රටේ නම් දහයක් වත් ඉන්න වෙයි.
දුම්රියේ වේගයත් අපි පහු කරන්නේ කුමන ස්ථානයක් ද යන්නත්, තව කොතරම් වෙලා යනවා ද යන්නත් තිරයක සටහන් වෙනවා. ඉතින් ඒ අපූරු කෑම වේලෙන් පස්සේ ටිකක් අපි නිදා වැටී වැටී ගිහින් අන්තිමේ ගමනාන්තයටත් ආවා . අපි දිල්ලියේ කලින් හිටපු හෝටලයටම එන විට රෑ 10.00 පහු වුණා. දිය නෑමෙන්
පස්සේ ඉක්මණින්ම නින්දට වැටුණා.

අවදි වුණේ 23.01.2019 උදේට. උදේ ආහාරයෙන් පස්සේ සාප්පු සවරියයි යෙදී තිබුනේ. මට කියලා ගන්න එතරම් දෙයක් හෝ වුවමනාවක් නොවුණත් සුමනා, ජයරත්න, බැංකු මහත්තයා ඇතුළු කිහිප දෙනෙක් එක්ක කඩ වීදිවල ඇවිද්දා. කොහොමටත් මේ පිරිමි පරාණ දෙකට නෝනා මහත්වරුන් ට ,දුලා ,ලේලිලා ,මිනිපිරීලා ට ඕන කරන ඇඳුම් ගන්න අපි හැම විටම උදව් වුණා. ඒ ගොල්ලොත් අපේ ආරක්ෂක නිලධාරීන් වුණානෙ. ඒ තමයි මනුස්ස බැඳීම, සාමකාමී සහජීවනය.
සුමනාට සාරිත්, මගේ පොඩිත්තන්ට ඇඳුම් කීපයකුත් ගත්තා. යාචක දරුවෝ, වැඩිහිටියෝ ඇගේම හැපෙනවා. විවිධ බඩු විකුන්නන්ගෙන්,තැරැව් කරුවන්ගෙන් බේරුමක් නැහැ. සපත්තු මදින්න ඉදිරිපත් වන දරුවන්ගෙන් අපේ කට්ටිය අනුකම්පාවටම සපත්තු මද්දවා ගත්තා. කඩවීදියේ හෝටලයකින් දිවා ආහාරයත් ගත්තා. ඊට පස්සේ නැවත හෝටලයට ඇවිත් ගමන් මළු ලෑස්ති කරගෙන සවස තුනට විතර පිටත් වුණා, දිල්ලි ගුවන් තොටුපලට යන්න. වාහන තදබදයත් තිබුණා. කොහොම හරි වෙලාවට ගුවන් තොටුපලට ආවා. එය ඉතා විශාල ලස්සනට භුමි දර්ශන සකස් කළ මනරම් භුමි භාගයක්. හුගාක් ගහ කොළ ,මල් වවා තිබෙනවා. සවස 6.00ට පමණ ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් ගුවන්ගත වූ අපි රාත්‍රී භෝජන සංග්‍රහයත් භුක්ති විඳලා මව්බිමට ගොඩබහින විට රෑ 10.00 විතර වුණා. ගමන් සගයන්ට සමු දෙමින් තවත් එක් සුන්දර චාරිකාවක නිමාව සනිටුහන් කළා. (ඡායා රූප අන්තර් ජාලයෙන් )
Tuesday, February 19, 2019
චාරිකා සටහන් - Shimla- Manali 07
චාරිකා සටහන් - Shimla- Manali 07

Hadimba Devi Temple
අපේ චාරිකාවේ හය වෙනි දවසටත් උදා වුණා. සුපුරුදු විදියට උදේ ආහාරයෙන් පස්සේ අපි යනවා හින්දු පන්සල් දෙකකට. එකක් Vashist Temple. අපිට ලැබුණු පොඩි වෙලාවේ පන්සලට ගිහින් ඊ ලඟට ඒ හරියේ තියෙන කඩ සාප්පු වලත් ඇවිද්දා. කජු ටිකක් මිලට ගත්තා, ලාබ නිසා. එත් ලංකාවේ කජු වගේ රස නැහැ. ඉන් පස්සේ අපි ගියා Dhoongri නැත්නම් Hadimba Devi පන්සලට. මෙය හිමාලය කඳු පාමුල කඳුකර ප්‍රදේශයක, කිහිරි (Cedar ) වනාන්තරයක පිහිටලා තිබෙනවා. මෙය මහා භාරතයේ එන භීම ගේ බිරිඳගේ නමින් තමයි හැඳින්වෙන්නේ. මෙය 1553 දී මහරාජා බහදුර් සිංග් විසින් නිර්මාණය කරන ලද එකක්. මෙහි අලංකාර ලී කැටයම් මට සිහිපත් කලේ ඇම්බැක්කේ දේවාලය. රූස්ස ගස් සහිත භුමිය අලංකාර දසුනක්.
හවස් වරුව අපිට තිබුණේ නිදහසේ සැරිසරන්න. මනාලි කඩවීදියේ (Mall Road) ඇවිද්දා. මෙහේ බව්වෝ හරිම සුරතල් පෙනුමක් දරනවා.බූල් පිරිලා , හරි මහතයි. හරිම මිත්‍රශීලී , photogenic. අපේ කට්ටියේ ප්‍රභාශි කෙල්ල බව්වන්ට පණ ඇරලා. බිස්කට් කවනවා, අත ගානවා. මාත් ටිකක් ඒ ජාතියෙනේ ...Mall Road එකේ බව්වෝ ගොඩක් හිටිය.
ටික වෙලාවකින් කෙල්ලෝ දෙන්නා මහා විසාල කේක් කැල්ලක් ගෙනත් අපිටත් කැව්වා. පැණිරස පෙරේතයෝ දෙන්නනේ. බිත්තර නොදාපු කේක් ලු! අපි සුමනාට සාරි ගන්න ඇවිද්ද. Kullu shawl ලාබෙට තියෙනවා. මෙන්න ටිකකින් කෙල්ලෝ දෙන්න අතුරුදහන් වෙලා. අපි දෙන්න එක්ක ඉන්න කියලයි තාත්ත උපදෙස් දීල තිබුණේ. දැන් තාත්තත් කලබල වෙලා. ඔක්කොම පැත්තක තියල අපි දෙන්නත් කෙල්ලෝ හොයන්න පටන් ගත්තා. මෙන්න ඉන්නවා ලී පතුරු වල මතක සටහන් එවෙලේම ඇඳලා දෙන තැනක. අනේ මෙහෙම කෙල්ලෝ දෙන්නෙක්.
අපි කෝපි බිව්වා කට්ටියක්ම එකතු වෙලා. ඒ හවස් වරුව ගෙවිලා ගිහින් අපි ආයෙත් හෝටලයට ආවා. එදා හරියට නින්ද ගියේ නැහැ. සැරින් සැරේ ඇහැරුණා. එක සැරයක් රතිඥ්ඥා පුපුරවනවා වගෙත් ඇහුණා. මන් සුමනගෙනුත් ඇහුව ඒ ගැන. එයාටත් ඒ ගැන අදහසක් තිබුණෙ නැහැ. පස්සේ නොදැනීම වෙහෙසට අපිට නින්ද ගියා.
මේ අපේ චාරිකාවේ හත්වෙනි දවස. කොහොම හරි උදේ අවදි වෙලා එළියට බැස්සහම තමයි දැක්කේ මිදුල පුරා පිරිලා තිබුණු හිම ගොඩ. හිම වහලට වැටෙන සද්දේ තමයි රෑ ඇහිලා තියෙන්නේ. අද හුඟක් උදෙන්පිටත් වෙන්න තිබුණා. අපි යන්නේ Chandigarh වලට. Chandigarh දුම්රිය නැවතුම් පළෙන් Shatabdi Express Train එක ගන්න නියමිතව තිබුණා. උදේ පිටත් වුනේ අලුත් හිම උඩ මිසක් තැලුණු හිම උඩ අපේ බස් එකට යන්න බැරි නිසා කියල කුමාර් කිව්වා . 294km දුරක් තියෙනවා, මනාලි සිට Chandigarh දක්වා.
අන්තිමට හෝටලයෙන් එළියට බැස්සේ හිම උඩට. හිමින් අඩි තියමින් බස් එක ලඟට එන කොට තිබුණු වාහන හැම එකක් උඩම හිම තට්ටු පිටින්. එතැනදිත් අපේ ප්‍රභාශි කෙල්ල හීතලේ ගැහි ගැහී හිටිය බව්වෙකුට බිස්කට් කවනවා. අපි කවුරුත් මනාලි වලට සමු දෙමින් එන්න පිටත් වුණා. අඳුරේම හිම කපා ගෙන බස් එක ඉස්සරහට ඇදුනා. මේ වර පාරවල් හොඳ බව තේරුණා. උදේ ආහාරය ගත්තේ බස් රථයේම ඉඳගෙන. තේ බොන්න නතර කළා. දිගින් දිගටම ගිහින් කුඹුරු යායවල් වැඩි සශ්‍රීක ප්‍රදේශයකට ඇතුල් වුණා. ඒ පන්ජාබ් ප්‍රාන්තය බව කුමාර් කිව්වා. ඒ ප්‍රාන්තය පොහොසත් බවත් කිව්වා. පන්ජාබ් යන්නේ තේරුම 'ගංගා පහ' යන්නනයි. මේ ගංගා පහ තමයි Jelum, Chenab, Ravi, Bias, and Sutlej. මේවා එකතුවී Indus ගඟ හැදෙනවා. මේ කීපයක් හරහා යන පාලම් අපි පහු කරා .
පන්ජාබ් අවන්හලක (Alpine Dhaba)දිවා ආහාරය ගත්තා. ගත්තා කීවත් අපේ කවිදු පුතාතමන්ගේ වියදමින් අපිට ඒ සංග්‍රහය දුන්නා. මේ වනවිට වැස්ස වැටෙමින් තිබුණා. මේ අවන් හලේ පන්ජාබ් ප්‍රාන්තයේ ඉතිහාසයත් ජන ජීවිතයත් පෙන්වන මුර්ති සකස් කර තිබුණා.
දිවා ආහාරයෙන් පස්සේ තවත් පැය කිහිපයකින් අපි Chandigarh දුම්රිය ස්ථානයට ආවා. එය මනරම් තැනක්. ඒ තරම් ලොකු නැහැ. Station එක ගාවදී අපිට බස් එකේ රියදුරුට සහ සහායකට සමුදෙන්න තිබුණා. ඇත්තටම ඔවුන්ගේ සේවය විශිෂ්ටයි. අර තරම් දුෂ්කර මාර්ගවල අපි පරිස්සමින් අරන් ආව එක ලොකු දෙයක්. සහායක තරුණ ළමයත් බසයෙන් නගිද්දී බහිද්දී වයසක අපට හුගාක් උදව් වුණා. අපි ඔවුන්ට ස්තුතිය පළ කර, ඔවුන්ගේ ඉල්ලීමට ඡායා රූපයකට ද පෙනී සිට සමු දුන්නා. දුම්රියෙන් බැස්ස තැන සිට අපට වෙන බස් එකක් ලැබීමට නියමිතව තිබුණා.
ටික වෙලාවකින් අපි දුම්රියට නැග්ගා. දුම්රියේ සුන්දර ගමනත් අපේ චාරිකාවේ අවසානයත් ඊළඟ කොටසින්....

Wednesday, February 13, 2019
චාරිකා සටහන් - Shimla- Manali 06
චාරිකා සටහන් - Shimla- Manali 06
අද උදාවුනේ ජනවාරි 20වෙනිදට. උදෑසන ආහාරයෙන් පස්සේ විශේෂයෙන් සීතලට ඔරොත්තු දෙන විදියට ඇඳුම් වලින් සැරසුණා. මේ වනවිටත් මගේ නම් නාසය වටා හම ගිහින් අපහසුතාවයෙන් හිටියේ. හැබැයි ගෙදරින් එද්දී තිබුණ නාසයේ අවහිර ගතිය, පීනස් ගතිය ඉබේම හොඳ වෙලා. අරන්ගිය බෙහෙත් තොගය ඕන වුණේ නම් නැහැ. අද අපේ චාරිකා විස්තරය අනුව Rohtang Pass හෝ Solang Valley තමයි උදේ වරුව.
Rohtang Pass තියෙන්නේ මනාලි වල ඉඳලා 51km දුරින් 3980m ඉහලින්, Manali Keylong highway එකේ. මෙතැන රටේ හා ලෝකයේ නන් දෙසින් හිම ක්‍රීඩා හා විනෝදය පිණිස සංචාරකයන් ඇදී එන ඉතා සුන්දර ස්ථානයක්. මෙතැන සමාන්‍යයෙන් සංචාරකයන්ට විවෘත වෙන්නේ අවුරුද්දේ අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා බවයි සඳහන් වෙන්නේ.

මේ මාර්ගයම ජම්මු කාශ්මීර් දක්වා ඇදී යනවා. පාරවල් මුළුමනින්ම හිමෙන් වැසෙන නිසා හිම පතනය වෙන කාලෙට මෙහි යන්න බැහැ. මෙයට නුදුරෙන් Sonapani ග්ලැසියරය හා Gaypan ද්විත්ව කඳු ශිඛර පිහිටා තිබෙනවා. සොබාදම් මෑණියගේ තුරුළේ නැළවෙන්න සංචාරකයින් මෙහි පැමිණෙනවා. සංචාරකයින් තවත් යන තැනක් තමයි හින්දුන්ගේ ශුද්ධ වූ ස්ථානයක් වන Beas ගඟ ඇරැඹෙන Beas Kund. Rohtang Pass කියන එකේ තේරුම 'මළවුන්ගේ බිම' යන්නයි.මේ දුෂ්කර ගිරි දුර්ග තරණයේ දී අතීතයේ හුගාක් මිනිස්සු මැරිලා තියෙනවා. මෙය තියෙන්නේ හිමාලයේ Pir Panjal කඳු වැටියේ. Rohtang Pass ප්රමුඛව හින්දු සංස්කෘතිය ඇති කුල්ලු නිම්නයටත් ප්රමුඛව බෞද්ධයින් ඉන්න ඉහළ උන්නතාංශයේ ඇති Lahaul and Spiti Calleys වලටත් ප්‍රදේශය ස්වාභාවිකව බෙදනවා. ඉතින් අපි ගිය කාලය අනුව මෙහි එන්න වරම් නැහැ. මෙය ශිශිර ඍතුවේදී වහලයි තියෙන්නේ. මෝටර් වාහන ඇතුල් කිරීමට විවෘතව පවතින්නේ ජූනි සිට ඔක්තෝබර් අග දක්වා පමණක් වීම එයට හේතුවයි. මිහිපිට දෙව්ලොවක් වන් ඒ බිමට ඇතුල් වෙන්න නම් ඔබ ඒ කාලය ඇතුළත යන්න ඕන.
ඉතින් අපි යන්නේ Solang Valley වලට. මනාලි ඉඳලා 13km ක් ඈතින් තියෙන්නේ. මෙය කුල්ලු නිම්නයේ ඉහළින් ඇති එක පැත්තක්. Solang ගම හා Beas Kund අතර පිහිටලා තියෙනවා. Rohtang Pass යන පාරෙමයි යන්න තියෙන්නේ. පාරවල් නම් හිම දියවෙමින් ගලා යන වතුර නිසා එකම මඩ ගොහොරුවක් වගේ තමයි.
බස් රථයෙන් මේ ගමන යන්න බැහැ, අපිව වෙනත් four wheel drive වාහන දෙකකට නග්ගනවා. එක්තරා ස්ථානයකට ගිහින් එතැනින් මුදල් ගෙවා විශේෂ ඇඳුම් කට්ටලයක්, බූට් සපත්තුද සහිතව ගන්න ඕන. සාමාන්‍ය සපත්තු වලින් හිම මත ඇවිදින්න අමාරු වගේම අපේ ඇඳුම් තෙමීම වළක්වන්න මෙහෙම කරන බවයි කුමාර් කිව්වේ. එතැනදී හිම සඳහා වෙනම අව් කණ්නාඩි ජාතියක් විකුණා ගන්න වෙළෙන්දෝ නොදැම්ම උප්පරවැට්ටියක් නැහැ. මං කුමාර්ගෙන් ඇහුවම එයා කිව්වා ඒවා ඕන නැහැ කියලා. කොහොමත් අපි ගාව අව් කණ්නාඩි තිබුණ නේ ..
දැන් අපි ඔක්කොම හරියට ගගන ගාමීන් වගේ. ලොකු ලොරි පාරේ යනවා දැක්ක. පළමු වතාවට තමයි දැක්කේ රෝද වලට දම්වැල් ඔතලා හිම මත යන වාහන.
වාහන තදබදය තදින්ම තිබුණා. අපේ කට්ටියගේ ඉවසීම රතු කට්ට පනිමින් තිබුණා, හරියට ලංකාවේ traffic ඉඳලා ම නෑ වගේ. හැබැයි සිංහලෙන් බැන්න ඒවා රියදුරාටවත්, කුමාර්ටවත් තේරෙන්නේ නෑ.
පාරේ තත්වය අනුව වාහන ඉස්සරහට යවන බව පසුව දැනගන්න ලැබුණා. පාර දෙපැත්තේ ඇපල් වතුවල ගස්වල ඉපල් විතරයි දකින්න ලැබෙන්නේ. ශීත කාලයට පෙර සේරම කොළ හලාගෙන, දුකසේ බලා ඉන්නවා වගේ පේනවා. අන්තිමේ Solang Valley කරා ආවා. පරිස්සමින් අඩිය තියමින් යන්න ඕන. හිම ලිස්සනවා. අලුත් හිම වලට වඩා තැලී ගිය හිම භයානකයි. සමහර තැනක කකුල එරී යනවා යටටම.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතැන නම් හරිම ලස්සනයි. බැලු බැලු අත හිම කඳු. දේවදාර ගස් පේළි ඒ අතර. මෙතන ක්‍රීඩා කීපයක් ම තියෙනවා. ඒවා තමයි Skiing, Quad biking, Zorbing ( විශාල විනිවිද පේන ගෝලයක් ඇතුලට ගිහින් පෙරළි පෙරළී යාම ) , Paragliding, Horse riding, Yak bull riding, Cable car riding වගේ ඒවා. තව ටයර් එකක ඉඳගෙන පහළට රූට ගෙන එන එකකුත් තිබුණා.
පාරම්පරික කුල්ලු ඇඳුම් ඇඳන් පින්තූර ගන්න කියලා කාන්තාවන් ඇවිල්ලා වද කරනවා. මේ සීතලේ ඔවුන් ජීවිකාව ගෙන යන්න කීයක් හරි සොයාගන්න වෙහෙස වෙනවා. මේ ප්‍රදේශ වල හිඟාකන මිනිස්සු දැක්කේ නැහැ. මොකක් හරි වෙළදාමක් කරන්න තමයි බැලුවේ.
මමයි සුමනයි කෙටි bike ride එකක් ගියා. ski කරණ විලාසයෙන් පින්තුර ගත්ත. අපි හිම බෝල අරන් ගහ ගත්තා. හිම මත වැතිරිලා හිටියා. හැමෝම වගේ වැටුණා. අපි දෙන්නා නොවැටී බේරුණා. අපේ කට්ටියේ හිටිය සුනා හුගාක් ක්‍රීඩාවල යෙදුණා. සුනා අපේ ගමන් සගයින් අතර හිටිය චාරිකාවම ජීවිතය කරගත් විනෝදකාමී, හිතහොඳ තනිකඩ කොල්ලෙක්. මිනිහා ස්විස් වල අවුරුදු ගණනක් හිටිය කෙනෙක් නිසා හිම ක්‍රීඩා දන්නවා. ගමන් සගයින් අතර තව හිටියා කවිඳු කියන පොඩි එකාත්. පොඩි කිව්වට පොඩිම නැහැ. මිනිහ ව්‍යාපාර වගයක් කරන කෙනෙක්. තව හිටියා තැඹිලි වතුර බෝතල් කරලා ඇමරිකාවටත් යවනවා කිව්ව ව්‍යාපාරික යුවලක්. මට නම පොඩ්ඩක් මතක නැහැ. බැලුවහම පොඩි මිනිහෙක් වුණාට වැඩ ලොකුයි.
ඉතින් අපි යන්නේ Solang Valley වලට. මනාලි ඉඳලා 13km ක් ඈතින් තියෙන්නේ. මෙය කුල්ලු නිම්නයේ ඉහළින් ඇති එක පැත්තක්. Solang ගම හා Beas Kund අතර පිහිටලා තියෙනවා. Rohtang Pass යන පාරෙමයි යන්න තියෙන්නේ. පාරවල් නම් හිම දියවෙමින් ගලා යන වතුර නිසා එකම මඩ ගොහොරුවක් වගේ තමයි.
බස් රථයෙන් මේ ගමන යන්න බැහැ, අපිව වෙනත් four wheel drive වාහන දෙකකට නග්ගනවා. එක්තරා ස්ථානයකට ගිහින් එතැනින් මුදල් ගෙවා විශේෂ ඇඳුම් කට්ටලයක්, බූට් සපත්තුද සහිතව ගන්න ඕන. සාමාන්‍ය සපත්තු වලින් හිම මත ඇවිදින්න අමාරු වගේම අපේ ඇඳුම් තෙමීම වළක්වන්න මෙහෙම කරන බවයි කුමාර් කිව්වේ. එතැනදී හිම සඳහා වෙනම අව් කණ්නාඩි ජාතියක් විකුණා ගන්න වෙළෙන්දෝ නොදැම්ම උප්පරවැට්ටියක් නැහැ. මං කුමාර්ගෙන් ඇහුවම එයා කිව්වා ඒවා ඕන නැහැ කියලා. කොහොමත් අපි ගාව අව් කණ්නාඩි තිබුණ නේ ..
දැන් අපි ඔක්කොම හරියට ගගන ගාමීන් වගේ. ලොකු ලොරි පාරේ යනවා දැක්ක. පළමු වතාවට තමයි දැක්කේ රෝද වලට දම්වැල් ඔතලා හිම මත යන වාහන.
වාහන තදබදය තදින්ම තිබුණා. අපේ කට්ටියගේ ඉවසීම රතු කට්ට පනිමින් තිබුණා, හරියට ලංකාවේ traffic ඉඳලා ම නෑ වගේ. හැබැයි සිංහලෙන් බැන්න ඒවා රියදුරාටවත්, කුමාර්ටවත් තේරෙන්නේ නෑ.
පාරේ තත්වය අනුව වාහන ඉස්සරහට යවන බව පසුව දැනගන්න ලැබුණා. පාර දෙපැත්තේ ඇපල් වතුවල ගස්වල ඉපල් විතරයි දකින්න ලැබෙන්නේ. ශීත කාලයට පෙර සේරම කොළ හලාගෙන, දුකසේ බලා ඉන්නවා වගේ පේනවා. අන්තිමේ Solang Valley කරා ආවා. පරිස්සමින් අඩිය තියමින් යන්න ඕන. හිම ලිස්සනවා. අලුත් හිම වලට වඩා තැලී ගිය හිම භයානකයි. සමහර තැනක කකුල එරී යනවා යටටම.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙතැන නම් හරිම ලස්සනයි. බැලු බැලු අත හිම කඳු. දේවදාර ගස් පේළි ඒ අතර. මෙතන ක්‍රීඩා කීපයක් ම තියෙනවා. ඒවා තමයි Skiing, Quad biking, Zorbing ( විශාල විනිවිද පේන ගෝලයක් ඇතුලට ගිහින් පෙරළි පෙරළී යාම ) , Paragliding, Horse riding, Yak bull riding, Cable car riding වගේ ඒවා. තව ටයර් එකක ඉඳගෙන පහළට රූට ගෙන එන එකකුත් තිබුණා. පාරම්පරික කුල්ලු ඇඳුම් ඇඳන් පින්තූර ගන්න කියලා කාන්තාවන් ඇවිල්ලා වද කරනවා. මේ සීතලේ ඔවුන් ජීවිකාව ගෙන යන්න කීයක් හරි සොයාගන්න වෙහෙස වෙනවා. මේ ප්‍රදේශ වල හිඟාකන මිනිස්සු දැක්කේ නැහැ. මොකක් හරි වෙළදාමක් කරන්න තමයි බැලුවේ.
මමයි සුමනයි කෙටි bike ride එකක් ගියා. ski කරණ විලාසයෙන් පින්තුර ගත්ත. අපි හිම බෝල අරන් ගහ ගත්තා. හිම මත වැතිරිලා හිටියා. හැමෝම වගේ වැටුණා. අපි දෙන්නා නොවැටී බේරුණා. අපේ කට්ටියේ හිටිය සුනා හුගාක් ක්‍රීඩාවල යෙදුණා. සුනා අපේ ගමන් සගයින් අතර හිටිය චාරිකාවම ජීවිතය කරගත් විනෝදකාමී, හිතහොඳ තනිකඩ කොල්ලෙක්. මිනිහා ස්විස් වල අවුරුදු ගණනක් හිටිය කෙනෙක් නිසා හිම ක්‍රීඩා දන්නවා. ගමන් සගයින් අතර තව හිටියා කවිඳු කියන පොඩි එකාත්. පොඩි කිව්වට පොඩිම නැහැ. මිනිහ ව්‍යාපාර වගයක් කරන කෙනෙක්. තව හිටියා තැඹිලි වතුර බෝතල් කරලා ඇමරිකාවටත් යවනවා කිව්ව ව්‍යාපාරික යුවලක්. මට නම පොඩ්ඩක් මතක නැහැ. බැලුවහම පොඩි මිනිහෙක් වුණාට වැඩ ලොකුයි.
අපි දවාලට කෙටි කෑම වලින් පිරිමහ ගත්තා. එතැන නූඩල්ස්, පැස්ටා එහෙම තියෙනවා. අනික් ශරීර අවශ්‍යතා ඉටු කර ගැනීම යුද්ධයක් වුණා. ඇයි ඇඳුම් කීයක් ඇදලද හිටියේ. අනික ඒ ස්ථාන හරිම අපිරිසිදුයි. මං ඒ අවශ්‍යතා ඉවසගෙන හිටියා. සුමනාට එහෙම බැහැ. කෙසේ හෝ ඇය අපහසුතා මැද ඒ වා ඉටුකර ගත්තා.
දැන් ඉතින් ඇති කියලා වාහන වලට ගොඩවෙනවත් එක්ක හිම පතනය ආරම්භ වුණා. ජීවිතයේ පළමු හිම අත්දැකීම. ඒක හීනයක් වගේ තාම මතකයට එනවා. අනික් අය ක්‍රීඩා ඉවර වෙලා එනකොට තව වෙලා යන නිසා අපේ වාහනය එන්න පිටත් වුණා. මොන ඒමක්ද ? එහෙම traffic එකක් ජීවිතේට දැකල නැහැ. හිටිය හිටියා ....පැයකටත් වැඩිය හිටියා. අනිත් අයත් ඒ අතරේ ඉවර වෙලා. අන්තිමේ දී ඇඳුම් මාරු කළ තැනට ඇවිත් ඒවා බාර දුන්නා. එතනදී අමතක නොවන සිදුවීම් වුණා. ඒවා ඉන්දියාවේදී සාමාන්‍ය දේවල් ....හිනා වෙලා පණ ගියා. ඈන් තමයි ප්‍රධාන නිළිය. ඒ කතාවත් කියලම ඉන්නම්, ආයේ හංගන්න දෙයක් නැහැනේ. ඔන්න අර ඇඳුම් බාරදෙන තැනට එනකොට ඈන්ට එක වුවමනාවක් හරිම තදට දැනිල. එයා ඒ අසල තැනකට ගිහින් ඒ අවශ්‍යතාව ඉටුකරගන්න තැනක් අහල. කතාවෙන් තේරිලා තියෙන්නේ ඒ තැන තියෙනවා ඒ ලඟම කියලයි. හැබැයි පොඩි පැල්පත් වගේ නිසා මිදුලක් වගේ තැනක් ලු තිබිල තියෙන්නේ. ඈන් ඉක්මණින්ම අවශ්‍යතාවය ඉටුකරගෙන තියෙනවා. කොටින්ම කිව්වොත් ඉබේම අවශ්‍යතාවය ඉටුවෙලා. තව මොහොතක්වත් ඉන්න බැරුව. කළ ගෙඩියක පරිමාවටත් වඩා වැඩියිලු. පස්සේ අර අයිති මනුස්සය විලාප දීල. " My god! It's my room....it's my room "කියල. ඒ විතරක් ද වතුර බාල්දි ගෙනත් ගෙනත් එතන හෝදන්නත් පටන් ගත්තලු. සුමනට නම් හරි තැනක් හම්බ වෙලා. සුනා නම් උඩින් තිබ්බ තාප්පයක් හොයා ගත්තලු. ඒ හීතලත් එක්ක මේ අවශ්‍යතාවය හරිම වැඩියි.ඉන් පස්සේ අපි නැවත මනාලි හෝටලයට ආවා. ඒ සැන්දෑව සුන්දරයි හොදටම . රාත්‍රී ආහාරයට පෙර දවසේ සිද්දි මතක් කරමින් හිනා වුණා...ඊළඟ දවසෙත් අපි මනාලි වලයි.

Sunday, February 10, 2019
චාරිකා සටහන් - Shimla- Manali 05
චාරිකා සටහන් - Shimla- Manali 05
Hanogi Matha Temple
අද අපේ චාරිකාවේ පස්වෙනි දවස. 19.01.2019. උදේ අවදිවෙලා, සප්පායම් වෙලා මනාලි දක්වා යන ගමන ආරම්භ කලා. ශිම්ලා හෝටලයේ ආගන්තුක සත්කාර වලට ස්තුති කරලා සමුඅරන් යන්න පිටත් වුණා. මේ ගමන බොහොම දුෂ්කර කඳු පාරවල් දිගේ තමයි ඇදෙන්නේ. ශිම්ලා සිට 49km ක් ගියහම Daldamode හමුවෙනවා. මෙහි තියෙනවා ලෝකප්‍රසිද්ධ අම්බුජා සිමෙන්ති කම්හල. එහි සිට තව දුරක් ගියහම Bage හිදී Jaypee සිමෙන්ති කම්හල තියෙනවා. 78km ගියාට පස්සේ Beri හන්දිය හමුවෙනවා. මෙහිදී දිල්ලි, Chandigar, kalka පාරවල් සම්බන්ධ වෙනවා.
තවත් 6km ගියහම Barmana වලදී ACC සිමෙන්ති කම්හල හමුවෙනවා. ශිම්ලා සිට 105km ගියහම Bilaspur ද ඉන්පසු Haribag ද හමුවෙනවා. මෙහි දිවා ආහාරය සඳහා අවන්හල් / Dabas හමුවෙනවා. දකුණු පසින් සුන්දර් නගර් විල තියෙනවා. සුන්දර් නගර් කියන එකේ තේරුම beautiful place කියලයි කුමාර් කිව්වේ. මෙහි සිට 25km යනවිට මැන්දි හමුවෙනවා. මෙහිදී අපට Beas ගඟ දැක ගන්න ලැබෙනවා. මැන්දි සිට 12km යනවිට අපට දකුණු පැත්තේ Pandoh Dam දකින්න ලැබෙනවා. දැන් අපි කඳු නැග ගෙනයි යන්නේ. තවත් 12km යනවිට ඈතින් Anokhi Matha Temple දකින්න පුළුවන්. දකුණෙන් Beas ගලා බසිනවා. සුන්දර දසුනක්. තවත් 20km වලින් පස්සේ Aut ලගාවන අතර මෙයට පෙර 2.8km දිග උමගක් පහුකරනවා. මීළඟට අපි ලඟා වන්නේ කුල්ලු දිස්ත්‍රික්කයට. මේ අතරමගදී පාර්වතී ගඟ Beas ගඟට එකතු වෙනවා. මේ ගඟවල් Indus ගඟේ අතු ගංගා.
මග දිගට ඉඳිකිරීම්අපේ කණ්ඩායමේ හිටිය ශ්‍රී ලංකා සංචාරක සේවයේ යෙදෙන සිරිසෝම මහත්තයා එයින් තොප්පියක් අරන් හිස පැළඳගෙන " Now I'm a Kullu man. I'm searching for a Kullu girl" කියමින් හිටියා shawl සාප්පුවේ ගැණු ළමයින් අතරේ. මන් හිතන්නේ සිරිසෝම නෝනට ඒක ඇහුනෙ නෑ වෙන්නැති. ඇහුණත් ඒ නෝන ගණන් ගන්න එකක් නෑ. හොඳ සංචාරක යුවලක් ඒ දෙන්නා.
දැන් ඉතින් රෑ වෙලා. අපි තව 40km දුර ගෙවාගෙන මනාලි වලට ඇවිත් Hotel Royal Regency වෙත ආවා.කුමාර් කිව්වේ නම් අපි මනාලි වලට ආවේ bypass පාරක කියලයි. හැබැයි පාර දිගටම Hydro-power Project එකක වැඩ කෙරෙමින් තිබුණ නිසා පාරේ හරිම අපහසුතා ඇතිවයි එන්න වුනේ. හැමතැනම යන්ත්‍රෝපකරණ,ගල් හා පස් ගොඩවල් දක්නට ලැබුණා. හෝටලය එතරම් ලොකු භුමි භාගයක පිහිටා තිබුණේ නැතත් ආගන්තුක සත්කාරය නම් ඉහළ මට්ටමක තිබුණා. හරිම ශීතලක්....කාමර වලට heaters ලැබුණා. මනාලි හෝටල් වල lift නෑලු. අපිට පළමු මාලයම ලැබුණු නිසා ලේසි වුණා. තවත් දවසක් ඉවර වුණා.
Wednesday, February 6, 2019
චාරිකා සටහන් - Shimla- Manali 04
චාරිකා සටහන් - Shimla- Manali 04
Kufri සිට හිමාලය කඳු පෙනෙන හැටි
18.01.2019 දිනට උදා වුණා. අපි ඇහැරිලා සුදානම් වුණේ ශිම්ලා අවට ප්‍රදේශය නරඹන්න යන්න. උදේට සප්පායම් වෙන්න හොඳ ආහාර වේලක් හෝටලයෙන් ලැබුණා. අපි පිටත් වුනේ උදේ 9.30ට පමණ. බස් රථයෙන් අපි ගියේ Kufri කියන ප්‍රදේශයට. එහි සිට බලන විට හිමාලය කඳුවැටියේ කොටසක් අත ළඟ වගේ දර්ශනය වුණා. නමුත් මේ අපි බස් රථයෙන් බැස්ස ස්ථානය අශ්ව ගාලක්. සංචාරකයන් පිනවීමේ අරුතට වඩා මුදල් ඉපයීමේ මාර්ගයක් කරගත් ඒ නිසාම සුන්දරත්වය වැනසී ගිය තැනක් හැටියටයි මං මෙතන දැක්කේ. අශ්ව වසුරු, මඩ ගොඩවල් එහි පිරිලා. අශ්වයන් මුදල් උපයන යන්ත්‍ර වගේ. අශ්වයකු /පෝනියෙකු පිටේ යන්න විශාල මුදලක් අය කරනවා. ඒවායේ තැරැව් කරුවන් හැම තැනම. අශ්වයෙකුගේ පිටේ ගියොත් විතරයි නිම්නයට ලඟා වෙන්න පුළුවන්. ඔවුන් එහෙම මාර්ගය හදාගෙන. පයින් යන්න බැහැ.
ආයෙත් මං මේ කියන්න යන්නේ අපේ කණ්ඩායම ගැන. එක්කෙනෙක් තමයි බැංකු මහත්තයා. බැංකුවේ රැකියාවෙන් විශ්‍රාම ලබල දැන් කාලයක ඉඳන් සංචාරය කරනවා. ගමන් බලපත්‍රයත් කිහිප වතාවක් අලුත් කරන්න වුනාලු ඇවිදපු තරමට. බොහොම නිහඬ චරිතයක්. සැර ජාති බොන්නෙත් නැහැ. හැබැයි අපේ ආරක්ෂාව ගැන නිතර බැලූ හොඳ මහත්මයෙක්. ජයරත්න රජයේ සේවයෙන් විශ්‍රාම අරන් ඉන්න, නමුත් තව දුරටත් පුණ්‍යායතනයක සේවයේ යෙදෙන මහත්මයෙක්. හොඳ ගායකයෙක් වගේම ටිකක් ඇඟ රත් කරගන්නත් ඕන කෙනෙක්. තමා හා තම බිරිඳ උගත් පරපුර නියෝජනය කරනවා වගේම තමාගේ දු දරුවන්ට හොඳින් උගන්වලා, ඔවුන් සැලකිය යුතු තැන්වල දෙස් විදෙස්වල ඉන්න බව ඉතා සතුටෙන් කිව්වා.හැබැයි මේ ගමන නෝනව එක්ක ආවේ නෑ, ඇයට අධික ශීතල ඔරොත්තු දෙන්නේ නෑ කියලා. නිතරම අපිට ආරක්ෂාව සපයන්න ඉදිරිපත් වුණ හොඳ යාළුවෙක්.
ඉතින් ආයෙත් ගමන ගැන. මම කොහොමත් සතුන් පිට යන්නේ නැති නිසා අශ්වයින් පිට යාම කෙරුනේ නැහැ. ජයරත්නයි මායි ඇර හැමෝම ගියා. ජයරත්න නොගියේ වයසට ඔරොත්තු දෙන්නේ නැති වැඩ කරන්න බැහැ කියලයි. අපි දෙන්නා අශ්ව ගාල පැත්තෙන් උඩට පයින් ගිහින් කුඩා සත්තු වත්තකට ගියා. මුදල් ගෙවල ඇතුල් වුනේ. ජයරත්නගේ කරේ කැමරාව තිබුණ නිසා වැඩිපුර ඉන්දියානු රුපියල් පනහක් ගෙවන්න වුණා. එත් ඒකෙ ඇහැට දැක්කේ නම් එකම ගෝනෙක් විතරයි. තව මැරුණු සත්ව දේහ සංරක්ෂණය කර ප්‍රදර්ශනයට තබා තිබුණු කටුගෙයක් බැලුවා. එතනින් එළියට ඇවිත් පාරවල් දිගේ ඇවිදලා ආයෙත් අශ්ව ගාලට එනවිට අශ්ව පිටේ ගියපු අය ආවා. මෙතැනදී දුක හිතුණ දෙයක් වුණා. අර මං ගොතා ගෙන අරන් ගිය මෆ්ලර් එක මගේ කරෙන් බිම වැටිලා. ආපහු ගිය මග ගිහින් බැලුවත් හමු වුණේ නැහැ. ඒක දැන් තියෙන්නේ මගේ ඡායාරූප ගොඩේ විතරයි. ඒ ඡායා රූපය දාන්නම්කෝ .
"බුදු අම්මෝ ඔයා නොගිය එකමයි හොඳ ...අපි විලාප තියමින් ගියේ...පුදුම බයක් දැනුණේ " කියලා අන්තිම මොහොතේ අශ්වයකු පිටේ නැගගත් සුමනා ආපහු ඇවිත් කිව්වා. අශ්වයින් පිටේ යන අයට ත්‍රිල් එකක් දෙන්න මේ විදියට මාර්ගය වල ගොඩැලි සහිතව සකස් කර ඇති බවයි වැටහුණේ. ඇතැම් සංචාරකයෝ අසු පිටින් වැටිලා කොඳු කඩාගෙනත් තියෙනවලු.
Mall Road හා The Ridge හි දර්ශන

අපි ඉන් පස්සේ ගියා දිවා ආහාරය ගන්න. ආහාර අරන් මද විවේකයකින් පස්සේ නැවත ශිම්ලා වලට ඇවිත් එහි Mall Road , ඒ කියන්නේ ප්‍රධාන කඩ වීදියේ ඇවිදින්න ගියා. අපේ කට්ටිය අවශ්‍ය දේවල් මිලදී ගත්තා. අවසානයේ අපි ආවා The Ridge කියන ස්ථානයට, මෙය පිහිටා තියෙන්නේ Mall Road වලට ඉහලින්. මෙය විවෘත ප්‍රදේශයක්. බ්‍රිතාන්‍ය යුගයේ තැනුණු ගොඩනැගිලි මෙහි තිබෙනවා. ඉන්දිරා ගාන්ධි ප්‍රතිමාවක් තිබෙනවා. මේ ස්ථානයේ රැස්වීම් ආදිය පවත්වන බව කුමාර් පැහැදිලි කලා. දේශීය හා විදේශීය සංචාරකයන් මෙහි විනෝදයෙන් කාලය ගෙවනවා පෙනුනා. මෙහි කාන්තාවන් ඉතා ලස්සනයි. සුන්දර විදියට ඇඳුම් පැළදුම් අඳිනවා. අපි කට්ටිය මෙතැනට එකතු වුණා. අපේ කට්ටියේ හිටි කැමරා ශිල්පී පුතා චරිත් එයාගේ කැමරා උපකරණ උස්සන් එහේ මෙහේ දුවමින් හැන්දෑවේ කැමරාශිල්පීන්ගේ රන් පැයේ ප්‍රයෝජනය ගනිමින් ඡායාරුපකරණයේ යෙදුණා. කෝපි එකක් එහෙම බීලා ආපසු හෝටලයට යන්න තමයි සුදානම් වුනේ. කෑමට මිදී,දොඩම්,ඇපල් ටිකක් ලාබෙට මිළට ගත්තා. චාරිකාවේ තවත් එක දවසක් මෙහෙම ගෙවිලා ගියා.
Mall Road හා The Ridge හි දර්ශන
Saturday, February 2, 2019
චාරිකා සටහන් - Shimla- Manali 03
චාරිකා සටහන් - Shimla- Manali 03
Ambala ඉඳලා Chandigarh පැත්තට 45 km විතර ගියහම Panchkula දිස්ත්‍රික්කයට ලඟා වෙනවා. Punchkula වල ඒ නමින්ම සැලසුම් කල නගරයක් ද තිබෙනවා. Kalka කියන්නේ Panchkula වල තිබෙන නගරයක්. Panchkular වලින් 15 km ඉදිරියට ගියහම වම් පැත්තේ Pinjore උද්‍යානය හමුවෙනවා. අපි එහි ටික වෙලාවක් නතර වුණා.
මේ උද්‍යානය දැන් හඳුන්වන්නේ Yadavindra උද්‍යානය කියලයි. 17 වන සියවසේ ඉඳි කරපු එකක්. මෙය පිහිටා තියෙන්නේ හරියානා ප්‍රාන්තයේ,Panchikula දිස්ත්‍රික්කයේ Pinjore නගරයේ. මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය අනුව තමයි ඉඳි කරලා තියෙන්නේ. පසුව නවීකරණය වී තිබෙනවා. මේ උද්‍යානය මහල් 7කටයි නිමවා තිබෙන්නේ. ජල පොකුණු ,ජල උල්පත්ශා හා ශාක වර්ග රාශියක් මෙහි තිබෙනවා. ඒ වගේම මෙහි කුඩා සත්ව උද්‍යානයක්,ජපන් උද්‍යානයක් ,ඓතිහාසික ස්ථාන, පැල තවානක් හා දවස විනෝදයෙන් ගත කල හැකි තැන් රාශියක් තිබෙනවා.පිටුවහල් කළ පාණ්ඩව සොහොයුරන් මෙහි නවාතැන් ගත් බව හින්දු ජන කතා වල කියවෙනවා.
මෙහි අවුරුද්දේ ජුලි මාසයේ සිදුකරන Pinjore Mango Festival ඇතුළු උත්සව කිහිපයක් වසර පුරා විවිධ කාලවල සිදුකෙරෙනවා. රාත්‍රී කාලයට අලංකාර ලෙස පහන් දැල්වීම කරන බව අපේ මග පෙන්වන්නා කුමාර් පැහැදිලි කලා. අපි මෙහි ටික වෙලාවක් ගත කරලා ඡායා රූප කිහිපයක් ද ගත්තා.
ඉන්පස්සේ Pinjore සිට නැවත ගමන් ආරම්භ කළා. ධාවන දුර 90km විතර. නමුත් කඳුකර අධික වංගු සහිත මාර්ග නිසා බස් රථය යන්නේ සීමිත වේගයකින්. ගියා ,ගියා ,ගියා ...රැ අට විතර වෙද්දී අපි හෝටලය වෙත ලඟා වුණා. හෝටලයේ නම Royal Regency. හෝටලය තියෙන්නේ ශිම්ලා නගරයෙන් ටිකක් ඈත . Dhalli Bypass, Sanjauli, Shimla ප්‍රදේශයේ කන්දක් උඩ තියෙන්නේ. කන්ද නැගලා යන්න වුණේ පයින්. හරිම හති මහන්සි දැනුණා, බය හිතෙන තරමට. අනික මුහුදු මට්ටමෙන් හුගක් උඩ නිසාත් හුස්ම ගැනීමේ බර ගතියක් දැනුණා. අපේ ගමන් මලු නම් shuttle service එකකින් උඩට ගෙනාවා. ඔක්කොටෝම වැඩිය අපේ සිත් වසඟ කළ දෙය නම් හෝටලයට යන පාර දෙපස ගොඩ ගසා තිබුණු හිම ගොඩවල්. හිම බලන්නමනේ මේ ගමන ආවේ. Hethro ගුවන් තොටු පලට ගොඩබාන වෙලාවෙදිත් එක්සත් ජනපදයේදීත් හිම දැක්කේ ඇතින් විතරයි. ඉතින් මේ හිම අපි සතුටට පත් කළා. නමුත් ශීතල හම, මස් ඇට තුළින් ඇට මිදුළු වලටම කා වදින තරම් තිබුණා. රාත්‍රී ආහාරයෙන් පසු සතුටු සාමීචියේ යෙදිලා අපි නින්දට වැටුනා. පසුදා කළ ශිම්ලා චාරිකාව ඊ ළග පියවරෙන් .......
(Photo of Hotel from internet)
Tuesday, January 29, 2019
චාරිකා සටහන් - Shimla- Manali 02
චාරිකා සටහන් - Shimla- Manali 02
කලින් සටහනේ චාරිකාවේ විස්තර නැවැත්තුවේ දිල්ලි හෝටලයේ රාත්‍රිය ගත කළා කියලා. ඔන්න ජනවාරි 17 වෙනිදා උදාවෙද්දී අපි අවදිවෙලා ඇඳුම් මාරු කරගෙන සුදානම් උනේ අපේ මග පෙන්වන්නා කුමාර් කලින් දවසේ කල දැනුවත් කිරීම් අනුව. මොකද ඔහු තදින්ම කීවා අපි ශිම්ලා යනකොට හවස් වෙනවා, එහේ උෂ්ණත්වය -15විතර කියලා. අපි යටට විශේෂ ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් ඇඳලා ,ඊළඟට සාමාන්‍ය උඩ ඇඳුම් ඇඳලා අවසානයේ අඳින්න උණුසුම් කබා, හිස් ආවරණ,ගෙල ආවරණ, Scarf, shawl, muffler ආදිය back pack එකේ දා ගත්තා. උදේ ආහාරය හෝටලයෙන් අරන් බස් රථයට නගින විට උදේ 8.30 පහු වුණා.
දිල්ලි සිට ශිම්ලා දක්වා යන ගමනයි මේ ආරම්භ වන්නේ. දුර 360ක් විතර වෙනවා.
පසු කර යන ප්‍රධාන ස්ථාන තමයි, Sonipat, Panipat, Karnal , Kurukshetra ,Ambala ,Chandigarh, Kalka , Solan ,Shoghi, Tara Devi, පසුකර, අවසානයේ Shimla වෙත ලඟා වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මේ සෑම සන්ධිස්ථානයකම නරඹන්න බොහෝ දේ තිබුනත් අපේ සීමිත සංචාරයට ඒවා ඇතුලත් කරන්න බැහැ. මොකද ඒ සඳහා විශාල කාලයක් හා වියදමක් අවශ්‍ය වෙනවා. අපේ ලස්සන පුංචි ශ්‍රී ලංකාවේ තවම මට යන්න බැරිවූ තැන් හුගක් තිබෙනවා. ඉතින් විශාල ඉන්දියාව ගැන කුමක් කියන්න ද ?
දිල්ලි කියන්නේ විශාල නගර සංකීර්ණයක්. එහි සිට ශිම්ලා දක්වා යන විට උතුරෙන් මුලින්ම ඇතුල් වෙන්නේ හරියානා ප්‍රාන්තයට.
Sonipat කියන්නේ හරියානා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 22න් එකක්. Sonipat වල අවසාන හරියේ තිබෙන Muruthal ප්‍රදේශයේ එක් සුන්දර ස්ථානයක අපි ගමන් විඩාව මග හැරගන්න නැවතුනා. ඒ තමයි Mannat Haveli. මෙය අවන්හලක්. උත්සව ආදිය සඳහා ස්ථානයක්. එතැන අලංකාරයට තබා තිබෙන මෝටර් රථ ආකෘතිය හා මෝටර් බයිසිකල් ආකෘතිය අසල සිට අපි ඡායා රූප ගත්ත.
ඊළඟට ඇතුල්වෙන්නේ Panipat දිස්ත්‍රික්කයට. ක්‍රි.ව. 1526,1556,හා 1761 දී මෙහි විශාල සටන් ඇතිවී තිබෙනවා. ඉන්පස්සේ ඇතුල්වෙන්නේ Karnal දිස්ත්‍රික්කයට. ඊළඟට Kurukshethra දිස්ත්‍රික්කයට. ඉන්දීය මහාභාරත් කාව්‍යයේ එන කෞරව හා පාණ්ඩව රජපෙලපත් අතර ඇතිවූ මහාභාරත් යුද්ධය/ Kurukshesthra යුද්ධයට පසුබිම්වූ ප්රදේශයයි මේ. දැන් අපි Ambala වෙත ලඟා වෙනවා. මෙය හරියානා ප්‍රාන්තයේ පන්ජාබ් ප්‍රාන්ත දේශ සීමාවේ පිහිටලා තියෙන්නේ.
මෙතෙක් අපි ආව පාර National Highway No.01(NH 1) Ambala දක්වා යනවා. Ambala වලදී පාර බෙදෙනවා. එකක් Amritsar වලටත් අනික Chandigarh,වලටත් යනවා. අපිට යන්න තිබුණේ Chandigarh,පැත්තට (NH 152). Chandigarh හරියානා හා පන්ජාබ් කියන ප්‍රාන්ත දෙකටම අග නුවර.
අද දවස හරි දිගයි. බස් රථයේ දවසම. ඉතින් දිවා ආහාරයටත් , විඩා නීවා ගන්නත් අපි මග තැන් කිහිපයක නතර කළා. අපේ විනෝද කාමී ගමන් සගයන් ගැනත් දවසේ විස්තර වල අනික් ටිකත් මං ඊළඟ පියවරේදී කියන්නම්.
(සිතියම සහ ඡායා රුපය අන්තර්ජාලයෙනි https://www.facebook.com/MannatHaveli/photos/p.2092588870759356/2092588870759356/?type=1&theater )

Saturday, January 26, 2019
චාරිකා සටහන් - Shimla - Manali 01
චාරිකා සටහන් - Shimla - Manali 01
ජීවිතයේ හයවෙනි දශකයත් ගෙවිලා ගිහින් අවුරුදු කීපයක් වුණා. දැන් ඉතින් ආසා කරන දේවල් කියල තියෙන්නේ කීපයයි. ඒ තමයි දරුවන් හොඳින් ඉන්නවා දැකීම,මුනුපුරු මිනිපිරියන් ගේ සුරතල් දැකීම හා සංචාරය. ද්‍රව්‍ය වලට ඇළුම් කිරීම හුගක්ම අඩුවී ගිහින්. ඒත් ගහකොළ,සතා සීපාවා, පරිසරය වගේ දේවල් වලට ඇල්ම,අඩුවී නැහැ. නමුත් හිමිකර ගැනීමේ අභිලාෂයක් නැහැ. මුදල් තියෙනවා නම් සංචාරය පිලිබඳ සිහින ඉටු කර ගන්න ලේසියි.
පසු ගියදා ඒ කියන්නේ ජනවාරි 16වෙනිදා ඉඳලා 23වෙනිදා වෙනකම් උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් කියන ප්‍රාන්තයේ චාරිකාවක් ගියා.ඇත්තෙන්ම මේ චාරිකාව යන්න සැලසුම් කලේ 2015 වර්ෂයේ ඉදන්. නමුත් එක්සත් ජනපදයේ වැඩිපුර කාලයක් ගත කල නිසා එය පමා වුනා.
ගිය අවුරුද්දේ ඉදන් මමයි මගේ මිතුරිය සුමනයි විවිධ සංචාරක සමාගම් සමග මේ ගැන කතා කළත් සැහෙන තරම් පිරිසක් එකතු කර ගන්න ඔවුන් අසමත් වුණා. අවසානයේ නුගේගොඩ ධනංජය සංචාරක සමාගම සමග විසි දෙනෙකුගේ කණ්ඩායමක් මේ ගමන යන්න එකතු වුණා.
ඉතින් මාසයක් විතර තිස්සේ ගමනට ලෑස්ති වුණා. මේ එම ප්‍රදේශයට ශීත ඍතුව. අපි යන්න සුදානම් වුනේ හිමාලයේ හිම අත්දැකීම විදින්න. ඒකට අවශ්‍ය ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් සුදානම් කර ගත්ත. මම මගේ වුල් තොප්පි, ගෙල ආවරණ, මෆ්ලර් ආදිය ගොතා ගත්ත. පාසල් කාලයෙන් පස්සේ ඒ ගෙතීම සුන්දර අත්දැකීමක්. ශීත කබා දුව මට එවල තිබුණ. අත් මේස්, කකුල් වලට ඝන මේස්, සපත්තු ආදී දේවල් කීපයක් පිට කොටුවෙන් මිලදී ගත්තා. අන්තිම සතියේ වීසා අවශ්‍යතා ඉටු කර ගත්ත. සාමාන්‍යයෙන් ගන්නා ඖෂධ හැරුණ විට හදිසියේ ඇතිවිය හැකි අසාත්මිකතා,සෙම් අමාරු, උදරාබාධ, තුවාල ආදිය සඳහා අවශ්‍ය ඖෂධත් ද්‍රව්‍යත් සුදානම් කර ගත්ත. සංචාරක රක්ෂණයකුත් ගත්තා,අපි වයසක උදවිය නිසා.
දැන් ගමනට සේරම සුදානම්. ඉතින් මේ යන්නේ කොහෙද කියන එක හරියට අවබෝධ කරගන්න ඕන. ඉස්සර නම් සිතියමක් විතරයි මේ සඳහා උදව් වෙන්නේ. දැන් එහෙමද ? අන්තර් ජාලයේ පීරුවහම හැම දේම දැන ගන්න පුළුවන්. ඉතින් මං ඔබටත් කියන්නම් මුලින්ම මේ සංචාරයේ මුලික කරුණු.
ඉන්දියාව විශාල රටක් කියලා ඔබ දන්නවා. අපේ වයස වනවිට බොහෝ දෙනෙක් දඹදිව සංචාරය කරලා තියෙනවා. සමහරු තිරුපති ගිහින් තියෙනවා. නමුත් උතුරු ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්රිත සුන්දරත්වය අපි දැකල තියෙන්නේ හින්දි චිත්‍රපට වල විතරයි.
හිමාචල් ප්‍රදේශ් කියන ප්‍රාන්තය ඔබට සිතියමේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට පහලින් නිල් පාටට දකින්න පුළුවන්.ඒ ආශ්‍රිතව ඇති අනිකුත් ප්‍රාන්ත හැටියට පන්ජාබ්,හරියානා,උත්තාරන්චල්, උත්තරප්රදේශ් ආදිය ඔබට පෙනෙනවා ඇති.
අපේ සංචාරය ආරම්භ වුණේ 2019 ජනවාරි 16 වෙනිදා කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටු පොලෙන්. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය එදා හවස 2.00 ට අපත් රැගෙන දිල්ලිය බලා පියාසර කිරීම ආරම්භ කළා. හවස 5.30 වන විට අපි දිල්ලියේ ඉන්දීරා ගාන්ධි ගුවන් තොටුපොළෙන් ඉන්දීය බිම ස්පර්ශ කළා. එතැන් සිට අවශ්‍ය කටයුතු සම්පුර්ණ වුවාට පසු බස් රථයකින් අපි නවතින හෝටලය වෙත ගමන් කිරීම ඇරඹුවා. අධික වාහන තද බදය ගත සිත දෙකම විඩාවට පත්කළා. ඒ මාර්ග වල ඉඳිකිරීම් කටයුතු කෙරෙමින් තිබීම එයට හේතු වුණා. කෙසේ හෝ රාත්‍රී 8.30 පමණ වන විට අපි අපේ නවාතැන වන Hotel Metro Heights වෙත ලඟා වුණා. ඒ වනවිට තිබුණ වෙහෙස නිසා රාත්‍රී ආහාරයෙන් පසු මාත් සුමනාත් නින්දට වැටුණා. ගමන් සගයින් හඳුනා ගැනීමත් හරියට කරගන්න බැරි වුණා. එත් ඒ හැම දෙනාම වාගේ සංචාරයට ලැදි සුන්දර මිනිසුන් බව ඒ වන විට වැටහෙමින් තිබුණා. සමහරු විසා ගන්න ගිය අවස්ථාවේත්, ගුවන් තොටු පොලේදීත් ඒ වන විටත් හඳුනාගෙන සිටි අය.
පසුදා සිට විස්තර පසුවට .... (ඡායා රූප අන්තර් ජාලයෙනි )
ජීවිතයේ හයවෙනි දශකයත් ගෙවිලා ගිහින් අවුරුදු කීපයක් වුණා. දැන් ඉතින් ආසා කරන දේවල් කියල තියෙන්නේ කීපයයි. ඒ තමයි දරුවන් හොඳින් ඉන්නවා දැකීම,මුනුපුරු මිනිපිරියන් ගේ සුරතල් දැකීම හා සංචාරය. ද්‍රව්‍ය වලට ඇළුම් කිරීම හුගක්ම අඩුවී ගිහින්. ඒත් ගහකොළ,සතා සීපාවා, පරිසරය වගේ දේවල් වලට ඇල්ම,අඩුවී නැහැ. නමුත් හිමිකර ගැනීමේ අභිලාෂයක් නැහැ. මුදල් තියෙනවා නම් සංචාරය පිලිබඳ සිහින ඉටු කර ගන්න ලේසියි.
පසු ගියදා ඒ කියන්නේ ජනවාරි 16වෙනිදා ඉඳලා 23වෙනිදා වෙනකම් උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් කියන ප්‍රාන්තයේ චාරිකාවක් ගියා.ඇත්තෙන්ම මේ චාරිකාව යන්න සැලසුම් කලේ 2015 වර්ෂයේ ඉදන්. නමුත් එක්සත් ජනපදයේ වැඩිපුර කාලයක් ගත කල නිසා එය පමා වුනා.ගිය අවුරුද්දේ ඉදන් මමයි මගේ මිතුරිය සුමනයි විවිධ සංචාරක සමාගම් සමග මේ ගැන කතා කළත් සැහෙන තරම් පිරිසක් එකතු කර ගන්න ඔවුන් අසමත් වුණා. අවසානයේ නුගේගොඩ ධනංජය සංචාරක සමාගම සමග විසි දෙනෙකුගේ කණ්ඩායමක් මේ ගමන යන්න එකතු වුණා.
ඉතින් මාසයක් විතර තිස්සේ ගමනට ලෑස්ති වුණා. මේ එම ප්‍රදේශයට ශීත ඍතුව. අපි යන්න සුදානම් වුනේ හිමාලයේ හිම අත්දැකීම විදින්න. ඒකට අවශ්‍ය ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් සුදානම් කර ගත්ත. මම මගේ වුල් තොප්පි, ගෙල ආවරණ, මෆ්ලර් ආදිය ගොතා ගත්ත. පාසල් කාලයෙන් පස්සේ ඒ ගෙතීම සුන්දර අත්දැකීමක්. ශීත කබා දුව මට එවල තිබුණ. අත් මේස්, කකුල් වලට ඝන මේස්, සපත්තු ආදී දේවල් කීපයක් පිට කොටුවෙන් මිලදී ගත්තා. අන්තිම සතියේ වීසා අවශ්‍යතා ඉටු කර ගත්ත. සාමාන්‍යයෙන් ගන්නා ඖෂධ හැරුණ විට හදිසියේ ඇතිවිය හැකි අසාත්මිකතා,සෙම් අමාරු, උදරාබාධ, තුවාල ආදිය සඳහා අවශ්‍ය ඖෂධත් ද්‍රව්‍යත් සුදානම් කර ගත්ත. සංචාරක රක්ෂණයකුත් ගත්තා,අපි වයසක උදවිය නිසා.
දැන් ගමනට සේරම සුදානම්. ඉතින් මේ යන්නේ කොහෙද කියන එක හරියට අවබෝධ කරගන්න ඕන. ඉස්සර නම් සිතියමක් විතරයි මේ සඳහා උදව් වෙන්නේ. දැන් එහෙමද ? අන්තර් ජාලයේ පීරුවහම හැම දේම දැන ගන්න පුළුවන්. ඉතින් මං ඔබටත් කියන්නම් මුලින්ම මේ සංචාරයේ මුලික කරුණු.
ඉන්දියාව විශාල රටක් කියලා ඔබ දන්නවා. අපේ වයස වනවිට බොහෝ දෙනෙක් දඹදිව සංචාරය කරලා තියෙනවා. සමහරු තිරුපති ගිහින් තියෙනවා. නමුත් උතුරු ඉන්දියාවේ හිමාලය කඳු වැටිය ආශ්රිත සුන්දරත්වය අපි දැකල තියෙන්නේ හින්දි චිත්‍රපට වල විතරයි.
හිමාචල් ප්‍රදේශ් කියන ප්‍රාන්තය ඔබට සිතියමේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට පහලින් නිල් පාටට දකින්න පුළුවන්.ඒ ආශ්‍රිතව ඇති අනිකුත් ප්‍රාන්ත හැටියට පන්ජාබ්,හරියානා,උත්තාරන්චල්, උත්තරප්රදේශ් ආදිය ඔබට පෙනෙනවා ඇති.
අපේ සංචාරය ආරම්භ වුණේ 2019 ජනවාරි 16 වෙනිදා කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටු පොලෙන්. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය එදා හවස 2.00 ට අපත් රැගෙන දිල්ලිය බලා පියාසර කිරීම ආරම්භ කළා. හවස 5.30 වන විට අපි දිල්ලියේ ඉන්දීරා ගාන්ධි ගුවන් තොටුපොළෙන් ඉන්දීය බිම ස්පර්ශ කළා. එතැන් සිට අවශ්‍ය කටයුතු සම්පුර්ණ වුවාට පසු බස් රථයකින් අපි නවතින හෝටලය වෙත ගමන් කිරීම ඇරඹුවා. අධික වාහන තද බදය ගත සිත දෙකම විඩාවට පත්කළා. ඒ මාර්ග වල ඉඳිකිරීම් කටයුතු කෙරෙමින් තිබීම එයට හේතු වුණා. කෙසේ හෝ රාත්‍රී 8.30 පමණ වන විට අපි අපේ නවාතැන වන Hotel Metro Heights වෙත ලඟා වුණා. ඒ වනවිට තිබුණ වෙහෙස නිසා රාත්‍රී ආහාරයෙන් පසු මාත් සුමනාත් නින්දට වැටුණා. ගමන් සගයින් හඳුනා ගැනීමත් හරියට කරගන්න බැරි වුණා. එත් ඒ හැම දෙනාම වාගේ සංචාරයට ලැදි සුන්දර මිනිසුන් බව ඒ වන විට වැටහෙමින් තිබුණා. සමහරු විසා ගන්න ගිය අවස්ථාවේත්, ගුවන් තොටු පොලේදීත් ඒ වන විටත් හඳුනාගෙන සිටි අය.
පසුදා සිට විස්තර පසුවට .... (ඡායා රූප අන්තර් ජාලයෙනි )
Monday, January 14, 2019
බිඳ වැටුණු ප්‍රේමය ...
බිඳ වැටුණු ප්‍රේමය .....
කාලය මෙතරම් නපුරු වුයේ කීම
කාලයේ රළු වැලි තලාවට යටකොට
සුනුවිසුණු කර බිඳ ලන්නට
එදා හිරිමල් තුරුණු විය සිට
අප සැදූ රන් රුවන් පෙම් මාළිග
එදවස අප දෙදෙන
තනිව අතිනත පටලවා ගෙන
ඔහේ පාවෙවී ඇවිද ගිය
මාවත දෙපස මැයි ගස් පෙළ
තාම රතු මල් පලස එහි අතුරවනු ඇතිද
ඒ සොඳුරු කාලය ඔබට මතකද
සිහිළැල් සැදෑ සුළං රැල් කැරලි මැද
සිහින් ඉඳිකටු වැහිබිඳු වැටී
ගත හිරිගඩු නංවන කල
ඒ මැයි ගස් සෙවන යට එකට ලංවී
උණුසුම් සුසුම් පහස විඳ විඳ
ඒ සොඳුරු කාලය ඔබට මතකද
කෙලෙස වටහා ගම්ද මම
සැබෑවක් ද ඒ සිහිනයක් ද
නැතිනම් මුලාවක් ද මේ ලෝකය
අප අපටම රැවටුණ
මා නෙත් කෙවෙනි යට
නැගුණු එක කඳුළු බිඳුව පිසිනට
එදා තිබුණේ පුදුම ඉක්මනක් නේ ඔබට
ඒත් අද දෝරේ ගලන කඳුළු ගංගාවට
කිම්ද නැත්තේ තෙතමනයක් පපුව යට
මිරිඟුවක් ද මේ ලෝකය
අප අපටම රැවටුණ
පෙරල පෙරළා බලමි මම
ජීවිතේ ගෙවී ගිය සෑම පිටුවම
'ආදරය' නම් කීම ?
සොයමි තාමත් හමු නොවුණ
Thursday, January 10, 2019
ඔරු දෙකක පා තබා ගඟෙන් එතෙර වීම ...
ඔරු දෙකක පා තබා ගඟෙන් එතෙර වීම ....
ඔරු දෙකක පා තබා ගෙන වතුරේ දියත් වෙමින් ගඟෙන් එතෙර වීමට අපේ දරුවෝ අධ්‍යාපනය ලබන බව පෙන්නනයි අද මං ලෑස්ති වෙන්නේ.
එක ඔරුවක තියෙන්නේ විද්‍යාත්මක අධ්‍යාපනය. ඒ කියන්නේ ලෝකයේ යථාර්තය දෙස ගවේෂණාත්මකව බලමින් ඉගෙන ගැනීම. අනිත් ඔරුවේ මිත්‍යාව සමග පත අට එකට හින්දවල හදපු සියලු ආගමික මති මතාන්තර සහිත අධ්‍යාපනය. ඒකට තව හොඳට ලුණු ඇඹුල් එකතු කරනවා සම්ප්‍රදායික මිත්‍යා මති මතාන්තරත්.
අර කලින් ඔරුවේ අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නවා ලෝකය බිහිවූ හැටි, රසායනික පරිණාමය, ජීවී පරිණාමය වගේ දේවල්. මිනිසා ක්‍රමයෙන් පරිණාමය වෙලා විකාශය වූ හැටි. ශරීරය පිලිබඳ ක්‍රියාකාරීත්වය, රසායනික ක්‍රියා කාරිත්වයන්, භෞතික ලෝකයේ සංසිද්ධීන්, භූගෝල විද්‍යාවෙන් භුමි සැකස්ම,ලෝකයේ අභ්‍යන්තර සැකැස්ම , මතුපිට සැකැස්ම භූ තැටි,සාගර, කඳු වැටී , පාෂාණ, ගණිතය මගින් තර්කානුකුල චින්තනය ...ඉතිහාසය, දේශපාලන විද්‍යාව, විවිධ භාෂා මේ වගේ විවිධ කරුණු රාශියක් ඉගෙන ගන්නවා.
අනිත් ඔරුවේ බරටම තියෙන්නේ, ලෝකය මැව්වා,සත්තු මිනිස්සු මැව්වා, සත්තු කතා කරනවා,දරුවෝ උපන් හැටියේ ඇවිදිනවා, යක්කු භූතයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, දෙවියෝ ලෙඩ හදනවා, මැරුණහම වැරදි කළ අය අපායට යනවා, හොද වැඩ කල අය දිවිය ලෝකේ යනවා, අපාය පොලව යට තියෙනවා, වගේ දේවල්.
දැන් අපේ දරුවන්ට උභතෝකෝටික ප්‍රශ්නයක් එනවා,මොකද්ද මේ දෙකෙන් ඇත්ත කියලා පිළිගන්නේ කියන . සමහර දරුවෝ ඒ ගැන ප්‍රශ්න කරනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් කියා දෙන්නේ වැඩිපුරම කියන දෙයක් අහන් ඉඳල ,වෙන කෙනෙක් අහන ප්‍රශ්න වලට ඒ කෙනා බලාපොරොත්තුවෙන උත්තරේ ලියල වැඩි ලකුණු අරන් විභාගේ පාස් වෙන්න. ඒකෙ හරයේම තියෙන්නේ දරුවාගේ ප්‍රශ්න කිරීම ටික ටික නැති කරලා නැත්තටම නැති කර දැමීම . දහය එකොළහ පන්ති වලට එද්දී දරුවෝ ගොළුයි. ගුරුවරයා සතුටු කරන්න හැම දේටම ඔලුව වනන තර්කානුකුල චින්තනයට අගුළු දැමු, බුද්ධියට ඉඩක් නොදෙන වහල් ගුරු ගෞරවය රකිනවා කියලා අපි හිතන, සුවච කීකරු 'සිරිමත් මගේ සකි' වගේ දරුවෙක් තමයි පන්තියේ ඉන්නේ.
දරුවෝ විද්‍යාව, ගණිතය ඇතුළු විෂයයන් හොඳට ඉගෙන ගන්නවා කියල අපි හිතන්නේ වැඩි ලකුණු ගැනීම මත. ආගම පවා එහි ප්‍රතිපත්ති මත නෙමෙයි, ලකුණු ලැබීම මත දක්ෂයා තෝරනවා. මේ අධ්‍යාපන ක්රමයේ කිසිම නව්‍ය අදහසකට ලකුණු දීමක් නැහැ. ගණනක් වුනත් වෙනත් ක්‍රමයකට හදලා තිබුනොත් දහසක් තර්ක විතර්ක ....ඒකට ලකුණු දෙන්න මැලි වෙනවා. ගුරුවරයාට වුනත් කරන්න දෙයක් නැහැ. ඔහුත් කොටුවකට රාමු කරලා තියෙන්නේ.
ඉතින් කාලයක් මේ ඔරු දෙකේ කකුල් තියන් යන කොට, අර මිත්‍යා ඔරුවේ බර සමාජයෙන් එකතු කරන, ගස් ගල් වැදීම්, වාලම්පුරි,පෙන්ශුයි, නැකත්, නාඩි වාක්‍ය , දේව පුජා, මෙකී නොකී බොහෝ දේවල් වලින් බර වැඩිවෙනවා. දැන් මේ ඔරුව පෙරළිලා දරුවා වැටෙන්නේ මිත්‍යා මත කන්දක් එක්ක වතුරට. දරුවා විභාග ඉහලින් සමත් වෙලා වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක ශිල්පී,ගණිතඥ , විද්‍යාඥ ආදී විවිධ ක්ෂේත්‍ර වල වෙන්න පුළුවන් දැන් ඉන්නේ. ඉතින් ඔහු ජීවිතයේ හැම දේටම මේ මත වලට වහල් වෙලා කටයුතු කරනවා. එක එක දෙවියන්, මන්ත්‍ර කරුවන් පස්සේ දුවනවා. තම මෝටර් රථයේ දෙහි ගෙඩි කීපයක් මිරිස් කරලක් එල්ලනවා. එක එක සුරුවම්, යන්ත්‍ර බෙල්ලේ එල්ල ගන්නවා. හැම දේටම නැකත් බලනවා. රාහු කාල බලනවා. හුනෙක් ඇඟට වැටුනොත් බය වෙනවා. පණ යන්න දඟලන අලියගෙ වල්ගෙ කෙඳි ගලවගෙන මුදු, වළලු හදන් පළඳිනවා, විභාග වලට කලින් පන්සල්,කෝවිල්,දේවාල වල අතුරු සිදුරු නැතුව පුද පූජා,යාග හෝම කරනවා, නුල් කඹ තරම් ඝන කමට අත්වල ගැට ගහ ගන්නවා. මේ ලැයිස්තුව කොච්චර නම් තව දික් කරන්න වෙකොටි මරල දත් බෙල්ලේ එල්ල ගන්නවා, අලි මරල දළ අරන් පන්සල් වලට පූජා කරනවා, හීනයක් දැක්කොත් ඒකෙ පල විපාක බලවනවා. මේ ලැයිස්තුව කොච්චර නම් තව දික් කරන්න වෙනවා ද ? ටයිප් කරලා අතත් රිදෙනවා.
ඉතින් මේ විදියට මුළු ජීවිත කාලයේම අපේ දරුවන් වැඩිහිටියන් වුනාට පස්සෙත් , අතලොස්සක් හැර, මේ මිත්‍යා මත කන්ද එක්ක වතුරේ ජීවන හුස්ම ගන්න මහා සටනක යෙදෙනවා.
මේ මත පතුරුවා හරින අය විවිධ බලාපොරොත්තු සහිතව ඒවා කරනවා . ප්‍රධාන වශයෙන් බියසුළු ජනතාවක් සිටීම කෛරාටික දේශපාලනයට වාසිදායක වීම එක් පැත්තකි. මාධ්‍ය නමින් අපේ රටේ තිබෙන විසුළුකාරී ව්‍යාපාරය විසින් ඇතියි නොකියන්න මේවා ජනතාවට පොවන්න දිවා රෑ නොබලා සිය වගකීම් ඉටු කරනවා. තව මෙයට මේ කපටින් දෙන එකම පිළිතුර අපි නොදන්නා බොහෝ දේ ලෝකයේ ඇති බවය. ඒවා අපට නොපෙනෙන නොදැනෙන බවය. මගේ අදහස නම් ඒවා තිබේ නම් දකින තුරු, දැනෙන තුරු ඉවසා ගෙන ඉන්න කියන එකයි. ඇයි අපි ඒ දේවල් ගැන කරදර වෙමින් අපේ වටිනා ජීවිත කාලය නාස්ති කරන්නේ. හැකි නම් ඔබට ගවේෂණයක්, පර්යේෂණ ක්‍රියා දාමයක් ආරම්භ කර ඒ දෙයක් සොයාගෙන මානව වර්ගයාට සේවයක් කල හැකිය.
මෙන්න මෙතෙන්දි දක්ෂ නිර්මාණ ශීලී ගුරුවරයෙකුට දරුවන්ගේ නිල්පාට, කලුපාට ,දුඹුරු පාට ඇස් වලට කතා කරන්න පුළුවන්, ලෝකය දකින්නෙ මෙහෙමයි කියලා කියා දෙන්න පුළුවන්. උපක්රමශීලීව, විභාගයටත් ලෑස්ති කරන ගමන්, ඔබ ඔබේ දරුවන්ට කතා කරන්න. ඔවුන්ට මිත්‍යා මඩ ගොහොරුවෙන් සුවදවත්ව උඩට පිපෙන නෙළුමක් වෙන්න මග පාදන්න.
දෙමව්පියෙනි, දැන් වත් ඇස් අරින්න. ඔබේ දරුවාට සත්‍ය වටහා දෙන්න. හොඳ නරක වටහා දෙන්න. හොඳ ගති ඇති කරගත යුත්තේ අපායට බිය නිසා නොවන බව ටිකෙන් ටික වටහා දෙන්න. ආදරය වටහා දෙන්න. ලෝකය වටහා දෙන්න. රටට, ලෝකයට,පරසරයට , මිනිසාට, සතා සිව්පාවට, ගහකොළට ආදරය කරමින් මේ ලැබුණු වටිනා ජීවිතය සතුටින් ගත කරන්න ඔවුන්ට කියා දෙන්න. ඊළඟ ආත්මයකට සතුට කල් තබන්න නෙවෙයි, අද ලෝකය ඊළඟ පරපුරට වඩාත් යහපත් තැනක් කර තබන්න ඔවුන්ට හැකි දායකත්වයක් ලබා දෙන්න ඔවුන් පොළඹවන්න. දුප්පත් කමේ සාපයෙන් මිදෙන්න ක්‍රමයක් සොයාගන්න ඔවුන් පොළඹවන්න. ඔබ සැමට යහපතක්ම වේවා !!!
“The saddest aspect of life right now is that science gathers knowledge faster than society gathers wisdom.”
― Isaac Asimov
Saturday, January 5, 2019
දිස්ත්‍රික්ක කෝටාව සොරකම් කිරීමේ පාපය
දිස්ත්‍රික්ක කෝටාව සොරකම් කිරීමේ පාපය
දැන් AL 2018 ප්‍රතිඵලත් ආව නේ? ඒ නිසා මේ කතාවට පසුබිම කාලීනයි. මං මේ ලියන්නේ මට හිතෙන දෙයක්. ඒක ඔප්පු කරන්න කියල සංඛ්‍යා ලේඛන මට නැහැ. නමුත් අත්දැකීම් තියෙනවා. .
මෙන්න මේකයි මගේ ප්රශ්නය. දැන් නිදහස් අධ්‍යාපනය හැමෝටම ලැබෙනවනේ? ඉතින් ඔබ කියාවි ' නෑ නෑ කොච්චර ළමයි International school යනවා ද ?' කියලා. ඔව් යනවා. ඒ ආණ්ඩුවේ ඉස්කෝල නැති නිසා ද? එහෙනම් ඇයි සමහර ආණ්ඩුවේ ඉස්කෝල එක ළමයෙක් වත් ඇතුල් නොවුන නිසා වැහිලා ගියේ?
එහෙනම් ආණ්ඩුවේ ඉස්කෝල නැති නිසා නෙවේ ළමයි ජ්‍යාත්‍යන්තර/පුද්ගලික ඉස්කෝල වලට යන්නේ? එහෙනම් ඇයි ? මොකක්ද හේතුව. ගමේ ඉස්කෝලෙට දරුවා යවන්න කැමති නෑ. ඒවා පුංචියි. සමහර විට හරක් ගාලක තරම්වත් පහසු කම් නෑ. රජය පහසුකම් දීල සියළු පාසල් සම තත්වයට ගේන්නේ නෑ. රජයට මුදල් නෑ. ඒවාට දරුවෝ යවන දුප්පත් දෙමාපියන්ට මුදල් නෑ පාසල දියුණු කරන්න. ලොකු ලොකු ආදී ශිෂ්‍ය සංගම් නැහැ. ඉගෙන ගෙන තැනකට ආපු ආදී ශිෂ්‍යයෙක් හිටියත් ඔහුත් බොහෝ විට මුල අමතක කරලා.
හැම තැනම කොළඹ රාජකීය හෝ විසාකා හෝ වෙනත් නගරයේ ලොකු පාසලක තියෙන දේවල් නෑ.
ඔක්කොටම වැඩිය ගමේ ඉස්කෝලෙට එවන්නේ ගොඩේ බයියන්ගේ දරුවෝ. 'අපේ දරුවෝ උන් එක්ක හිටියොත් නරක් වෙනවා.' ලොකු ඉස්කෝලවල ඊට හපන් අයත් ඉන්නවා කියල මේ අය දන්නේ නැහැ. දැන ගන්නකොට අස්සයා පැනල ගිහින් ඉවරයි.
කොහොම වුනත් හැම දෙමව්පියෝම බලන්නේ හොඳම දේ තමන්ගේ දරුවාට දෙන්න. මෙන්න මේ දරු කැක්කුම ලොකු ඉස්කෝල දියුණු කරගන්න හොඳින්ම යොදාගන්න පාසල් පාලනය දන්නවා. දෙමව්පියන්ටත් දෙන්න යම් හෝ හැකියාවකුත් තියෙනවා. නැත්නම් තියෙන තැන්වලින් ලබා ගන්න විවිධ හැකියා තියෙනවා. ඉතින් ලොකු ඉස්කෝල ලොකුයි. ඒවායේ ලස්සන ගොඩනැගිලි, පිහිනුම් තටාක,ක්‍රීඩා සංකීර්ණ, විද්‍යාගාර විතරක් ද ආදී ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ල පවා අති සුඛෝපබෝගී විදියට තියෙනවා. මේවා දැක්කම දෙමව්පියන්ගේ ඇස් නිලංකාර වෙනවා. මේ පාසල් වල ඉගෙන ගත් අය රටේ ලොකු ලොකු තැන්වල ඉන්නවා. මේවායේ ඉගෙන ගත් විට ලොකු තැනකට එන්න පුළුවන් කියල මතයක් ගොඩනැගිල තියෙනවා.
ඔහොමින් ඔහොම ගමේ පුංචි පාසල් එක තැනම තමයි හැමදාම. ඉතින් උසස් පෙළ දක්වා ගියහම දුෂ්කර දිස්ත්‍රික්ක කෝටාව කියල එකක් එනවා, දුෂ්කර දිස්ත්‍රික්ක වලින් උසස් පෙළ සමත් දරුවන් විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේදී අඩු z අගයක් සලකා බලන එකයි මෙහිදී වෙන්නේ. සම අධ්‍යාපන මට්ටම ඇති කරලා මෙය අයින් කරනවා කියලයි මේක ඇතිකරනකොට කිව්වේ. දශක ගණනාවක් ගියා දැන් . සම අධ්‍යාපන අවස්ථා ළගා වෙන්න බැරි හීනයක්.
මෙන්න මෙතෙන්දි මේ කෝටාව ලබා ගන්නේ අර ගොඩේ බයියන්ගේ දරුවෝ ද ? වෙනත් විදියට කිව්වොත් දුප්පත්ම දෙමව්පියන්ගේ දරුවෝ ද ? මේ ප්රශ්නය වඩා අදාල වෛද්‍ය , ඉංජිනේරු ඇතුළු ඉහළ z අගයන් අවශ්‍ය විෂය ධාරා වලින් පෙනී සිටින දරුවන්ට. හුගාක් දුෂ්කර ප්‍රදේශවල දරුවෝ කරන්නේ කලා විෂය ධාරාව.විද්‍යා විෂය ධාරාවට පහසු කම් අඩුයි. ඒ දරුවොත් දෙමව්පියොත් බයයි දරුවන් ඒ අංශ වලින් ඉගෙන ගන්න යවන්න. එහෙම මානසික තත්වයක් ඇති කරලා තියෙනවා.
විද්‍යා ,ගණිත අංශ වල ඉගෙන ගන්න දරුවන්ගේ දෙමව්පියෝ වැඩි දෙනෙක් අර ගොඩේ බයියො නෙමේ. එක්කෝ යම් මට්ටමක ව්‍යාපාරිකයෝ, විදුහල්පතිවරු, වෛද්‍යවරු ගුරුවරු වගේ අය. ඒ දිස්ත්‍රික්කයේ තියෙන හොඳම පාසලේ තමයි මොවුන් ඉගෙන ගන්නේ. සමහරු හිතා මතා සැලසුම් කරලා මේ දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට දරුවා ඇතුල් කරනවා. සමහර විට පාසල් නාම ලේඛනයේ නම තිබුනත් නම හැමදාම ලකුණු වුනත් ළමයා ඇත්තටම පාසල් ගිහින් තියෙන්නේ හරිම අඩුවෙන්. ඔවුන් දෙමාපියන් විසින් අග නගරයේ හෝ වෙනත් නගරයක් ආසන්නයේ බෝඩිම් කර හෝ කුලී නිවාස අරන් නැවතිලා පුද්ගලික පන්ති වල ඉගෙන ගන්නවා. පසු ගිය අවුරුද්දක මෙහෙම නාම ලේඛනය විතරක් තිබුණ පන්තියක්ම අහු වෙලා ප්‍රශ්නයක් ඇති වුණා මතකයි.ඒවා කොහොම විසදුණා ද දන්නේ නැහැ.
ඉතින් මේ විදියට ඉගෙනගෙන අර දුෂ්කර දිස්ත්‍රික්කයෙන් විභාගයට විතරක් පෙනී ඉන්නවා. මේ විදියට ඉගෙන ගන්න යවන්න බැරි දුප්පත් ගොවි කම්කරු ජනතාවගේ දරුවොත් යම් සංඛ්‍යාවක් ශිෂ්‍යත්වය සමත්වීම නිසා හෝ පාසල ආසන්නයේ පදිංචිය නිසා හෝ මේ පාසල් වල ඉගෙන ගන්නවා. නැත්නම් ඊටත් ඈත දුෂ්කර පාසල් වල ඉගෙන ගන්නවා. මේ දරුවෝ බොහෝවිට දුෂ්කරතා මැද, හරියට කන්න,අඳින්න නැතුව, හරියට ප්‍රවාහන පහසුකම් නැතුව, ලෙඩට දුකට නිසි ප්‍රතිකාර නැතුව, පොත පත නැතුව, අන්තර්ජාල පහසුකම් නැතුව,ගුරුවරු නැතුව, විදුලිය නැතුව, බොන්න වතුර ටික පවා නැතුව, වන අලි ප්‍රහාර වලට මුහුණ දීගෙන ඉගෙන ගෙන මේ දිස්ත්රික්කයෙන්ම විභාගයට පෙනී ඉන්නවා. ප්‍රතිඵල ලැබෙනවා. කවුද සමත්? කවුද විශ්ව විද්‍යාලයට තේරෙන්නේ? කවුද වෛද්‍ය වරයෙක් ඉංජිනේරුවෙක්, පරිගණක විද්‍යාඥයෙක් වෙන්නේ ? ඉතින් දුෂ්කරතා විඳින දරුවන්ගේ වරප්‍රසාදය බුක්ති විඳින්නේ කවුද ?
ඔන්න මං මගේ ප්රශ්නය ඔබ හමුවේ තැබුවා. මට මේ ගැන පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.
'නිදහස් අධ්‍යාපනයෙන් නැත්තන්ට දී තිබෙන වරප්‍රසාදය භුක්ති විඳින්නෝ ඇත්තෝමය.'

Monday, December 31, 2018
නව වසරක් .....
නව වසරක් .....
ලොව කැරකුණි දවස් ගෙවුණි
හිරුත් සඳුත් විත් හිනැහුණි
ආයෙත් තව අවුරුද්දක්
එන්න එබෙනවා
හිරුට සඳුට අපට හොරා
කාලය යයි ඉගිල්ලිලා
ජීවිත ගමනේ තවලම
තාම ඇදෙනවා
කාලය නුඹ කවුරු වැනි
යන්නේ ඇයි මේ නොපෙනී
ගෙවී ගියපු හැම මොහොතම
මතක පොතේ හීන වුණි
ලොව කැරකුණි දවස් ගෙවුණි
හිරුත් සඳුත් විත් හිනැහුණි
ආයෙත් තව අවුරුද්දක්
එන්න එබෙනවා
හිරුට සඳුට අපට හොරා
කාලය යයි ඉගිල්ලිලා
ජීවිත ගමනේ තවලම
තාම ඇදෙනවා
කාලය නුඹ කවුරු වැනි
යන්නේ ඇයි මේ නොපෙනී
ගෙවී ගියපු හැම මොහොතම
මතක පොතේ හීන වුණි
කාල මගේ එක තැනකදී
හීන පෙලට තිතක් තියා
ඉඩදී අන් අයට යන්න
අපි නවතිනවා
එතෙක් ඉතින් අපි එකතුව
එකිනෙකාට සුබ පතමින්
මේ දින එළඹුණු දවසට
අපි හිනැහෙනවා
Subscribe to:
Posts (Atom)